– ධනකේෂ්වරි මන්ත්‍රය ලෙස ද හඳුන්වයි
– මන්ත්‍රයෙන් 108 වරක් ජීවම් කර ගන්න
වොල් දෙවියන්ගේ ආකර්ෂණ බලය මෙතෙකැයි කිව නොහැකිය. යන්ත්‍ර මන්ත්‍ර මෙන්ම ශාස්ත්‍රීය කටයුතුවලදී සහ හූනියම් බන්ධන කැපීමේදී වැනි අවස්ථාවල දෙවොල් දෙවියන්ගේ ආකර්ෂණ බලය පළපුරුදු ඇදුරන් විසින් ප්‍රයෝජනයට ගන්නා බව පෙනී යයි.
අද ඔබට මම ඉදිරිපත් කරනු ලබන්නේ දෙවොල් දේව රහස් ධනකේෂ්වරි තෙල් ජීවම් මන්ත්‍රයයි. මෙය අපිරිමිත බලයකින් යුක්ත බව සිහිතබා ගත යුතු කරුණකි. තෙල් ජීවම් ශාස්ත්‍රීය ක්‍රමවේද නොපිරිහෙලාම විධිමත්ව ක්‍රියාවෙහි යොදවන්නේ නම් ඔබ පුදුමයට සහ විශ්මයට පත්කරමින් තෙල් බඳුන මන්ත්‍ර බලයෙන්ම උතුරා යනු ඇත. බුබුළු දමමින් තෙල් නටන විට සහසුද්ධයෙන්ම තෙල් ‘සිද්ධි’ වූ බවට ඔබට පැහැදිලිවම තීරණය කළ හැක.
ඉතා පිරිසිදු ස්ථානයක මල් අස්න තනා කට පළල් බඳුනකට පිරිසිදු සඳුන්තෙල් ගෙන මල් අස්න මත තබා පහත මන්ත්‍රයෙන් 108 වර මතුරා ගන්න.
මන්ත්‍රය
ඕං සුර අසුර අක්ෂර ගිනි බන්ධන පූට්ටු
දෙවොල් අංගං ගිනි කිඩ අංගං ක්රිං සුනියං
කපෝති බන්ධන ඇස්වහ හෝ වහා කටවහා
ගිනි ගිනි සුං ජය ජය අං ඕං ග්‍රිං සට සට
ක්රිටය ටං ටං අසුර ප්‍රාණ බල දිෂ්ටි සුරවරං
අසුර වරං ආ ඕං ඒං අඩං අං ඉං ඕං ග්‍රි
සං සං දිෂ්ටි දිෂ්ටි ශ්‍රි ජය ජය එස්වාහ
මෙසේ ජීවම් කරන ලද තෙල් භාවිතයෙන් ඔබට ඇති සියලු ආර්ථික අපහසුතා මඟ හැරී යනු නියතය. ව්‍යාපාර දියුණුව බලා සිටියදී සිදුවේ. අංගම්, සූනියම්, ප්‍රේත බන්ධන නොවදී. මෙම තෙල් භාවිතයේදී ගව මස්, සූකර මස් භාවිතය සම්පූර්ණයෙන් නතර කළ යුතුය. ඉතාම විශ්වාසයකින් සහ භක්තියකින් සිදුකළ යුතුය. උදේ හවස තිලක දීම හෝ සුරයක ලා භාවිතය ඉතා සුදුසුයි. නිවෙස සහ ව්‍යාපාර ස්ථානයට නිතර උදේ සවස දුම් දී පිරිසිදුව තබා ගැනීම තුළින් ඉක්මන් ආකර්ෂණය ලැබෙනු ඇත. අත්දුටුවයි.
හොරොව්පතාන, මොරකෑව
පුරාණ ගණදෙවි දෙවොලේ භාරකාර
ජ්‍යොතිෂ විද්‍යා විශාරද
කේ. එස්. එස්. යෝදින්ගේ