Home » අධික ලෙස ආහාර ගැනීම පාල­නය කර­ගත යුතු ජන්ම අංක 9 හිමියෝ

අධික ලෙස ආහාර ගැනීම පාල­නය කර­ගත යුතු ජන්ම අංක 9 හිමියෝ

by Mahesh Lakehouse
October 26, 2024 12:30 am 0 comment

අංක විද්‍යා ‍ෙජ්‍යාති­ෂ­යට අනුව ඔබගේ සෞඛ්‍ය තත්ත්වය හඳු­නා­ගන්නා ආකා­රය පිළි­බ­ඳව පැහැ­දිලි කිරී­මට මෙම ලිපි­යෙන් බලා­පො­රොත්තු වන අතර පහු­ගිය කලාප වලින් ජන්ම අංක 1 සිට 8 දක්වා අයට අදාළ පලා­පල විස්තර සඳ­හන් කරන ලදී. මෙහිදී ඔබ කුමන අවු­රු­ද්දක කුමන මාස­යක ඉප­දු­ණත් ඔබගේ උපන් දිනය පම­ණක් සැල­කි­ල්ලට ගනු ලබයි.

ඕනෑම මාස­යක 9,18,27, යන දින­වල උපන් අයගේ සෞඛ්‍ය තත්ත්වය සහ වැල­ඳිය හැකි රෝගා­බාධ පිළි­බ­ඳව මේ ලිපි­යෙන් පැහැ­දිලි කිරී­මට බලා­පො­රොත්තු වෙමි.

මේ තුළින් ඔබට ඔබට වැල­ඳිය හැකි රෝගා­බාධ පිළි­බ­ඳව කල් තියා දැන හඳුනා ගැනී­මට හැකි­යාව ලැබෙන අතර එම­ඟින් එම අව­දා­නම් තත්ත්ව­යන්ට කලින්ම සූදා­නම් වීම­ටත් එම රෝගා­බා­ධ­ය­න්ගෙන් වැලකී සිටී­ම­ටත් නිරෝගී ප්‍රීති­මත් සතු­ටු­දා­යක ජීවි­ත­යක් උරුම කර ගැනී­ම­ටත් හැකි­යාව ලැබෙන බව සඳ­හන් කරනු කැමැ­ත්තෙමි.

ඔබ ජන්ම අංක නව­යෙන් උපත ලබා ඇති අයෙක් නම් ඔබ කුජ ග්‍රහ­යාගේ කම්පන බල­වේ­ග­යට යට­ත් වෙයි. උෂ්ණා­ධික රෝගා­බාධ පහ­සු­වෙන් ඔබට වැල­ඳීමේ හැකි­යා­වක් පවතී. ආයු­ර්වේ­ද­යට අනුව ‘පිත කිපී­මෙන්’ වැල­ඳෙන රෝගා­බා­ධ­යන්ට ද පහ­සු­වෙන් ලක්වෙයි.

උණ රෝග, සරම්ප, පැපොල, ගැස්ට්‍ර­යි­ටිස්, උද­ර­ගත රෝග, බඩ­වැල්වල හට­ගන්නා රෝග, කුෂ්ට රෝග සහ චර්ම රෝග, ප්‍රධාන වශ­යෙන් වැල­ඳීමේ අව­දා­න­මක් පව­තින තත්ත්ව­යන් ඇති කරයි. එමෙන්ම මස් මාංශ අධික ලෙස ගැනීම සහ මත්ද්‍රව්‍ය භාවි­ත­යට හුරු වීම නිසා අනෙ­කුත් අයට සාපේ­ක්ෂව ඔබව පහ­සු­වෙන් ලෙඩ වීමට ඇති හැකි­යාව වැඩිය. අධික ලෙස ආහාර ගැනී­මද දුර්ව­ල­තා­ව­යක් ලෙස පෙන්වා දිය හැකිය. මෙම­ඟින්ද විවිධ සෞඛ්‍ය ගැට­ලු­ව­ලට ලක්වෙයි. ශරීර අභ්‍ය­න්ත­රය ඇති කරන විවිධ ආබාධ තත්ත්ව­යන් ඉන්ද්‍රිය දුර්ව­ල­තා­ව­යන් ඇති කිරීමේ හැකි­යා­වද පවතී. විශේ­ෂ­යෙන් වකු­ගඩු ආබාධ සම්බ­න්ධ­යෙන් ඔබ වඩාත් සැල­කි­ලි­මත් වීම ඉතා වැද­ගත් වෙයි.

වයස අවු­රුදු 40 ඉක්මවූ අයෙක් නම් වසර දෙක­කට වරක් හෝ පරී­ක්ෂා­වක් කර ගැනීම වැද­ගත් වෙයි. එමෙන්ම ඔබ වඩාත් බෝවන රෝග වලින්ද ප්‍රවේ­සම් විය යුතුය. රුධි­රය හා සම්බන්ධ රෝග වලින් ද ඔබට වැඩි අව­දා­න­මක් පවතී.
මෙවැනි දේවල් සම්බ­න්ධ­යෙන් ඔබ උනන්දු වනවා නම් ඉතා යහ­පත් සෞඛ්‍ය තත්ත්ව­යක් ඔබට තබා ගැනී­මට හැකි­යාව ඇත. බොහෝ­විට ඔබ ප්‍රාර්ථනා කරන සර්ව සුබ­වාදී ලෝක­යක් වෙනු­වට යථා­ර්ථ­වාදී ජීවි­ත­ය­කට හුරු වීමට සෑම විටම උත්සහා ගත යුතුය. ඇඟ නිවෙන ආහාරවලට හුරු­වීම වැද­ගත් වෙයි.

එමෙන්ම උෂ්ණ ආහාර වලින් හැකි තරම් ඉවත් වන්න.
ලූනු, සුදු­ලූනු, ඉඟුරු ගම්මි­රිස්, ලීක්ස් වැනි ආහා­රද ඔබට ඉතා ගුණ­දා­යක වෙයි. එමෙන්ම සෑම වර්ෂ­ය­කම අප්‍රේල්, මැයි, ඔක්තෝ­බර් සහ නොවැ­ම්බර් මාස සෞඛ්‍ය සම්බ­න්ධ­යෙන් වඩාත් වෙන­ස්කම් ඇති කළ හැකි මාස බවට පත්වෙයි.
එමෙන්ම ඔබට අවු­රුදු 9, 18, 27, 36, 45, 63 යන වයස් සීමා­ව­න්ව­ලදී සෞඛ්‍ය සම්බන්ධ වෙන­ස්කම් ඇති කළ හැකි තත්ත්ව­යන් යෙදෙයි.

සංසා­ර­ගත කර්ම­­යක් වශ­යෙන් මුහුණ දීමට සිදු­වන මෙම රෝගා­බාධ තත්ත්ව­යන් කල් තියා හඳු­නා­ගෙන අවශ්‍ය ප්‍රති­කර්ම යොදා ගැනී­මෙන් සහ­න­දායි ජීවි­ත­යක් උරුම කර ගැනී­මට වාස­නාව ඇති කරයි.

ප්‍රවීණ ජ්‍යොති­ර්වේදී
ඒ.ජේ. දීපා­ලෝක

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division