Home » අපගේ නව දැක්ම ‘රැකවරණයෙන් සවිබල ගැන්වෙන මානව ප්‍රගතිය’ යි

අපගේ නව දැක්ම ‘රැකවරණයෙන් සවිබල ගැන්වෙන මානව ප්‍රගතිය’ යි

යුනියන් ඇෂුවරන්ස් ප්‍රධාන අලෙවි නිලධාරී මහේන් ගුණරත්න

by Mahesh Lakehouse
October 26, 2024 12:30 am 0 comment

දේශීය, ජාත්‍යන්තර සහ බහු ජාතික සමාගම්වල සේවය කොට අලෙවිකරණ ක්ෂේත්‍රයේ වසර 20කට ආසන්න අත්දැකීම් සහ පළපුරුද්ද ඇති මහේන් ගුණරත්න, යූනියන් ඇෂුවරන්ස් සමාගමේ වර්තමාන ප්‍රධාන අලෙවි නිලධාරීවරයා ය.

ඔහු හා සමඟ මේ කතාබහ පෙළ ගැසෙනුයේ, යූනියන් ඇෂුවරන්ස් රක්ෂණ සන්නාමයේ දැක්ම සහ මෙහෙවර පිළිබඳ වූ නව ගමන් මඟ විමසීමට ය.

යුනියන් ඇෂුවරන්ස් යනු හොඳ පදනමක් සහිත සමාගමක්…

ඔව්. යුනියන් ඇෂුවරන්ස් කියන්නේ, විවිධාංගීකෘත කර්මාන්ත අංශ 7ක් පවතින සමාගම් 80කට අධික ප්‍රමාණයක් සමඟ ක්‍රියාත්මක, කොළඹ කොටස් වෙළෙඳපොළේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පී.එල්.සී (JKH) අනුබද්ධ සමාගමක්.

2024 ජූනි මාසය අවසන් වන විට රු. බි. 28.6ක වෙළෙඳපොළ ප්‍රාග්ධනකරණයක් සහ රු. බි. 71.6ක ජීවිත රක්ෂණ අරමුදලක් සහිතව දශක හතරකට ආසන්න කාලයක් සාර්ථක ලෙස සම්පූර්ණ කිරීමට සමත් සමාගමක්.

ජීවිත රැකවරණය සලසන අතරම සියලු ශ්‍රී ලාංකිකයින් සඳහා පිරිපුන් සුවසෙත සැලසීමට කැප වී සිටින යුනියන් ඇෂුවරන්ස්, ශ්‍රී ලාංකිකයින්ගේ සෞඛ්‍ය, ආයෝජන, රැකවරණ, විශ්‍රාම, සහ අධ්‍යාපන අවශ්‍යතා ආවරණය කරන ජීවිත රක්ෂණ විසඳුම් පිරිනමනවා. රට පුරා ව්‍යාප්ත ශාඛා ජාලයක් සහ 3,000කට අධික සවිමත් සේවා බලකායක් සමඟ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ නිරන්තර වෙනස්වීම්වලට අනුව හැඩ ගැසෙමින් පාරිභෝගිකයා වෙත විශේෂ අවධානයක් සහිතව ක්‍රියාත්මක වනවා.

මොකක්ද මේ යුනියන් ඇෂුවරන්ස් නව ගමන් මඟ…

ඉතාමත් සාර්ථක දශක හතරකට ආසන්න මේ ගමන් මඟ, යුනියන් ඇෂුවරන්ස් පාරිභෝගිකයන් වෙත විශ්වාසවන්ත, ශක්තිමත් සහ අත්වැල සැපයූ කාල පරිච්ඡේදයක්. ඉතින්, මෙතැනින් එහාට යූනියන් ඇෂුවරන්ස් සන්නාමය සහ සමාගම වෙනස් විය යුත්තේ කොහොමද කියන කාරණය පිළිබඳ අප සිතුවා.

