එකම පියසක් යටදී සමස්ත ආසියානු කලාපයම ආවරණය වන පරිදි ආසියානු සංස්කෘතිය ව්‍යාපාර අවස්ථා හා සම්බන්ධතා ගොඩනැඟීම අරමුණු කරමින් සිංගප්පූරුවේදී පැවැති “ආසියානු ගම්මානය” උලෙළේ දේශීය සංස්කෘතිය ඔප් නැංවූ අවස්ථාවක් මෙහි දැක්වේ. මෙහිදී ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව හා පිලිපීනය ද සමග ‘සංචාරක හවුල්කරුවන්’ (Tourism Partners) ලෙස එක්විය.
ආසියානු ගම්මානයේ ප්‍රදර්ශන කුටි පවත්වා විවිධ කලා සංස්කෘතික ප්‍රාසංගික ඉදිරිපත් කිරීම් කරමින් ශ්‍රී ලංකාව, ඉන්දියාව, නේපාලය, ඉන්දුනීසියාව, සිංගප්පූරුව හා පිලිපීනය යන රටවල් මෙම උලෙළ නියෝජනය කළ අතර. මෙම උලෙළ නැරඹීම සදහා එම දින කිහිපයේ එහි පැමිණි පිරිස 20,000 ඉක්මවීය. උලෙළේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වූ සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් සෙනරත් දිසානායක උලෙළේ ප්‍රධාන සංවිධායක අබ්දුල් මලික් මහතා සමග එක්ව ප්‍රදර්ශනය විවෘත කළේය.