ශ්‍රී ලාංකේය සිනමාවට පාසල් සිසුන්ගේම පමණක් නිර්මාණාත්මක දායකත්වයෙන් දායාද වන පළමු සිංහල චිත්‍රපටය “රොකට්”. පළමු වතාවටයි පාසල් දරුවන් නිෂ්පාදනය කළ සිංහල දිගු චිත්‍රපටයක් මෙරට සිනමාශාලාවල තිරගත වීමට නියමිතව ඇත්තේ. මෙම චිත්‍රපටය නිර්මාණය කර ඇත්තේ රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්යයාවනුයි. ඒ ගැන කතා බහ කිරීමට රසඳුන සමඟ එක් වුණේ වර්තමානයේ රත්නපුර කුමර විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනි රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ නාට්‍ය හා රංගකලාව මෙන්ම නර්තන ආචාර්ය සකුන්තලා මුණසිංහ ගුරුතුමිය.
මොකක් ද මේ රොකට් කියන්නෙ?
ලංකාවේ ප්‍රථමවරට සියට සියයක් එකම පාසලක සිසුන් පිරිසකගේ නිර්මාණ දායකත්වයෙන් පමණක් බිහි වූ ප්‍රථම සිංහල දිගු චිත්‍රපටය.
කවුද මේ රොකට් ෆිල්ම් එක හදන්න මූලික වුණේ?
රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ නර්තන, නාටා හා රංගකලාව විෂය භාර ගුරුතුමිය කලා විෂය හදාරන දරුවන් පිරිසකගේ මූලිකත්වයෙන් පාසලේ විද්‍යා, ගණිත, තාක්ෂණ යන අනෙකුත් අංශවල දරුවනුත් එකතු කරගෙන.
00කණ්ඩායමේ සාමාජිකයන් මතක් කළොත්?
ගොඩාක් ඉන්නවා, කලා, වාණිජ, විද්‍යා, ගණිත, තාක්ෂණ, 6-11 ශ්‍රේණි සිසුන්. අධ්‍යක්ෂණය – දෙනුවන් සමරසිංහ, සහය අධ්‍යක්ෂණය – නදිර නදිශාන් කැමරා අධ්‍යක්ෂණය – රුක්ශාන් සංජය, අංග රචනයය සහ කොණ්ඩා සැකසුම – ලෙව්වන්දි බිම්නාර, රංග රචනය – නදිර නදිශාන්, හඬ කැවීම් අධ්‍යක්ෂණය – තරුෂ දිල්හාර, සංස්කරණය – දෙනුවන් සමරසිංහ, සහය සංස්කරණය – පුර්ණ ලේකම්ගේ, නදුන් දර්ශන, වර්ණ සංයෝජනය – පූර්ණ ලේකම්ගේ, ඇඳුම් නිර්මාණය – විශ්වනී අංජානා. සංගීත අධ්‍යක්ෂණය චන්දිප පතිරණ නයනක ප්‍රේමවර්ධන (සහාය)
මීට පෙර කෙටි සිනමා නිර්මාණ කරලා තියෙනවද?
ඔව්, පාසල තුළම මෙම දිගු චිත්‍රපටය සිදුකල දරුවන් විසින් ” සේයා ” නැමති කෙටි චිත්‍රපටයක් නිර්මාණය කර තිබෙනවා.
මෙහි රඟපාන්නෙත් පාසලේ ළමුන් සහ ගුරුවරු පමණද?
නැහැ, මෙම විශාල සිනමා නිර්මාණය සඳහා පාසලේ විදුහල්පති, පාසල් ළමුන්, ගුරුවරු, අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින්, ආදි සිසුන්, පාසලේ සිටින කම්කරුවන් ආදී සියලුම සිවිල් ප්‍රජාව මෙහි රංගනයෙන් දායකත්වය ලබා දී තිබෙනවා .
කොහොමද මේ හරහා ලැබුණ අත්දැකීම?
ලොකු වටිනා අත්දැකීම් රාශියක් පොදුවෙ අප සියලු දෙනාට ලැබුණා. ඒවයින් සාමූහිකත්වය, වගකීම, කැපවීම, දරා ගැනීම, ක්ෂණික තීරණ ගැනීම ආදී දත්දැකීම් මූලිකත්වය ගන්නවා .
චිත්‍රපටය කරද්දී ආව අභියෝග මොනවද?
මෙම සිනමා නිර්මාණය සිදු කිරීමෙදී අපට පැමිණි අභියෝග ලෙස අවම පහසුකම් යටතේ ගුණාත්මක බවින් ඉහළ නිර්මාණයක් කරන්නේ කොහොමද යන්න පිළිබඳ ගැටලු මුදල් ප්‍රතිපාදන නොමැතිවීම, උපකරණවල හිඟය චිත්‍රපට සම්බන්ධ ප්‍රායෝගික දැනුම අවම වීම, පරිගණක උපකරණවල හදිසි බිඳ වැටීම් රංගනයේ යෙදුන නළු නිළියන් 3 ක් හඬ කැවීම්වලට පෙර විදේශගත වීම, පළපුරුදු නළුනිළියන් නොවීම, භාණ්ඩ ප්‍රවාහ, ගමනා ගමන අපහසුතා
කොහොමද ඒ අභියෝග ජයගත්තේ?
පාසල තුළ කුඩා ව්‍යාපෘති කිරීමෙන් මුදල් සපයා ගැනීම (අයිස්ක්රීම්පොළ, කාර් සේදීම) දෙමාපිය, ආදි සිසුන්, පරිත්‍යාගශීලීන්ගේ උදව් උපකාර ලැබීම. චිත්‍රපටය ජාතික චිත්‍රපට සංස්ථාවේ අනුමත කිරීමට ක්ෂේත්රයේ ප්‍රවීණයින්ගෙන් උදව් ලැබීම.
කොච්චර කාලයක් තිරගත වෙනවද?
තිරගත කළ හැකි උපරිම දින ගණනක් අවම මාස 6 ක්
තිරගත වන සිනමාශාලා මොනවද?
දිවයිනේ සියලු සිනමා ශාලාවල
මේ වැඩේ සාර්ථක කර ගන්න උදව් කළ අය ඇති?
රතන්පුර සීවලී මධ්‍ය විදයාලයේ හිටපු විදුහල්පතිතුමා නීල් ධම්මික වතුකාරවත්ත. තිස්ස නාගොඩ විතාන පදනමේ විධායක නිෂ්පාදක රොෂාන් සංජේ හේරත් මහතා, නියෝජ්‍ය විදුහල්පතිවරු, ගුරුවරු, අනධ්‍යයන කාර්ය මණ්ඩලය, ආදි සිසුන්, ගුරුවරු, ආදි ගුරුවරු, දෙමාපියන්, සිසුන්, ප්‍රදේශයේ ව්‍යාපාරිකයින්, පරිත්‍යාගශීලීන්, දිවයිනේ සිනමා ශාලා. ජාතික චිත්‍රපට සංස්ථාව, රැඟුම් පාලක මණ්ඩලය, පොලිස් දෙපාර්තමේන්තුව, නගර සභා, පළාත් සභා, ප්‍රාදේශීය සභා, අවට පාසල්, අධ්‍යාපන අමාත්‍යාංශය, තව ගොඩක් අය.
කවුද මේ සඳහා වියදම් කළේ?
Entertainment PLUS-MA ආයතනය
අනුෂා රණසිංහ