ඒ අනුව, එක් එක් පුද්ගලයන්ගේ එකිනෙකට සුවිශේෂී වූ දිවි ගමන් මඟ තුළ, ඒ හැම කෙනෙක්ම ප්‍රගතියෙන් සවිබල ගන්වන නව හැරවුම් ලක්ෂ්‍යයක් වෙතයි අප මේ යොමු වී සිටින්නේ. ඒ අනුව, යුනියන් ඇෂුවරන්ස් සන්නාමයේ දැක්ම සහ මෙහෙවර අලුතෙන් හඳුන්වා දුන්නා. එයින් සිදු වන්නේ, පාරිභෝගිකයා වෙත පිරිපුන් සුවසෙත වඩ වඩාත් ළඟා කර දීමේ කාර්යභාරයයි.

මොකක්ද යුනියන් ඇෂුවරන්ස් නව දැක්ම…

රැකවරණයෙන් සවිබල ගැන්වෙන මානව ප්‍රගතියක් …’ ඒ තමයි සන්නාමයේ අලුත් දැක්ම. මොකද සෑම මනුෂ්‍යයකුට ම ජීවිතය තුළ ප්‍රගතියක් අවශ්‍යයයි. හැබැයි එය කෙනාගෙන් කෙනාට වෙනස්. මේ ප්‍රගතිය යූනියන් ඇෂුවරන්ස් පාරිභෝගිකයන් ට අප ලබා දෙන්නේ රැකවරණය සහ ශක්තිය කියන කාරණා ප්‍රමුඛ කොට ගෙනයි.

ආසියානු රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණයක් සහිත පිරිස ඉතාම අඩු ප්‍රමාණයක්. සමාගමක් ලෙස අපිට අවශ්‍ය, මේ රටේ සෑම පුරවැසියකුට ම ජීවිත රක්ෂණය කරා ළඟාවීම පහසු කරවීමටයි. එසේ කිරීමට නම් ජීවිත රක්ෂණය කියන සංකල්පය පුළුවන් තරම් සරල සේවාවක් බවට පත් කළ යුතුයි. ඒ සරල කිරීම තුළ පමණයි ජනතාව ඊට ආකර්ෂණය කරගත හැකි වන්නේ.

ඉතින් ඒ අයගේ ප්‍රගතියේ ගමනට අවශ්‍ය ශක්තිය සහ විශ්වාසය වැඩි වැඩියෙන් පාරිභෝගිකයාට ලබා දීමටයි අපගේ මේ නව දැක්ම තුළ අප බලාපොරොත්තු වන්නේ. මොකද, පුද්ගල ප්‍රගතිය යනු සමාජ ප්‍රගතියක්. අවසානයේ එය රටේ ප්‍රගතිය. ඒ කියන්නේ මානව ප්‍රගතිය රටේ සංවර්ධනයට දැඩි බලපෑමක් ඇති කරන කාරණයක්.

ජීවිත රක්ෂණය හරහා අපි සම්පූර්ණ කරන්න හදන්නේ රටේ ඒ අවශ්‍යතාව.

නව ‘ මෙහෙවර ‘ ගැනත් කියන්න…

අපගේ නව මෙහෙවර නම් කර ඇත්තේ, ‘පිරිපුන් දිවියට නිති රැකවරණය…’ නමින්. මේ අලුත් මෙහෙවර තුළ අප බලාපොරොත්තු වන්නේ, ජීවිත රක්ෂණය තුළින් ජනතාවගේ ජීවිත පිරිපුන් කරන්නට යි. එනම් පුද්ගලයකු මූල්‍ය වශයෙන්, මානසික සහ ශාරීරික වශයෙන් කෙරෙන පිරිපුන් කිරීමක්.

