ජෛව විවිධත්වය පිළිබඳව වන සම්මුතිය සඳහා වු පාර්ශ්වයන්ගේ 16 වැනි සමුළුව (CBD COP 16), පසුගිය දා කොලොම්බියාවේ කැලි නගරයේදී පැවැත්විණි.
එම සමුළුවේ සමාරම්භක දිනයේදී Greenpeace South Asia සංවිධානය “In Hotter Water: How the Global Ocean Treaty can boost climate action” මැයෙන් වූ නවතම වාර්තාව ඉදිරිපත් කරනු ලැබීය. එය, දේශගුණික අර්බුදයේ විනාශකාරි බලපෑම, සාගර ජීවීන්ට මෙන්ම වෙරළබඩ ප්‍රජාවන්ට සහ අවසානයේ ආර්ථිකයට බලපාන ආකාරය මෙන්ම ඒ සම්බන්ධ අනාගත විසඳුම්ද ප්‍රබල ලෙසින් දැක්වෙන වාර්තාවකි.
ඉකුත් වසර පහක කාලය තිස්සේ, සාගර උෂ්ණත්වයෙහි සැලකිය යුතු වැඩිවීම ද ඇතුළුව, කාරණා ගණනාවක් සම්බන්ධයෙන් විද්‍යාත්මක අධ්‍යයනයන් මඟින් හෙළි වූ කරුණු මෙම වාර්තාවට ඇතුළත් කර තිබේ.