විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වළක්වාලීම සඳහා අධ්‍යාපන විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය, කොළඹ ක්‍රමය හා ඩයලොක් ඇක්සියාටා පුද්ගලික සමාගම එක්ව 2024 වසරේ පාසල් සිසුන් සහ යොවුන් ප්‍රජාව සඳහා චිත්‍ර හා සජීවීකරණ වීඩියෝ තරගාවලියක් සංවිධානය කර ඇත.
මත්ද්‍රව්‍යවලින් තොර දීප්තිමත් අනාගතයක් සඳහා ළමුන් සහ තරුණ පරපුර බලගැන්වීම තේමාව යටතේ කාණ්ඩ කිහිපයක් යටතේ මේ තරගාවලිය පැවැත්වෙන අතර පළමු කාණ්ඩයේ චිත්‍ර තරගාවලිය 6 සිට 8 ශ්‍රේණි දක්වාද දෙවන කාණ්ඩය 9 සිට 11 ශ්‍රේණි දක්වාද පැවැත්වේ.
සජීවීකරණ වීඩියෝ පළමු කාණ්ඩය 10 සිට 13 ශ්‍රේණි ද දෙවන කාණ්ඩය අවු: 19 සිට 30 දක්වා අය වෙනුවෙන්ද පැවැත්වේ. ජයග්‍රාහකයින් සඳහා රු. 20,000 සිට රු. 200,000 දක්වා වටිනා ත්‍යාග, සහතිකපත් පිරි නැමේ. නිර්මාණ භාරගන්නා අවසන් දිනය මේ මස 31 දිනවේ. තරග නීතිරීති සඳහා nddcb.gov.lk වෙබ්අඩවියට පිවිසෙන්න. විදත් තැපැල් ලිපිනය taskforceantinarcotics@gmail.com