විශේෂයෙන් මූල්‍ය රැකවරණය පවුලක නොතිබුණොත්, ඒ පවුල රකින්නාට යම් කරදරයක් සිදු වුවහොත් යැපෙන්නන් අන්ත අසරණභාවයට පත්වනවා. ඔවුන්ගේ ජීවිත කඩා වැටෙනවා. විශේෂයෙන් කුඩා දරුවන් සිටින පවුල්වල පියෙකුට යම් කරදරයක් ආපදාවක් සිදු වුවහොත් ඒ දරුවන්ගේ අධ්‍යාපනය පවා කඩාකප්පල් වනවා. ඒ නිසා පුද්ගලයකු ප්‍රගතිය කරා යන ගමනේ මුල්‍ය වශයෙන් ශක්තිමත් වීම ඉතා වැදගත්.

ඒ වගේම, මානසික වශයෙන් පිරිපුන් වන්නට නම් මිනිසුන් ජීවිතය පුරාවට දරා සිටින ප්‍රශ්න සමඟ හෙම්බත් වීම සහ ආතතිය කළමනාකරණය කිරීම ජීවිතයට ඉතා වැදගත්. මානසික සැහැල්ලුවෙන් යුතුව ජීවිතයට මුහුණ දෙන්නට ඔවුන්ගේ ජීවිත යම් පමණකට වෙනස් කරන්නට දායක වීමට අප මෙහෙවර තුළ ප්‍රධාන ඉඩක් වෙන් වනවා.

තුන්වැනි කාරණාව ලෙස, අප කන බොන දෑ සහ වැරැදි ජීවන රටා තුළ බොහෝ නිදන්ගත රෝගවලට ගොදුරු වෙමින් පවතිනවා. ශාරීරිකව පිරිපුන් වන්නට නම් මේ තත්ත්වයන් අප අවම කරගත යුතුයි. මේ කාරණා එකක් හෝ දෙකක් තිබුණාට කෙනෙකුගේ ජීවිතය පිරිපුන් වන්නේ නැහැ. ඕනෑම පුද්ගලයකු පරිපූර්ණ වන්නට නම් මේ කාරණා තුනම සම්පූර්ණ විය යුතුයි.

මේ අලුත් මෙහෙවර හරහා කළ හැකි සමාජ බලපෑම කවරේ ද…

අපගේ නව මෙහෙවරට අනුව, පුද්ගලයකු මූල්‍ය වශයෙන්, මානසික සහ ශාරීරික වශයෙන් පිරිපුන් කිරීම ඔස්සේ අපි බලනවා ඒ වෙනස සමාජය තුළ සිදුවනවා ද කියන එක. එහි එක් පියවරක් ලෙසයි, ‘ප්‍රජාවගේ යහපැවැත්ම ‘ සහ සමාජ පිරිපුන් බව ළඟා කර දීම සඳහා ලංකාවේ බහුල ලෙස ව්‍යාප්ත වෙමින් පවතින නිදන්ගත රෝගයක් වන දියවැඩියාව වැළැක්වීමට සහ අවම කිරීමට අදාළව අප ක්‍රියාත්මක වී සිටින්නේ. එම වැඩසටහන් පෙළ ක්‍රියාත්මක වන්නේ, ශ්‍රී ලංකා දියවැඩියා සංගමයත් සමඟ එක්වයි. මේ තුළ විශාල සමාජ බලපෑමක් ඇති කරන්නට අපට හැකි වී තිබෙනවා.

මොකද පෙර කී ආකාරයට සෑම අංශයකින් ම පාරිභෝගිකයා දැනුම්වත් කිරීම පමණක් මදි. ඒ පස්සේ හඹා යෑමත්, පසු විපරමත් අප සිදු කරනවා. ඒ සඳහා ගම් මට්ටමට යනවා. මුළු රටම ආවරණය වන පරිදි මීටත් වඩා පුළුල්ව කරන්නට අවශ්‍ය කටයුතු සිදු කරනවා.

