අප්‍රිකානු මහාද්වීපයේ, පැරණිතම ද්විපාර්ශ්වීය රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇරඹු රාජ්‍යයන් යුගලය මෙන්ම ලෝකයේ පැරණිතම රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලටත් ඓතිහාසික වටිනාකමක් එක් කළ ඉතා සුවිශේෂී රාජ්‍යයන් දෙකක් ලෙස අපට ඉතියෝපියාව හා ඊජිප්තුව හඳුන්වා දිය හැකිය.
1927 පටන් ඇරඹී මෙම ඉපැරණි, සුවිශේෂී වූ මිත්‍ර සබඳතාව, නයිල් ගංගා ජලයෙන් සේදී යැයි දැයි රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාව බොහෝ කම්පනයෙන් බලා සිටී. නයිල් ගංගා ජලය මෙම රාජ්‍යයන් ද්විත්වයට මෙතරම් වැදගත් වන්නේ කුමක් අරඹයා ද ඔබට කුතුහලයක් නැෙඟනු ඇත. වර්තමානය වන විට ඉතියෝපියානු ඉදිකිරීමක් වූ GRED (Grand Renaissance Ethiopian Dam) මුල් කොට ගෙන මේ මිතුරු රාජ්‍යයන් දෙක මහා පරිමාණ ආතතිමය තත්වයකට එළැඹ ඇත. එය කෙතරම් බරපතළද යත් දශකයට වැඩි ඉතිහාසයක් ඇති GRED අර්බුදය අවස්ථා කීපයකදීම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තුළ සාකච්ඡාවට බඳුන් විය. නමුත් අප මෙම නිමේෂයේදීත් සතුටට පත්විය යුතු සංසිද්ධිය වන්නේ, ඉතියෝපියාව හා ඊජිප්තුව සන්නද්ධ ගැටුමකට, මුහුණට මුහුණලා යද සටනකට මේ වනතෙක් අවතීර්ණ නොවීමයි.
ඊජිප්තුව GRED අරඹයා අසල්වැසි සෝමාලියානු රාජ්‍යයේ ඊජිප්තු හමුදා බළඇණි ස්ථාපිත කොට ඊට අවශ්‍ය වපසරිය ස්වකීය ආරක්ෂක අභිලාෂයන් පෙරදැරි කොටගෙන බව පවසමින් ස්ථානගත කර ඇත. නමුත් ගෝලීය රාජ්‍යතාන්ත්‍රික යුද විශේෂඥයන්ට අනුව ඊජිප්තුව, ඉතියෝපියාව උදෙසා සෘජු මැදිහත්වීමකට යාමේ ඉතාම අඩු ප්‍රවණතාවක් පවතින අතර ඉකුත් සැප්තැම්බර් 9 වැනිදා ද ඊජිප්තුව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට GRED සම්බන්ධව චෝදනාවක් ලේඛනගත කර ඇති අතර, මෙහිදී තවමත් ඊජිප්තුව ස්වකීය ප්‍රතිචාරය UN, අප්‍රිකානු සංගමය (African Union) හා වෙනත් වේදිකාවලට පමණක් සීමා කර තිබීම ඉතාම වැදගත්ය. GRED සම්බන්ධ ඉතියෝපියානු – ඊජිප්තු අර්බුදය, නැඟෙනහිර අප්‍රිකානු කලාපීය ගැටුමක් බවට පරිවර්තනය වීමට යා නොදී විසඳා ගැනීමට ඇති ශක්‍යතාව ඒ හා සම්බන්ධ රාජ්‍යයන්ට ඇති සුවිශේෂී වගකීමකි. ඒ, මන්ද යත් 21 වැනි ශතවර්ෂය ගෝලීය හා කලාපීය සන්නද්ධ ගැටුම්වලින් සමූල ඝාතක කලාප පවා බිහිකර ඇති බැවිනි. මැදපෙරදිග ගාසා තීරය මේ වන විට මාරාන්තික ඝාතක කලාපයක් වී ඇත.
