Home » ආරක්ෂාව සහතික බව වැඩබලන පොලිස්පති තානාපතිවරුන්ට කියයි

ආරක්ෂාව සහතික බව වැඩබලන පොලිස්පති තානාපතිවරුන්ට කියයි

by Mahesh Lakehouse
October 26, 2024 12:30 am 0 comment

මේ වන විට ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නන් සම්බන්ධයෙන් ප්‍රමාණවත් ආරක්ෂාවක් සහතික කර ඇති බවත්; ඒ පිළිබඳ අදාළ රටවල තානාපති කාර්යාලට දැනුම්වත් කර ඇති බවත් වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය අවධාරණය කරයි.

මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් වැඩබලන පොලිස්පතිවරයා ප්‍රකාශ කර සිටියේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නැති බවත් යම් විදේශීය ජාතියක් ඉලක්ක කරගෙන ගැටලුවක් පැවතුණද කිසිවකුට ගැටලුවක් නොවන ආකාරයට ආරක්ෂක පියවර ගෙන ඇති බවයි.

“මැද පෙරදිග අර්බුදයත් සමඟ ඔක්තෝබර් මාසයේ ආරම්භය වන විට ලෝකය පුරා විවිධාකාර තර්ජන ව්‍යාප්ත වුණා. ශ්‍රී ලංකාවටත් මේ තර්ජන ඇති වේ යැයි සැකයෙන් බුද්ධි අංශ ක්‍රියා කළා. විදේශිකයන්ගේ ආරක්ෂාව සහ ඔවුන් සිටින, පුදපූජා කරන ස්ථානවලට විශේෂ ආරක්ෂාවක් සැලසුවා. බුද්ධි නිලධාරීන් යෙදෙව්වා. වෙනත් තොරතුරු ලබාගන්න ක්‍රමවේද සකස් කළා. කොන්සල් ජනරාල්වරුන් සමඟ ක්‍රියා කළා.

ඇමරිකානු ආරක්ෂක උපදේශය නිකුත් කිරීමත් සමඟ ආරක්ෂක කටයුතු සඳහා විශේෂ සැලසුමක් සකස් කළා. මේ සම්බන්ධයෙන් තානාපති කාර්යාල දැනුම්වත් කළා.

එම තානාපති කාර්යාල මේ වනවිට ධනාත්මක ප්‍රතිචාර දක්වා තිබෙනවා. යම් ක්‍රියාවක් සම්බන්ධයෙන් යම් පුද්ගලයකුට යම් හෝ තොරතුරක් ලැබේ නම් 1997 දුරකථන අංකයට දැනුම් දෙන්න කියා ඉල්ලා සිටිනවා.”යැයිද වීරසූරිය මහතා ප්‍රකාශ කළේය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division