Home » ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ ඇරැඹුම

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ ඇරැඹුම

by Mahesh Lakehouse
October 19, 2024 12:31 am 0 comment

හැදෙන හදන රටකට පෙරළියක ඇරඹුම තේමාව යටතේ 2024 පාර්ලිමේන්තු මහමැතිවරණය සඳහා තරග කිරීමට ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නමින් නව දේශාපාලන සන්ධානයක් පසුගිය ඔක්තෝබර් 08 වනදා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී එළිදක්වන ලදී. මෙම සන්ධානය තැපැල් පෙට්ටිය ලකුණින් මෙවර මැතිවරණය සඳහා ඉදිරිපත් වේ.

දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන 10කට අධික සංඛ්‍යාවක් එක්ව සිටින මෙම සන්ධානයේ ප්‍රධාන අපේක්ෂකයා ලෙස එහි සභාපති නීතිවේදී, ආචාර්ය මොහාන් පෙරේරා මහතා මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටී. ජාතික ලැයිස්තු අපේක්ෂයෙක් ලෙස මැතිවරණයට ඉදිරිපත්ව සිටින ඒ මහතා සන්ධානයේ අග්‍රාමාත්‍ය අපේක්ෂකයාද වේ.

මොහාන් පෙරේරා මහතාගේ දැක්ම අනුව මෙම සන්ධානයේ ආර්ථික ප්‍රතිපත්තිය තාක්ෂණයේ නවමු මානයන් සහ කෘත්‍රීම බුද්ධියද උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකාව තුළ සවිමත් ආර්ථිකයක් බිහි කිරීම, ශ්‍රී ලංකාව ලෝක වෙළඳ‍ෙපළේ දකුණු ආසියාතික කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම කිරීම යන අරමුණු ඔස්සේ සකස් කර ඇත.

එම පක්ෂයේ ආරම්භක අවස්ථාව මෙහි දැක්වේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division