ඊජිප්තුව, 2011 වර්ෂයේ ඇරඹී ඉතියෝපියානු GRED හා සම්බන්ධයෙන් නඟන ප්‍රධාන චෝදනාව ඉතියෝපියාව නයිල් ගංගා ජලය ඒකපාර්ශ්වීයව භාවිත කරන බවය. නයිල් ගංගා ද්‍රෝණියේ (Nile Basin) පිහිටි රාජ්‍යයන් වන ඊජිප්තුව, සුඩානය, එරිත්‍රියාව, කෙන්යාව ආදී රාජ්‍යයන් 11ක් ද නයිල් ජලය මත පදනම්ව ස්වකීය පැවැත්ම තහවුරු කරගන්නා අතරම එහි වාරි ජලය උපාය මාර්ගික වැදගත්කමකින් ද යුතුව පරිහරණය කිරීම මේ ආකාර ගැටුම්වලට මූලාරම්භය වූවා ද විය හැකිය. මිලියන 100ක පමණ ඊජිප්තු ජනතාවට GRED හරහා විශාල තර්ජනයක් එල්ල වන බව මෙම වේල්ල ගොඩනැඟීම ඇරඹූ දා පටන්ම වරින්වර ඊජිප්තුව ඉතියෝපියාවට නඟන චෝදනාවය. අවසන් අදියරට එළැඹ ඇති GRED සම්බන්ධව විදෙස් විත්ති විශේෂඥයකු පළකර ඇති ප්‍රකාශයක් නම්, නයිල් ගංගාවේ ජලය GRED ටිකෙන් ටික පිරවෙද්දි, ඊට සමඟාමීව GRED සම්බන්ධයෙන් පැන නැඟුණු ආතතිමය තත්ත්වය ද ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වන බවය.
GRED, ඊජිප්තුවට අර්බුදයක් වීමේ ඓතිහාසික පෙළ ගැස්ම
මෙම වසරේ ඔක්තෝබර් 11 වැනිදා වන විට ඊජිප්තු, සෝමාලියා හා එරිත්‍රියා යන රාජ්‍යයන්ගේ එකතුවෙන් සන්ධානයක් බිහිකොට ගෙන ඇති අතර, එය ඉතියෝපියාවට එරෙහිව සංවිධානය වීමක් බවත් එම සැසිය ඔස්සේ ඉතියෝපියානු GRED ප්රමුඛ කොටගෙන කලාපීය වශයෙන් ජාතික අභිලාෂයන් පෙරදැරි කොටගෙන විශේෂ කතිකාවක් පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. මෙම රාජ්‍යයන් ත්‍රිත්වය (Cement ties) ගොඩනඟා ගෙන ඇති බවය.
ලෝකයේ බොහෝ කලාපයන් යටත්විජිතවාදයට හා අධිරාජ්‍යවාදයට නතුවද්දී එහි බලපෑම යටත්විජිතහරණයෙන් (Decolonized) පසුවද එම රටවලට විවිධ පැතිකඩයන් හා ගතිකත්වයන් ඔස්සේ අත්විඳීමට සිදු විය. 1929දී ඊජිප්තුව බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පවතිද්දී ඊජිප්තුව හා බ්‍රිතාන්‍ය ද එකතුවෙන් බ්‍රිතාන්‍යයේ අනුග්‍රහයෙන් අත්සන් කරනු ලැබූ ගිවිසුමක් ප්‍රකාරව ඊජිප්තුවට නයිල් ගංගා ද්‍රෝණියේ, ඊජිප්තුවට තර්ජනයක් වන ඕනෑම වාරි ඉදිකිරීමකට විරුද්ධ වීමට නිශේධ බලය (Veto power) ලැබිණි. නමුත් මෙම ඉපැරණි ගිවිසුමට ඉතියෝපියාවේ සහභාගිත්වය නොලැබිණි.
වර්තමානයේදී ඊජිප්තුව, ඉතියෝපියානු GREDට විරුද්ධව භාවිත කරනු ලබන්නේ අන් කිසිවක් නොව එදා බ්‍රිතාන්‍ය අනුග්‍රාහක Anglo – Egyptian ගිවිසුම ප්‍රකාරව ලැබුණු එම veto බලයයි. නමුත් ඉතියෝපියාව දරන මතය නම් එම පැරණි ගිවිසුමේ වලංගුභාවය අදට වැදගත් නොවන බවත් තමන්ගේ ඉදිකිරීම කිසිදු අයුරකින් මිත්‍ර ඊජිප්තු රාජ්‍යයට කලහකාරී ප්රවේශයකට එළැඹීමට හේතුවක් නොවන බවය.
