Home » නව මාන­ය­කට කවිය ගෙන එන සමු­දුර අසා සිටී

නව මාන­ය­කට කවිය ගෙන එන සමු­දුර අසා සිටී

by Mahesh Lakehouse
October 26, 2024 12:30 am 0 comment

කර්තෘ : බුද්ධ­දාස ගල­ප්පත්ති
ප්‍රකා­ශ­නය- සර­සවි ප්‍රකා­ශ­කයෝ

ගල­ප්පත්ති කොතැ­න ද කවිය එතැ­නය. කවිය කොතැ­න ද ගල­ප්පත්ති එතැ­නය. බුද්ධ­දාස ගල­ප්පත්ති ඒ තර­මට නූතන සිංහල කවිය සමඟ බැඳී සිටී. “පාර වසා ඇත”, “කැට­පත් පවුර”, “රැජ­නක් හැඬු­වාය”, “දෙදෙ­නාම දිය­ණියෝ” දිවි නිමා­ව­න­තුරු අපේ මත­ක­යෙන් අම­ත­කව මැකී නොයන කාව්‍ය ග්‍රන්ථ නාමයි. “සමු­දුර අසා සිටී” මොහුගේ දහ­තු­න්වැනි කාව්‍ය සංග්‍ර­හ­යයි. මෙය මොහුගේ දොළො­ස්වැනි කවි එක­තුව වන “ගිරි හිස සිට” කෘතිය පරයා නැඟී සිටින බව අම­ත­ක­වී­මට පෙර ලියා තබමි.

පෙර දවස විරෝ­ධා­කල්ප නිර්මා­ණ­යට බෙහෙ­වින් රුචි­යක් දැක්වූ අප රච­කයා නව­තම කාව්‍ය සංග්‍ර­හ­යේදී අලුත් වස්තු විෂ­ය­යන් ගවේ­ෂ­ණ­යට ප්‍රෝත්සාහී වී ඇති බව බැලු බැල්මට පෙනෙන ලක්ෂ­ණ­යකි. “පුදු­මයි ඒත් ඇත්තයි”, “අරු­මැසි දසු­නකි”, “ඩිලි­වරි බෝයි” ඊට පැහැ­දිලි නිද­සුන් ත්‍රිත්ව­යකි. ප්‍රති­භා­ස­ම්පන්න නිර්මා­ණ­කා­ර­කයා වෙත නිර්මාණ දිවියේ හායන පක්ෂ­යක් ළඟා වේද? නොවේ ද? බුද්ධ­දාස ගල­ප්පත්ති තව­මත් යොවුන් ප්‍රේමය පාදක කර ගත් කාව්‍ය නිර්මාණ නොප­සු­බ­ටව බිහි කරයි.

සිනමා පට­යක් වින්ද­න­යට ගිය රච­ක­යාට අපූරු පෙම් යුව­ළක් මුණ­ගැ­සෙයි. ඔවුන්ගේ සුවි­ශේ­ෂ­ත්වය කවියා මෙසේ පාඨ­කයා හමුවේ තබයි.

“පෙම්ව­තාට තුරු­ලුව
තිරයේ දිසෙන රූපා­ව­ලිය
එකින් එක
තෝරා දෙන පහදා දෙන‍
­පෙ­ම්ව­ති­යක් දුටිමි
අඳු­රම පිරි සිනමාහලයි”

මේ විප­ර්යා­සය කුම­ක්දැයි කවියා විමසා බලයි. ඔහු සිත මේ හිරි­හැ­ර­යෙන් කෝප­යට පත්වුණා විය හැකිය.

“කළු පැහැ උපැස් යුව­ළකි
ඔහු නෙත් වැසුණු
එසේ විය හැකි­දැයි
…………
…………
ආද­ර­යෙහි විස්මිත හැඩය
හඳු­නා­ගත නොහැ­කි­ව ද මා හට
පෙම්වතා අත රැඳුණු
සුදු සැර­ය­ටිය
නොපෙ­නු­ණි ද මා හට”

රච­කයා තමා­ටම දොස් නඟා ගනී. මෙය කෙත­රම් වෙනස් නිර්මා­ණ­යක් ද? අත්දැ­කී­ම­කින් තොර මන­සින් මැවී­මක් ද? එසේ විය නොහැ­කිය. කෙසේ වුවත් මුළු නිර්මාණ සංග්‍ර­හ­යෙහි නිර්මාණ සියල්ල අත­රින් මෙය පළ­මුව අප සිත සසල කළේය. උත්පා­දක ශක්තියේ මහි­මය මෙය නොවේ ද?

සම්බා­හන මධ්‍ය­ස්ථා­න­වල සේව­යෙහි නිමග්න වන්නියෝ සතුට දනිද් ද? දිවි සරි කර ගැනීම උදෙසා පීඩ­නය උසුලා සිටි­න්නියෝ නොවෙත් ද? එවන් අවා­ස­නා­ව­න්ති­ය­කට සැබෑ මිනි­සෙක් දෙනෙත ඉදි­රියේ පෙනී සිටීම කොත­රම් සතු­ටක් ළඟා කර­න්නක් වේද? “පුදු­මයි ඒත් ඇත්තයි” නිර්මා­ණ­යෙන් එය සූචි­තය.

