982
මෙවර මහමැතිවරණයේදී සමගි ජන බලවේගයේ ප්රචාරක කටයුතු ග්රාමීය මට්ටමින් හා කුඩා රැස්වීම් මට්ටමින් සිදු කරනු ලබන බව එම පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සිළුමිණට කීය. ගම් හා නගර මට්ටමින් ජනතාව දැනුවත් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇතැයි ඒ් මහතා පැවසුවේය.
ප්රසිද්ධ රැස්වීම පැවැත්වීම් සිදු කරන්නේ අවසන් සති දෙක තුළදී බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
ඒ වෙනුවෙන් ඉම්තියාස් බාකිර් මහතාගේ ප්රධානත්වයෙන් කමිටුවක් පත් කර ඇතැයිද ඔහු වැඩිදුරටත් කීවේය. මේ වන විට කුඩා රැස්වීම් ඉතා සාර්ථක වී ඇතැයිද ජනතාවගේ විශාල උනන්දුවක් ඒ කෙරෙහි යොමුව ඇති බවද අත්තනායක මහතා කීවේය.