ඉතියෝපියාවේ විදුලිය අර්බුදය
ඉතියෝපියාව, අප්‍රිකානු මහාද්වීපයේ දෙවැනි විශාලතම ජනගහනය හිමි රටයි. ඉතියෝපියාව ස්වකීය 90%ක පමණ විදුලිය අවශ්‍යතාව සපයා ගනු ලබන්නේ ජල විදුලිය මඟින් වන අතර, 2011දී ඔවුන් ආරම්භ කරනු ලැබූ GRED හි ප්‍රමුඛතම අරමුණ වූයේ ද නයිල් ගංගා ජලය උපයෝගී කොට ගනිමින් ජල විදුලිය නිපද වීම බව විදෙස් විචාරකයන්ගේ ප්‍රකාශය වී ඇත. නයිල් ගංගා ද්‍රෝණියේ උස් බිමට වන්නට පිහිටි ඉතියෝපියාව GRED ඔස්සේ මෙගාවොට් 1550ක පමණ ජල විදුලි උත්පාදනයට අවකාශ ලැබී ඇති බව වාර්තා වේ. නමුත් ඊජිප්තුව හා සුඩානය දිගින් දිගටම පවසන්නේ මෙම වේලි ව්‍යාපෘතිය තුළින් නයිල් ගංගා ජලය ඒකපාර්ශ්වීය ඉතියෝපියාව භාවිතයට ගැනීම නයිල් ගංගා ද්‍රෝණීයේ පහත්බිම් රාජ්‍යයන්ට අවාසියක් වන බවය.
මිලියන 110ක ජනගහනයක් වාසය කරන ඊජිප්තුව අප්‍රිකානු මහාද්වීපයේ ඉහළම පෙළේ විදුලිය නිෂ්පාදනය කරන රටවලින් එකක් වේ. ඔවුන්ගේ විදුලි නිෂ්පාදනයේ ප්‍රධානතම සම්පත් පරිභෝජනය වන්නේ ස්වභාවික ගෑස් හා පොසිල ඉන්ධනයි. ජල විදුලිය පදනම්ව විදුලිය නිපදවීම ඊජිප්තු රාජ්‍යය කරනු ලබන්නේ 7%ක ප්‍රතිශතයකිනි. නමුත් වත්මන් අර්බුදය තුළ නයිල් ද්‍රෝණීයේ පිහිටි රාජ්‍යයන්හි දැක්ම නම් නයිල් ගංගා ජලය බෙදීයාමේ විෂමතාවක් පවතින බවය. ලෝක රාජ්‍යයන් හමුදාමය, ආර්ථික අභිලාෂයක් උදෙසා පෙළ ගැසෙද්දී GRED අර්බුදය තුළින් දෘෂ්‍යමාන වන යථාර්ථය වන ජලය ආරක්ෂාව පිළිබඳ සංකල්පය උපායමාර්ගිකව නැඟෙනහිර අප්‍රිකානු කලාපය අරඹයා සක්‍රීය වී ඇති බවය. 1990 ගණන්වල පටන් “Water Security” නව සංකල්පමය රාමුවක සාකච්ඡාවට බඳුන් වූවකි. ලෝකයේ දිගම ගංගාව වූ නයිල් ගංගාව අරඹයා පැන නැඟී ඇති අර්බුදය හමුවේ දකුණු සුඩාන පාර්ලිමේන්තුව විසින් Nile Basic Cooperative Framework Agreement නැතිනම් Entebbe Agreement නම් ගිවිසුමකට පසුගිය ඔක්තෝබර් 13 වැනිදා එළැඹී ඇත. (CFA) මෙය දශකයක පමණ සිට කරනු ලැබූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස එළැඹි ගිවිසුමකි. මීට සමඟාමීව නයිල් ද්‍රෝණී කොමිසමක් ද ස්ථාපිත වන අතර (NRBC) ඒ ඔස්සේ නයිල් ගංගා ජල සම්පත ආරක්ෂා කිරීම හා නිසි පරිහරණය පිළිබඳ අධීක්ෂණයක් සිදු වන බව වාර්තා වේ.
