සුභාෂණ කුරුගලගේ විසින් නිර්මාණය කරන ලද ‘පාට තුනයි එකම මලයි‘,‘වැට අද්දර වේදිකාව, ‘ඇහැළ මලයි පිට්ටනියයි‘ යන ළමා නාට්‍ය ත්‍රිත්වය ‘හීන තුනේ කතන්දරය’ නමින් ප්‍රසංගයක් ලෙසින් වේදිකාගත වීම සහ ළමා නාට්‍ය ග්රන්ථයක් ලෙසින් එළිදැක්වීම මෙම 24 වැනිදා සවස 5.00ට එල්ෆින්ස්ටන් රඟහලේ දී පැවැත්වේ.
2013 වර්ෂයේ රාජ්‍ය ළමා නාට්‍ය උලෙළේ හොඳම රචනය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නළුවා, හොඳම සහාය නළුවා ඇතුළු සම්මාන රැසක් දිනාගත් ‘පාට තුනයි එකම මලයි‘ නාට්‍යය සහ 2016 වර්ෂයේ රාජ්‍ය ළමා නාට්‍ය උලෙළේ සීමිත අංශයේ දී හොඳම රචනය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නළුවා, හොඳම සහාය නළුවා, හොඳම වේදිකා අලංකරණය, හොඳම අංග රචනය, හොඳම රංග වස්ත්‍ර, හොඳම රංග වින්‍යාසය ආදී සම්මාන රැසක් දිනාගත් ‘වැට අද්දර වේදිකාව‘ නාට්‍යය මෙන්ම 2016 වර්ෂයේම රාජ්‍ය නාට්‍ය උලෙළේ විවෘත අංශයෙන් හොඳම නළුවා, හොඳම රචනය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම රංග භූමි අලංකරණය, හොඳම රංග වින්‍යාසය ඇතුළු සම්මාන රැසක් දිනාගත් ‘ඇහැළ මලයි පිට්ටනියයි‘ යන ළමා නාට්‍ය ත්‍රිත්වය මෙෙස් ‘හීන තුනේ කතන්දරය’ නමින් ප්‍රසංගයක් ලෙස වේදිකාගත කෙරේ. එම නාට්‍ය ත්‍රිත්වයම ‘හීන තුනේ කතන්දරය‘ නමින් ළමා නාට්‍ය ග්රන්ථයක් ලෙස එළිදැක්වීම ද එදිනම සිදුකිරීමට නියමිතය.