පාරිසරික තිරසරත්වය පෙරදැරි කරගෙන ශ්‍රී ලාංකික භූමියෙන් ප්ලාස්ටික් භාවිතය තුරන් කිරීමෙහිලා Zeroplastic Trail 2024 ව්‍යාපෘතිය දියත් වන්නේ මේ මස 26 වැනිදාය. ගාලු නගරයේ මූලික වැඩ සටහනට සමඟාමීව ලංකාව පුරා ස්ථාන 1000කදී මේ වැඩ සටහන ස්වේච්ඡාවෙන් සිදු කරන්නේ ලංකාවේ ජාතික විශ්වවිද්‍යාල සහ පෞද්ගලික විශ්වවිද්‍යාල පද්ධතියේ 11,000 කට අධික සිසු සහභාගිත්වයෙනි. එපමණක් නොව පරිසර හිතකාමින් දස දහස් ගණනක් ඊට සහභාගි වීමට නියමිතය.
පරිසර සංරක්ෂණය මුඛ්‍ය පරමාර්ථය කරගෙන ලෝක සංචාරක දිනය හා ලෝක පිරිසිදු කිරීමේ දින සිහිපත් කරමින් Zeroplastic Trail 2024 සිදු කරන්නේ පිරිසුදු ශ්‍රී ලංකාවක්, සුන්දර රටක් ලොවට විවර කිරීමේ අරමුණිනි. එසේම පරිසරයට ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍ය මුදා හැරීමෙන් වන හානියෙන් පීඩා විඳින වනජීවි ප්‍රජාව රැකගෙන සියයට සියයකින් ප්ලාස්ටික්වලින් තොර ශ්‍රී ලංකාවක් ගොඩ නැඟීම මේ ව්‍යාපාතියේ අරමුණය.
Zerop lastic Trail 2024 මුලින්ම ආරම්භ වූයේ පසුගිය වසරේදී සීගිරිය ඇතුළු ස්ථාන 40කදීය. මෙම කටයුතු සිදු කරන්නට විශ්වවිද්‍යාල මට්ටමින් Zeroplastic club 15ක් පිහිටුවා ඇත්තේ සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය මෙන්ම පෞද්ගලික විශ්වවිද්‍යාල පද්ධතියේද මූලිකත්වය ඇතිවය. මෙම එක්දින ව්‍යාපෘතිය සිදු වන්නේ මෙම විශ්වවිද්‍යාල පද්ධතීන් තුළ ගොඩනඟා ඇති Zeroplastic clubවල මූලිකත්වයෙනි. මෙම Zeroplastic ජාතික වැඩ සටහනේ විශ්වවිද්‍යාල මට්ටමින් ස්වේච්ඡා දායකයන් 11,000ක් සිටින අතර මෙම වැඩ සටහනේ නිර්මාතෘ වන්නේ නිශ්ශංක ද සිල්වාය. විශ්වවිද්‍යාල හැරුණු කොට මෙම ව්‍යාපෘතියට රජයේ හා පෞද්ගලික ආයතන, පාසල්, දහම් පාසල්, පොලිසිය, දුම්රිය දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන රාශියකගේ එකතුවෙන් මෙම ව්‍යාපාතිය දියත් වූ අතර, එළැඹෙන 26 වැනිදා ද මෙම ව්‍යාපෘතිය දිප ව්‍යාප්තව සිදු වන්නේ එවැනිම වූ දස දහස් ගණනකගේ සහභාගිත්වයෙනි.
ඔක්තෝබර් 26 වැනිදා Zeroplastic Trail 2024 දිනයයි. ඒ වෙනුවෙන් මේ පරිසර හිතකාමීන් මේ වන විටත් සූදානමින් සිටින්නේ පිරිසිදු ශ්‍රී ලංකාවක් ඇති කිරීමටය. ගාල්ල නගරය කේන්ද්‍රකර ගනිමින් ලංකාව පුරා නගර 1000 කට ආසන්න තෝරාගත් සංචාරක ප්‍රදේශ ගණනාවකදී මෙම ස්වේච්ඡා දායකයන්ගේ සුරතින් පිරිසුදු කිරීම සිදු කෙරෙයි. ඒ සමඟම දැනුම්වත් කිරීම් ද සිදු කෙරෙන අතර මීට සහභාගි වන විශ්වවිද්‍යාල සිසුන් විසින් රටට අගනා පණිවිඩයක් ද ලබා දීමට නියමිතය. ඒ, ප්ලාස්ටික් භාවිතය සම්බන්ධයෙන් මහජනතාවට සහ අදාළ ආයතනවලට ඇති වගකීම අවබෝධ කර දෙමිනි.
සංචාරකයන් ද මේ වැඩ සටහනට සම්බන්ධ වන්නේ ඔවුන් අපේක්ෂා කළ සුන්දර ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමේ සත්කාරයයට දායක වෙමිනි. වන සතුන් මුහුදු ජීවින් ඇතුළු සත්ත්ව ප්‍රජාව ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍ය භාවිතයෙන් සිදු වන හානිය අවම කිරීම ද මේ හරහා අරමුණු වෙයි. මන්ද මේ වන විට ලංකාවේ වනජීවි ප්‍රජාවට මේ ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍ය නිසා වන හානිය සුවිශාලය. දිනෙන් දින ප්ලාස්ටික් නිසාවෙන් මියැදෙන වන සතුන්ගේ ජීවිත ආරක්ෂා කරන්නටත් මෙමඟින් ඉඩහසර වෙන් කර ඇත.
Zeroplastic Trail 2024 යනු මිහිකත, හරිත උයනක් කරන්නට වෙර දරන මුල් අඩිතාලම වේ. එනිසා ජාති, ආගම්, කුල භේදවලින් තොර සැවොම එක්ව ප්ලාස්ටික් උවදුර දුරලන්නට දායකත්වය ලබා දෙන්නට සහ තිරසරත්වයේ හරිත පණිවුඩය අනාගත පරම්පරාවටම ලබා දීම සඳහා ඔබටත් එක්වන්නට දොරටු විවෘතය. අපි සැවොම එක්වී අපගේ මිහි මව රැක ගැනීම ඔවුන්ගේ බලාපොරොත්තුවය.