මහ­න්සියි කියා මා කිව් කල ඔහුට
නිදා­ගන්න කීවා ළංවී කනට
කෙ‍ෙල­සක එබස් අද­හ­න්නෙද සිතුණි මට
සත්තයි නිද­න්නට ඉඩ හැරියේ සුව

මෙය රච­කයාගේ උත්පා­දක ශක්තිය, බන්ධන චාතු­ර්යය, රසා­වේ­ෂණ ශක්තිය මැන­වින් විද්‍ය­මාන වන අව­ස්ථා­වක් ලෙස මෙය හඳු­න්වා­දී­මට අපි කිසි­සේත් පසු­බට නොවෙමු. අනූ­පම කරුණා රස­ය­කින් හද වෙලී ගියේය. නර රකු­සන් අතර, උතුම් මනු­ෂ්‍යයෝ විර­ලව හෝ ගැව­සෙති. කවියා අපට ජීවි­ත­යට ආද­රය කර­න්නට මං පෙත පාදා දෙයි. උත්තම නිර්මා­ණ­ය­කින්, උත්තම නිර්මා­ණ­කා­ර­ක­ය­කු­ගෙන් අප අපේක්ෂා කරන්නේ එය නොවේ ද? නිර්මා­ණ­කා­ර­කයා පාඨ­ක­යාට ඉදි­රි­යෙන් සිටින බව තහ­වුරු කරන කදිම අව­ස්ථා­ව­කට නිද­සු­නකි.

වස්තුවිෂය අතින් නැවුම් වූ “ඩිලි­වරි බෝයි” නම් රච­න­යෙන් ඉසි­යුම් බැඳී­මක් සමඟ යතුරු පැදි­යක නැඟී ආහාර රැගෙන මහ මඟ වේග­යෙන් ගමන් කරන තරු­ණ­යෙ­කුගේ දුඃඛිතභාව­යෙන් බිඳක් ද මූර්ති­මත් කෙරේ.

“තුර­ඟෙකු පිට නැගි අස­රු­වෙකි
අධි වේග­යෙනි ගමන ඔහුගේ
ඔන්ල­යින් ඩිලි­ව­රිය පමා වුව­හොත්….

නිර්මා­ණ­කා­ර­ක­යකු ලෙසින් බුද්ධ­දාස ගල­ප්ප­ත්තිගේ විම­ර්ශ­න­ශීලී බව, අලුත් යමක්, අලුත් වච­න­ව­ලින් පාඨ­ක­යාට පිරි­නැ­මීමේ වුව­ම­නාව මේ පද්‍ය රච­න­යෙන් හොඳින්ම තහ­වුරු වෙයි. එහිදි විරි­තක් කෙසේ වෙතත් කිසි­යම් ධ්වනි­යක් ජන­නය කළේ නම්, තවත් සිත්ගන්නා සුලු බව කවි­යට සම­ව­දිනු ඇත යන්න අපේ හැඟී­මයි.

“නූතන මේවර සෙල්ලම, අර­ගල බිම සිට, SPA යුව­ති­යගේ පාපො­ච්චා­ර­ණය, සක්කිලි වත්තේ රාජා, ප්‍රාථ­මි­ක­යට ආ ඉංග්‍රීසි ගුරු­තුමී“ සංකීර්ණ සමාජ ප්‍රශ්න විව­ර­ණ­යට අප කවියා කෙදි­නත් දක්වන කුස­ල­තා­වට අගනා නිද­සුන් වෙයි. ඇති නැති පර­ත­රය හේතු­කො­ට­ගෙන පැන නඟින සමාජ ප්‍රශ්න ශක්ති ප්‍රමා­ණ­යෙන් විව­ර­ණ­යට දක්වන රුචි­යම ගල­ප්පත්ති කවි­යකු ලෙස කර­ළි­යට ඒමට හේතු වූ බව ඉතා පැහැ­දිලි කරු­ණකි.

පළමු සාමූ­හික ප්‍රය­ත්න­යෙන් පසු “කැට­පත් පවුර” කාව්‍ය සංග්‍ර­හ­යෙන් ඉදි­රි­පත් කළ සංක්ෂිප්ත කාව්‍ය තව­මත් පාඨක සිත්වල පැල­ප­දි­යම්ව ඇති බව නිසැ­කය. “සමු­දුර අසා සිටී” කාව්‍ය සංග්‍ර­හ­යෙහි ද එවන් නිර්මාණ ගණ­නා­වක් අපට හමු­වෙයි.

පෙති විදා ගත්
වික­සිත කුසුම මම
ඔබ බඹ­රිඳු
රොන් උර­නට ඇවිත්…
(සිපිරි ගෙදර)
“මේ ගැජු­ම‍
­වැහි බිංදු­වක්
නොහෙ­ළන”
(ඈ)

මේවා විඳීම වින්ද­නය හිමි ඔබට භාර කරමු.
අව­සාන වශ­යෙන් අපි මෙසේ පව­සමු. “සමු­දුර අසා සිටී” කෘති­යෙන් බුද්ධ­දාස ගල­ප්පත්ති නන්ද­න­ටත්, රණ­වී­ටත් වෙනස් තැන­කට කවිය කැඳවා තිබේ.

සුනිල් ගුණ­ව­ර්ධන

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division