ජනප්‍රියතාවයේ ඉහළම තැනක සිටිය දී මෙවැනි වෙනස් වීමක් අවශ්‍ය වූයේ ඇයි…

එය මේ මොහොතේ පැවති සමාජ අවශ්‍යතාවක්. ඒ වගේම බොහෝ අංශවලින් සමාජ පර්යේෂණ සිදුකොට විද්‍යාත්මක පදනමක පිහිටා කළ දෙයක්. මේ ගෙවෙන කාල පරිච්ඡේදය, මිනිස්සුන්ගේ සිතුම් පැතුම් බොහෝ සෙයින් වෙනස් වීම්වලට භාජනය වන යම් මානව සංක්‍රාන්ති සමයක්. විශේෂයෙන් අලුත් පරම්පරාව සන්නාමයකින් බලාපොරොත්තු වන දේ පුළුල් වෙමින් පවතිනවා. ඕනෑම සන්නාමයක පැවැත්ම තිබෙන්නේ ජනතා කැමැත්ත මත. ඉතින් අප කළ සමාජ පර්යේෂණවලින් අප වටහා ගත්තා, මේ තමයි වෙනස් වීමකට හොඳම කාලය බව. අපේ ඊළඟ පියවරට යෑමට කාලය බව. ඉතින් මේ වෙනස් වීම ඇත්තටම ජනතාව ගේ සිතුම් පැතුම්, ප්‍රශ්න සහ අවශ්‍යතා සමඟ තව තවත් ළං වීමක්. සමීප වීමක්.

ඒ වගේම මේ උදා වන්නේ අප සමඟ සිටි වැඩිහිටි පරම්පරාව සහ අප වෙත එමින් පවතින තරුණ පරම්පරාව සමඟ ඩිජිටල්කරණය, තාක්ෂණය සමඟ යන ඉදිරි ගමනක්. එයින් කියැවෙන්නේ, මේ වැඩිහිටියන් සහ තරුණ තරුණියන් සමඟ ඉදිරි ලෝකයට අප සූදානම් බවයි.

මේ සඳහා ක්‍රියාත්මක වන්නේ කෙසේ ද…

පළමුකොටම මේ සඳහා අපිට තිබෙන පසුබිම් දත්ත අධ්‍යයනය කළා. එයින් අප තහවුරු කර ගත් දේ තමයි ශාරීරික, මානසික සහ මූල්‍ය ශක්තිය කියන කාරණා සම්බන්ධයෙන් තවදුරටත් දැනුම්වත් වීමේ අවශ්‍යතාවක් ජනතාවට තිබෙනවා. ඉතින් ඒ අවශ්‍ය දැනුම්වත්භාවය අප පාරිභෝගිකයාට දෙන්න තීරණය කළා. ඒ සඳහා රටපුරා මූල්‍ය වැඩසටහන් ආරම්භ කළා. මේ කාරණා තුනම ගැන විවිධ යහ භාවිතාවන් පිළිබඳ දැනුම්වත් කිරීම් ආරම්භ කෙරුණා. හැබැයි අපි එතෙකින් නවතින්නේ නැහැ. මොකද, අපගේ මේ ප්‍රයත්නය සාර්ථක වන්නට නම් එතැනින් ඔබ්බට තවත් පියවරක් තැබිය යුතුයි. ඒ සඳහා ක්‍රම ගණනාවක් ඔස්සේ අපගේ පාරිභෝගිකයන් ප්‍රායෝගිකත්වයට පත් කළා. උදාහරණයක් ලෙස ඔවුන්ගේ ජීවිත පහසු කරන මෙවලමක් ලෙස හඳුන්වා දුන් Clicklife ඇප් එක දැක්විය හැකියි. ඔබට ජීවිත රක්ෂණයක් තිබුණත් නැතත් මේ ඇප් එක download කර ගන්නට පුළුවන්. එහි විශේෂාංග ගණනාවක් තිබෙනවා. එම විශේෂාංග මඟින් දෛනික ජීවිතය පහසු කර ගන්නට පුළුවන්.

