Home » සාමකාමී බව ජාත්‍යන්තරයේ ඇගයීමට ලක් වුණා

සාමකාමී බව ජාත්‍යන්තරයේ ඇගයීමට ලක් වුණා

ජාජබ කුරුණෑගල දිස්ත්‍රික් නායක නාමල් කරුණාරත්න

by Mahesh Lakehouse
October 26, 2024 12:33 am 0 comment

ජාතික ජන බලවේගය ආරම්භ කළ සාමකාමී මැතිවරණ ක්‍රියාදාමය ලෝකයේම ඇගයීමට ලක්ව ඇතැයි ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම් නායක නාමල් කරුණාරත්න පවසයි.

දකුණු ආසියාව තුළ සාමකාමී ජනාධිපතිවරණයක් පැවැත්වූ රටක් ලෙස ශ්‍රී ලංකාව හැඳින්වීමට අන්තර්ජාතිකප්‍රජාව කටයුතු කළ බව පෙන්වා දුන් ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ මහමැතිවරණයට නාමයෝජනා භාර දුන් දින කිසිදු ආකාරයක සිද්ධියක් වාර්තා නොවූ බවයි.

ජනතාවගේ ඉහළම ප්‍රසාදයක් ජාතික ජන බලවේගයට හිමිව ඇති බව පෙන්වා දුන් ඔහු කීවේ ජනාධිපතිවරණයේදී තම පක්ෂයට මනාපය ලබා නොදුන් පිරිස් මේ වන විට තම පක්ෂය වටා එක්රොක්ව ඇති බවයි.

එසේම ජාතික ජන බලවේගය ඉතාම සාමකාමී ලෙස මෙවර මැතිවරණයටද මුහුණ දීමට කටයුතු කර ඇතැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division