GRED ව්‍යාපෘතියට බලපාන එම ඓතිහාසික ගිවිසුම එනම්, Entebbe ගිවිසුම ක්‍රියාත්මක වීම ආරම්භ වීම ඉතියෝපියානු අගමැති Abiy Ahmed විස්තර කර ඇත්තේ ඓතිහාසික කඩඉමක් ලෙසය. නයිල් ද්‍රෝණියේ මෙම ගිවිසුමට අත්සන් කරන රටවලට අන්‍යෝන්‍ය වශයෙන් යහපත් සබඳතාවක් ගොඩනඟා ගැනීමට ලැබුණු මහඟු අවස්ථාවක් බවත්ය. ඇත්ත වශයෙන්ම නයිල් ගංගා ද්‍රෝණියේ පිහිටි රටවල වත්මන් අර්බුදයට බලපෑ මුල් හේතුව වූ යටත් විජිත අවධියේදී සිදු කළ ජලය වෙන් කිරීමේ ක්‍රමවේදය Entebbe තුළින් ශූන්‍ය කර ඇත. වර්තමාන නව අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි ජලය බෙදා දීමට හැකියාවක් මින් ඵලදායි ලෙස හඳුන්වා දීමට හැකි නම් එය Horn of Africaව යුද මාවතකට යාම වැළැක්වීමේ ඉතාම අනර්ඝ ක්‍රියාමාර්ගයක් වනු ඇත. මෙම ආතතිමය තත්ත්වය මැද වුවද ඉතියෝපියාව හා ඊජිප්තුව මෙම වසරේදී BRICS (Acronym for Brazil, Russia, India, China and South Africa) රාජ්‍යයන් අතරට එක්වීමට ද නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
GRED හා බැඳුණු වත්මන් ඉතියෝපියාවේ තත්ත්වය
සෝමාලියා අර්ධද්වීපය තුළ පිහිටි ඉතියෝපියා රාජ්‍යය පසුගිය වසර කිහිපයකම සිට අභ්‍යන්තරික අර්බුද, ආර්ථික ගැටලු ආදී විවිධ අභියෝගාත්මක තත්ත්ව ඔස්සේ ඉදිරියට ඇදේ. එම අස්ථාවර විෂයය පථය තුළ GRED හා විශේෂයෙන්ම බැඳුණු ඊජිප්තු ප්රශ්නය, අනෙක් අතින් සුඩානය සම්බන්ධ අර්බුද හා බාධක මැද ස්වකීය දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීමට වෙර දරන රාජ්‍යයකි. මෙම පසුබිම තුළ ඉතියෝපියාව ස්වකීය කලාපීය උපායමාර්ගික භූමිකාව යම් යම් සීමාකම් ඔස්සේ ඉදිරියට ගෙන යන බව හොඳින්ම ප්රත්යක්ෂ වන අතර යම් යම් අවස්ථාවල රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ප්රතිවිරෝධතාවලට මුහුණ දීමට සිදු වී ඇත.
2024 ඔක්තෝබර් 19 වැනිදා පැවති කයිරෝ (Cairo) ජල සතිය තේමා කොට ගත් සමුළුවේදී ඊජිප්තු රාජ්‍යය ප්‍රකාශ කොට ඇත්තේ, මිලියන 1.1ක් ඉක්ම වූ ඊජිප්තු වැසියන්ට GRED තර්ජනයක් වන බවයි. එහිදී වැඩිදුරටත් ප්‍රකාශ වී ඇත්තේ ඊජිප්තුව සෙසු අප්‍රිකානු රාජ්‍යයන් සමඟ සබඳතා තර කර ගැනීමට විශාල කැමැත්තකින් පසු වන බවය.
GRED සම්බන්ධයෙන් ලැබෙන නවතම තොරතුරුවලින් කියැවෙන්නේ මෙම ව්‍යාපෘතිය අප්‍රිකාවේ විශාලතම ජලවිදුලි බලාගාරය බවට පත්වනු ඇති බවය. එමඟින් කලාපීය වශයෙන් ප්රවර්ධනයක් ද සිදු කිරීමට හැකියාව ලැබෙන අතර, නයිල් ජලය සම්බන්ධයෙන් පැන නැඟී තිබෙන භූ දේශපාලනික ආතතිමය තත්ත්වයට ද පිළියමක් ලැබෙන බවය. මෙම වේල්ල හරහා ජල විදුලිය මෙගා වොට් (6450)ක ධාරිතාවක් උත්පාදනය කළ හැකි බව ගණන් බලා ඇත. එය ඇමරිකා එක්සත් ජනපදයේ Hoover වේල්ලේ ධාරිතාවට වඩා 3 ගුණයකින් වැඩිය.
ඉතියෝපියානු මහා පුනරුද වේල්ල (GRED) ව්‍යාපෘතියට නයිල් ගංගා ජලය (Blue Nile Water) පිරවීමේ අවසන් අදියරට පැමිණ ඇත. ඊජිප්තුව හා සුඩානය මේ අරභයා දක්වන විරෝධය එලෙසින්ම පැවතීම පිළිබඳව, නයිල් ගංගා ද්‍රෝණියේ උස්බිම් රාජ්‍යයන් වන උගන්ඩාව, ඉතියෝපියාව ඇතුළු සෙසු රාජ්‍යයන් ස්වකීය අප්‍රසාදය පළකර ඇත. ඊජිප්තුව හා සුඩානය තවමත් යටත්විජිත පැරණි ගිවිසුම් මත පදනම්ව (GRED)ට දක්වන විරෝධය, නිෂ්ඵල ක්‍රියාවක් බව ප්‍රකාශ වී ඇතිය යන්න විදෙස් මාධ්‍ය සඳහන් කරනු ලබයි.
පී. ආර්. දුෂාන්ති සිල්වා