150 වන ලෝක තැපැල් දිනයට සමගාමීව ජාතික තැපැල් උත්සවය බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් රංජිත් ආරියරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 09 වන දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. එහි දී මුද්දර කාර්යාංශයේ මූලිකත්වයෙන් පැවැති 2024 ලෝක තැපැල් දින ජාතික මුද්දර ප්‍රදර්ශක නිර්මාණ තරගයේ 8,9,10 ශ්‍රේණි අංශයේ පළමු ස්ථානය දිනා ගැනීමට කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ 9 ශ්‍රේණියේ එම්.පී. තෙනුරි නවින්මා කීර්තිසේන දියණිය සමත් වූවා ය.
තව ද, ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවට අනුබද්ධ තැපැල් අභ්‍යාස ආයතනය මඟින් පාසල් දරු දැරියන් අතර පවත්වන ලද ලියුම් ලිවීමේ තරගයෙන් ද තෙවන ස්ථානය දිනා ගැනීමට ඇය සමත් ව සිටින්නී ය.
කුඩා කල සිට ම මුද්දර එකතු කිරීමේ විනෝදාංශයේ නියැළුණු ඇය මීට පෙර ද, බොහෝ ජයග්‍රහණ ලබාගෙන ඇත.