Home » දිවි ගමන නිමාකළ ගායන ශිල්පී අජිත් ආරියරත්න

දිවි ගමන නිමාකළ ගායන ශිල්පී අජිත් ආරියරත්න

by Mahesh Lakehouse
October 26, 2024 12:30 am 0 comment

“තනිවෙන්න ඉඩ දෙන්න මටයි මගේ හිතටයි“ එකල ගුවන් විදුලියෙන් ඇසුනු මේ ගීතයේ හිමිකරු ගායන ශිල්පි අජිත් ආරියරත්නයන් පසු ගියදා සිය දිවිසැරිය නිමා කළේය. කලක් රෝගීව පසු වූ ඔහු ගායන ශිල්පියෙකු ලෙස කළඑළි බසින්නේ 1980 දශකයේ මැද භාගයේදී ය.කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය විද්‍යාලයෙන් ඉගෙනුම ලැබු ඔහු පසුව සංගීත විෂය වැඩිදුරටත් හැදෑරුවේය. වෘත්තියෙන් ව්‍යාපාරිකයෙකු වුවද ගීත ගායනට මෙන්ම තනු නිර්මාණයට ද සිය කාලය වෙන් කළේය.

“මගෙ මහත්තයා ඉපදිලා තියෙන්නේ 1965 පෙබරවාරි විසිහය වෙනිදා.

මහත්තයයි මමයි විවාහ වුණේ 1992 වසරෙදි. ඔහුගේ ගීත වලට මම ඒ යුගයේ සිටම ආදරය කළ කෙනෙක්. මහත්තයාගේ පවුලේ සහෝදර සහෝදරියේ හය දෙනෙක් ඉන්නවා. එයා ගායනයට පිවිසිලා තියෙන්නේ 1986 වසරෙ. කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයෙන් ඉගෙන ගත්ත ඔහු වැඩිදරුටත් සංගීතය හදාරලා තියෙන්නේ විශාරද රෝහණ වීරසිංහ මහත්මයා යටතේ. ඔහුගේ පළවෙනිම ගීතය තමයි ‘තනිවෙන්න ඉඩදෙන්න මටයි මගේ හිතටයි‘ කියන ගීතය. ඉන්පස්සේ ඔහු ගීත ගණනාවක් ගයා තිබෙනවා.

ටික කලක් තිස්සේ මහත්තයා රෝගීව හිටියේ. ඔහුගේ යාළුවෝ අපට හොඳ සහයෝගයක් දැක්වූවා. “

අජිත් ආරියරත්නයන්ගේ බිරිඳ දිලූෂා නිලන්ති රසඳුනට එසේ පැවැසීය.

අජිත් විසින් ගයන ලද බොහෝ ගීත තවමත් රසිකයන්ගේ මතකයේ ඇත්තේය. ඒ ගී අතර ‘හදවතින් සෙනෙහස පුරා, මා ගයන ගීතයේ, ඔබ වෙනුවෙන් මේ ලෝකයේ, දයාබර දිලූ කියා, රැයක දුටුව සිහිනයක්, ආදි ගී රසිකයන් අතර වඩාත් ජනප්‍රිය විය.

මිය යන විට පනස් නවවැනි වියේ පසුවු අජිත් ආරියරත්නයන්ට නිවන්සුව ප්‍රාර්ථනය කරමු.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division