Home » තුර්කියේ ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටියක්

තුර්කියේ ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටියක්

by Mahesh Lakehouse
October 19, 2024 12:30 am 0 comment

තුර්කියේ අන්කාරා නුවර බිල්කන්ට් විශ්වවිද්‍යාලයේදී පසුගියදා පවත්වන ලද ජාත්‍යන්තර දිනයේදී එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් මෙරට සංචාරක ව්‍යාපාරය නංවාලීමේ අදහසින් සංචාරක කුටියක් පවත්වන ලදී. මෙම උත්සවය සඳහා විද්වතුන් සහ සිසුන් 1,000කට අධික සංඛ්‍යාවක් ඇතුළුව විවිධ ප්‍රේක්ෂක පිරිසක් සහභාගි වූහ.

ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශන කුටිය, මෙරට විවිධ සාම්ප්‍රදායික සහ සංස්කෘතික ශ්‍රී ලාංකේය අයිතමයන්ගෙන් සමන්විත විය. ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ප්‍රදර්ශන කුටියෙන් පිරිනමන පිරිසිදු ලංකා තේ, කොත්තු රොටි සහ කොකිස් සඳහා ඉහළ ඉල්ලුමක් තිබිණි . ශ්‍රී ලාංකේය සාම්ප්‍රදායික ඇඳුමින් සැරසීමට ඇති අවස්ථාවද බොහෝ දෙනා ප්‍රදර්ශන කුටිය වෙත ඇදී ඒමට හේතු විය.

මෙම උත්සවයට තවත් රටවල් 15ක සහභාගිත්වය ලැබී තිබිණි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division