ඉදිකිරීම් ක්ෂේත්රයේ රැකියා 5000ක් වෙනුවෙන් ඊශ්‍රායලයෙන් රැකියා ඉල්ලුමක් හිමිව ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
මසකට රුපියල් ලක්ෂ 5ක් ඉක්මවන වැටුප් මේ රැකියාවන් සඳහා හිමිවනු ඇත. වයස අවුරුදු 25ත් 45 අතර ක්ෂේත්රයේ පළපුරුද්දක් ඇති ඕනෑම අයකුට මේ සඳහා ඉල්ලුම් කළ හැකි බවද කාර්යාංශය පවසයි.
ඒ යටතේ ඉදිකිරීම් ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන්නන් වෙනුවෙන් රැකියා අවස්ථා 4000ක්ද මේසන්වරුන් වෙනුවෙන් රැකියා 500ක් හා ටයිල් සැකසුම් ශිල්පීන් වෙනුවෙන් රැකියා ඇබෑර්තු 500ක්ද ලැබී ඇත. ඒ සඳහා පළපුරුද්දක් ඇති අයට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ www.slbfe.lk ඔස්සේ ලියාපදිංචි විය හැකි බවද කාර්යාංශය පෙන්වා දෙයි.
එමෙන්ම කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සිළුමිණට පැවසුවේ මෙවන් රැකියා සඳහා යැයි පවසමින් විවිධ පුද්ගලයන් මුදල් එකතු කිරීම් සිදුකිරීම් වාර්තා වී ඇති හෙයින් කාර්යාංශයේ අනුදැනුමකින් තොරව කිසිදු අයකුට කිසිදු ගෙවීමක් නොකරන ලෙසයි.
මේ වන විට හෙද සේවා මෙන්ම කෘෂි ක්ෂේත්රයේ රැකියා සඳහා මෙරට විගමනික ශ්‍රමිකයන් රැසක් ඊශ්‍රායලයට ගොස් ඇති අතර ඒ ඇතැම් අය මසකට රුපියල් ලක්ෂ 10 ඉක්මවා වැටුප් ලබන බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.
තාරක වික්‍රමසේකර