පාරිභෝගික සමීපතාව පවත්වා ගැනීමට ඩිජිටල්කරණයේ බලපෑම කෙබඳු ද…

රක්ෂණය කියන්නේත් ඇප් භාවිතාව කියන්නේත් මනුෂ්‍යයන් සමඟ සිදු කෙරෙන ගනුදෙනුවක්. තමන්ට කැමති නම් ඇප් එකකින් ජීවිත රක්ෂණයක් තෝරා ගන්නට පුළුවන් තරමට අද තාක්ෂණය දියුණුයි. ඇප් එකකින් බැරි නම් භෞතිකවත් මේ දැනුම ලබා ගත හැකියි. මේ ඕනෑම අංශයකින් පාරිභෝගිකයා කැමති විදියට ඒ දැනුම ලබා දෙන්න අපි සූදානම්. අවශ්‍ය වන්නේ ඔවුන් අප වෙත පැමිණීම පමණයි.

මොකද අධ්‍යාපනය සඳහා, විශ්‍රාම ජීවිතය සඳහා, ඉතිරි කිරීම් සහ සෞඛ්‍ය සඳහා වශයෙන් ජීවිතයට අදාළ සෑම කාර්යයක් සඳහාම විශේෂිත වූ රක්ෂණ වර්ග අප සතුයි. මේ ඕනෑම රක්ෂණයක් පිළිබඳ දැනගන්න, රක්ෂණයක් ලබා ගන්න සහ ඒ හා සමඟ ගනුදෙනු කරන්න අපගේ ඇප්වලින් පුළුවන්. මුලින් ක්‍රියාකාරයට එසේ බැරි අයට භෞතිකව පුළුවන්. කොහොම වුණත් තාක්ෂණික දැනුම සමීප කරවන්නට අවශ්‍ය වැඩසටහන් ගණනාවක් අප සතුයි. අපිට අවශ්‍ය මේ දැනුම ගමට රටට ප්‍රචලිත කරන්නයි.

අලෙවිකරුවන් සහ පාරිභෝගිකයන් යන දෙපාර්ශ්වයට ම මේ තාක්ෂණික දැනුම අප ලබා දෙනවා. ඒ සඳහා සමාගමක් ලෙස විශාල වශයෙන් අප ආයෝජනය කරනවා. මොකද, හෙටට ඔබින මේ මෙවලම් ආයතනයක තිබිය යුතුයි. ඒ සවිබල ගැන්වීම් සඳහා අප දෙවරක් නොසිතා වියදම් කරනවා. පාරිභෝගිකයකුට යම් රක්ෂණාවරණයක් ගන්නට අවශ්‍ය නම්, අප සමඟ සම්බන්ධ වන විට හෝ යළි මුදල් ලබා ගන්නා විට… ආදි හැම තැනකදී ම පහසුවෙන් ළඟා වීමට සහ වැඩ කිරීමට අවශ්‍ය තාක්ෂණය අපගේ කාර්යයන් තුළ මුසුකර තිබෙනවා. කොටින්ම කිව්වොත් සෑම කෙනකුටම ජීවිත රක්ෂණයක් කරා ළඟා වීම පහසු කර තිබෙනවා. තව දුරටත් රක්ෂණයේ දී තාක්ෂණය කියන්නේ දුරස්ථ බවක් නොවෙයි, කියන හැඟීම අප ඔවුන්ට දෙනවා. ඔවුන් සමඟ සිටිනවා. පසු විපරම් සිදු කරනවා. ඊට අනුව, කිසිම විටෙක කිසිම පාරිභෝගිකයකු අපෙන් අත් හැරෙන්නේ නැහැ.

