පසුගිය ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයට මනාප අඩු වූ පළාත් කෙරෙහි වැඩි අවධානයක් යොමු කර මෙවර මහමැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කරනු ලබන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමන්ත විද්‍යාරත්න පවසයි.
ජාතික ජන බලවේගය බලයට පත්වුවහොත් අස්වැසුම කප්පාදු කිරීම, සහන ලබා නොදීම වැනි සාවද්‍ය කරුණු හරහා ග්‍රාමීය ජනතාව බියවැද්දීමෙන් ග්‍රාමීය ඡන්ද අඩු වූ බව විද්‍යාරත්න මහතා පෙන්වා දුන්නේය. එමෙන්ම මෙවර වතුකරයේ හා උතුරු නැඟෙනහිර කෙරෙහිද වැඩි අවධානයක් යොමු කර ප්‍රචාරක මෙහෙයුම් කටයුතු ආරම්භ කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය. දිස්ත්‍රික් මට්ටමින් ප්‍රචාරක රැලිද ඉදිරි සතියේදී ආරම්භ කරනු ලබන බවත් ජනාධිපතිවරණයේදී ලැබුණු පන්නරය මේ වන විට වැඩි වී තිබීම ජාතික ජන බලවේගයට විශාල වාසියක් සේම බලයේ සිටි පක්ෂවලට එය දැඩි අභියෝගයක් බවද ඔහු කීවේය.