958
කර්මාන්ත අමාත්‍යාංශය සහ ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය විසින් ජාතික මට්ටමේ අතිවිශාල ආදායම් කාණ්ඩය යටතේ නිෂ්පාදන අංශයේ රන් සම්මානය 2024 වර්ෂයේ දී රාජ්‍ය දැව සංස්ථාව දිනා ඇත. රාජ්‍ය දැව සංස්ථාව රු.මි. 1,200ක ලාභයක් උපයා ගැනීම සම්මානය ලැබීමට ප්‍රධාන සාධකය විය හැකි බවට එහි ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය නිමල් රුවන්පතිරණ සඳහන් කළ අතර, රාජ්‍ය ආයතනවලට ද රන් සම්මාන ලබා ගැනීමට හැකි වන ආකාරයට ව්‍යාපාර කළ හැකි බව මෙම සම්මානය ඔප්පු කර ඇතැයි ඔහු සඳහන් කළේය.