Home » NDB WriztPay නවෝත්පාදන විශිෂ්ටතා සම්මානය දිනා ගනී

NDB WriztPay නවෝත්පාදන විශිෂ්ටතා සම්මානය දිනා ගනී

by Mahesh Lakehouse
October 26, 2024 12:30 am 0 comment

NDB බැංකුව සිය පෙරළිකාර හඳුන්වාදීම වන NDB WriztPay වෙනුවෙන් එක්සත් රාජධානියේ ග්ලෝබල් බෑංකින් ඇන්ඩ් ෆයිනෑන්ස් සම්මාන 2024 (Global Banking and Finance Awards 2024 හිදී ගෙවීම් සඳහා නවෝත්පාදන විශිෂ්ටත්ව සම්මානය දිනාගත් බව සාඩම්බරයෙන් නිවේදනය කර සිටියි.

2011 වසරේ ආරම්භයේ සිට, ග්ලෝබල් බෑංකින් ඇන්ඩ් ෆිනෑන්ස් සම්මාන උලෙළ ජාත්‍යන්තර වශයෙන් මූල්‍ය අංශය තුළ නවෝත්පාදන සහ මූල්‍ය විශිෂ්ටත්වය ඇගැයීමට ලක් කෙරිණි. විවිධ අංශ හරහා මූල්‍ය විශේෂඥතාව සහ අනාගත දැක්මක් සහිත උපායමාර්ග විදහා දක්වන මෙම සම්මානය පිළිබඳ අදහස් දක්වමින් NDB ප්‍රධාන විධායක නිලධාරී කැලුම් එදිරිසිංහ ප්‍රකාශ කළේ, ‘‘අපගේ ගෙවීම් සඳහා වූ නව්‍ය හඳුන්වා දීම වෙනුවෙන් ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක්වීම ඉමහත් ගෞරවයක් බවයි. NDB WriztPay අපගේ ගනුදෙනුකරුවන්ට නවතම අත්දැකීම් ලබා දෙමින් ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීම අපගේ බලාපොරොත්තුවයි. මෙම විසඳුම, පහසුව පමණක් නොව තාක්ෂණික දියුණුවත් පිළිබිඹු වන අතර අපට හිමි වූ සම්මානය නවෝත්පාදනය සඳහා අපගේ කැපවීම පිළිබඳ කදිම සාක්ෂියක් වේ…’’ යනුවෙනි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division