Home » මිලියන 145000ක භාණ්ඩාගාර බිල්පත් 29 වැනිදා නිකුත් කෙරේ

මිලියන 145000ක භාණ්ඩාගාර බිල්පත් 29 වැනිදා නිකුත් කෙරේ

by Mahesh Lakehouse
October 26, 2024 12:39 am 0 comment

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඔක්තෝබර් මස 29 වෙනිදා රුපියල් මිලියන 145000ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම සඳහා කටයුතු යොදා ඇත. එම භාණ්ඩාගාර බිල්පත් අතරින් දින 90කදී කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් රුපියල් මිලියන 55,000කද දින 182කින් කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් රුපියල් මිලියන 55,000ක්ද ඇතුළත්ය.

එසේම දින 364 කින් කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් රුපියල් මිලියන 35000ක්ද වේ.

මෙම භාණ්ඩාගාර බිල්පත් වෙනුවෙන් ලංසු භාර ගැනීම ඔක්තෝබර් 29 අඟහරුවාදා පෙරවරු 11.00ට අවසන් කෙරේ. භාණ්ඩාගාර බිලපත් වෙනුවෙන් අවම ලංසු මුදල රුපියල් මිලියන 5ක් වන අතර පිළිගත් ලංසුකරුවන් නොවැම්බර් 01 වැනිදා අදාළ ගෙවීම් කළ යුතුය.

You may also like

Leave a Comment

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division