Home » අශේන්ගේ පෙත්සම සුප්‍රීම් උසාවිය විසිකරයි

අශේන්ගේ පෙත්සම සුප්‍රීම් උසාවිය විසිකරයි

by yasara
October 23, 2024 4:25 pm 0 comment

එළැඹෙන මහමැතිවරණයට තරග කිරීම සඳහා තමා ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට ජාතික මැතිවරණ කොමිසම ගත් තීරණය අභියෝගයට ලක්කරමින් යූටියුබ්කරුවකු වන අශේන් සේනාරත්න ගොනුකළ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය අද(23) ප්‍රතික්ෂේප කළේය.

කොළඹ දිස්ත්‍රික්කයෙන් අශේන් සේනාරත්නගේ ස්වාධීන කණ්ඩායමේ නාමයෝජනා ලැයිස්තුව ජාතික මැතිවරණ කොමිසම මීට පෙර ප්‍රතික්ෂේප කර තිබිණි.

එම නාමයෝජනා පත්‍ර අනවසර පුද්ගලයකු විසින් ඉදිරිපත් කර ඇති බව පවසමින් කොමිසම එම කණ්ඩායම නුසුදුස්සකු කරන ලදී.

එකල සමාජ මාධ්‍යවල පළකරන ලද වීඩියෝවක අශේන් සේනාරත්න කලකිරීම ප්‍රකාශ කරමින්, තමා එම පරිශ්‍රයට පැමිණ සිටි නමුත් එළිමහනේ රැඳී සිටින ලෙස ඉල්ලා සිටි බවත්, එමනිසා වෙනත් අපේක්ෂකයෙකු ලිපි ලේඛන ඉදිරිපත් කිරීමට කටයුතු කළ බවත් සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මැතිවරණ කොමිෂන් සභාව කියාසිටියේ නාමයෝජනා භාරදිය යුත්තේ නිශ්චිත පුද්ගලයන් විසින් බවත්, මෙම රීතිය පිළිපැදීමට අපොහොසත් වීම නුසුදුස්සකු වීමට හේතු වන බවත්ය.

ඉන් අනතුරුව අශේන් සේනාරත්න මැතිවරණ කොමිසමේ තීන්දුවට එරෙහිව පසුගිය සතියේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනුකළේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division