මේ ඩිජිටල්කරණය කිරීම, කරන්න පහසු දෙයක් ද…

පහුගිය කාලයේ මේ රටේ ජනතාව මුහුණ දුන් වසංගත සහ ආර්ථික අභියෝග හමුවේ ජනතාවගේ සිතුම් පැතුම් ආකල්ප බොහෝ වෙනස් වුණා. මිනිස්සු තාක්ෂණයට හුරු වුණා. Online අධ්‍යාපනයට ගමේ දරුවන් පවා හැඩගැහුණා. දැනුම්වත් වෙන්න කැමැති වුණා. හැම පවුලකට ම Life Insurance එකක වටිනාකම දැනෙන්න ගත්තා. ජීවිතයට එය අනිවාර්ය බව වැටහෙන්න ගත්තා. නමුත් තවමත් බහුතරය හිතන වැරැදි දෙයක් තිබෙනවා. එනම්, හුඟක් අය හිතනවා, ආයතනයක වැඩ කරනවා නම් ආයතනයෙන් තමන්ට ඉන්ෂුවරන්ස් එකක් තිබෙනවානේ කියලා. නමුත් ආයතනයෙන් විශ්‍රාම ගිය දවසට එය ඔබට ලැබෙන්නේ නැහැ. සෑම පවුලක් ම තමන්ගේ පවුලේ සාමාජිකයන්ගේ ජීවිත අවශ්‍යතා පෙළ ගැසුවහොත්, ජීවිත රක්ෂණය කියන්නේ එහි අනිවාර්ය අංගයක්.

මොකද, මූල්‍යමය වශයෙන් සවිබල ගැන්වුණේ නැත්නම් පවුලේ ආදායම් උපයන්නාට යම් කරදරයක් සිදු වූ විට ඒ සාමාජිකයන් සියලු දෙනා අන්ත අසරණ භාවයට පත්වනවා. ඒ හැබෑව තේරුම් ගන්නා පිරිසක් දැන් බිහිවෙමින් සිටිනවා. එය සතුටක්. අම්මා තාත්තා නැති වුණත් දරුවන් අසරණ විය යුතු නැහැ. ඔවුන්ගේ අධ්‍යාපනය, ජීවිතය ඉදිරියට ගෙන යන්නට ඔවුන් බලා ගන්නා රක්ෂණයක් ඔවුන් සතු විය යුතුයි. දරුවන්ගේ ඉලක්ක වෙත යෑමට එයින් දෙන අත්වැල සුළු පටු නැහැ. ඇත්තටම ජීවිත රක්ෂණයක් කියන්නේ, ඔබ ආදරය කරන ඔබේ පවුලේ සාමාජිකයා වෙනුවෙන් ඔබ අරන් තැබිය යුතුම දෙයක්.

මේ සියලු කාරණා තුළින් අපිට අවශ්‍ය වන්නේ පුද්ගලයන් මූල්‍ය වශයෙන් මානසික වශයෙන් සහ ශාරීරික වශයෙන් සවිබල ගන්වන්නටයි. තාක්ෂණය බහුලව පාවිච්චි කරන සමාගමක් ලෙස ජීවිත රක්ෂණය බොහෝ අයට සමීප කරවන්න අපට හැකි වී තිබෙනවා. අපේ නිෂ්පාදන ලෝක මට්ටමට ළඟා කර ගත හැකි පරිදි ඒ තාක්ෂණය අපි භාවිත කරනවා. ඒ සඳහා තව තවත් නව්‍ය සොයා ගැනීම් සිදු කරනවා. මේ සියලු දේ තුළ පාරිභෝගිකයා වෙත හොඳම සේවාවක් ලබා දීමට හැකි වී තිබෙනවා.

අපි සම්ප්‍රදායෙන් මිදුණු සමාගමක්. හෙට දකින සමාගමක්. නිතර යාවත්කාලීන වෙන්න කැමැති සමාගමක්. ඒ ප්‍රතිලාභ අපි යළි ලබා දෙන්නේ පාරිභෝගික ජීවිත සුව පහසු කරන්නටයි.

ඒ නිසා ඔබගේ ආදරණීයයන්ගේ අනාගතය වෙනුවෙන් ජීවිත රක්ෂණයක් පිළිබඳ අනිවාර්යයෙන් ම සිතිය යුතුයි. ඔබට අවශ්‍ය සහයෝගය දෙන්න අපි ඉන්නවා.

ඉනෝකා පෙරේරා බණ්ඩාර

You may also like

Leave a Comment

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division