945
විදුලි උත්පාදනයට ඩීසල් ඉන්ධනයක් ලෙසින් යොදා ගන්නේ අවම ලෙසින් බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. 2024 වර්ෂයේ සැප්තැම්බර් මස 30 වෙනි දිනට ඩීසල් භාවිතයෙන් විදුලිය නිපදවා ඇත්තේ 1.1%ක ප්‍රමාණයක් පමණක් බවත් මණ්ඩලය පවසයි.
වර්තමාන ජනන මිශ්‍රණය සැලකිල්ලට ගනිමින් සහ අනෙකුත් විශාල විදුලි බලාගාරවල බිඳවැටුම් යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතුවලදී පමණක් උපරිම ඉල්ලුම සපුරාලීම සඳහා ඩීසල් බලාගාරවල අවම භාවිතයක් සිදු කරන බව මණ්ඩලය පෙන්වා දෙයි.