පසුගිය ඔක්තෝබර් 20 වැනිදාට යෙදුණු අන්තර්ජාතික සූපවේදී දිනය Sun Siyam Pasikudah හෝටලයේදී මහත් උත්සවශ්‍රීයෙන් සමරනු ලැබීය. අනාගතය වෙනුවෙන් සෞඛ්‍යමත් ආහාර යන තේමාව මුල් කරගත් මෙවර අන්තර්ජාතික සූපවේදී දිනයේදී ශාරීරික යහපැවැත්ම වෙනුවෙන් නැවුම් සහ සෞඛ්‍යසම්පන්න ආහාර අමුද්‍රව්‍ය භාවිත කිරීමේ වැදගත්කම අවධාරණය කෙරිණි.
මීට සමගාමීව විශේෂ කේක් මිශ්‍ර කිරීමේ අවස්ථාවක් ද සංවිධාන කර තිබුණු අතර හෝටලයේ නවාතැන් ගෙන සිටි සංචාරකයින් ද ඊට සහභාගි කරවා ගැනීම කැපීපෙනුණි. එහිදී වියළි පලතුරු කුළුබඩු, මද්‍යසාර වර්ග ආදිය මුසු කරමින් කේක් මිශ්‍රණ සැකසීමේ මෙම අවස්ථාව සංචාරකයින්ට විශාල විනෝදයක් ගෙන ඒමට සමත් විය. අන්තර්ජාතික සූපවේදී දිනය සැමරීමේදී අපගේ සූපවේදීන් සතු කැපවීමත්, ශ්‍රී ලාංකික ආහාරපාන උරුමයේ සාරවත් බවත් සමරනු ලබනවා..” යනුවෙන් Sun Siyam Pasikudah හෝටලයේ සාමාන්‍යාධිකාරි අර්ෂාඩ් රෙෆායි පැවසී ය.