ගෝලීය ලෝක පර්යාය, නව ආර්ථික, දේශපාලන ගතිකත්වයන් ඔස්සේ වෙනස්වීම අනාදිමත් කාලයක සිට පැවත එන්නකි. වත්මන් භූ දේශපාලන මෙන්ම භූ ආර්ථික වපසරිය තුළ ද විවිධ ලෝක සංවිධාන, කලාපීය සංවිධාන මෙම තත්ත්වයට සෘජුවම බලපෑම් එල්ල වීම නව ප්‍රවණතාවක් වී ඇත. ඒ අතරින් BRICS සංවිධානය ද, බටහිර බලවතුන්ට මධ්‍යම බලවතුන්ගේ (Middle powers) නව නැඟීම කදිමට ප්‍රදර්ශනය වන තත්ත්වයක් ලෙස ලෝක රාජ්‍යතාන්ත්‍රික පිරිස් විග්‍රහ කර ඇත.
මෙම වසරේ ඔක්තෝබර් 22 වැනිදා රුසියාවේ කසාන් (Kazan) ආරම්භ වූ 16 වැනි BRICS (Acronym for Brazil, Russia, India, China and South Africa) රාජ්‍ය නායක සමුළුව පිළිබඳ අධ්‍යයනයෙන් අපට මෙම නව ගතිකත්වය හොඳින්ම හඳුනා ගත හැකිවනු ඇත.
වත්මන් ගෝලීය ආතතිමය තත්ත්වය තුළ BRICS සමුළුව රුසියාවේ පැවැත්වීම (මුලසුන රුසියාව හොබවයි) පිළිබඳ රුසියන් ජනපති ව්ලැදිමීර් පුටීන්ට අනුව එය බටහිර වෙතින් තමන්ට පීඩනයක් එල්ල වුවද, සම්බාධක පැනවූව ද ජාත්‍යන්තර සබඳතා වපසරිය තුළ තමන්ට අවශ්‍ය මාවතට යාමට බාධාවක් කර නොගැනීමක් ලෙස අර්ථ දක්වා ඇත.
BRICS ඇරඹුමේ මුල් අඩිතාලම දමනු ලැබුවේ ප්‍රධාන ආර්ථික විශේෂඥයකු වූ Goldman Sachsw හි Jim O’ Neill ය. මෙහි තේමාව වූයේ, “Building Better Global Economic (BRICS)” යන්නයි. BRICS+ හි ප්‍රධාන අරමුණ අතර, බාධා නොකිරීම, සමානාත්මතාව හා අන්‍යෝන්‍ය උපකාරය ප්‍රමුඛ වී ඇත. 2009දී බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව හා චීනය BRICS හි ආරම්භක සාමාජිකයන් වූ අතර, මෙහි පළමු සමුළුව පැවැත්වූයේ, Yekaterinburg හිදීය. 2010 වසරේදී දකුණු අප්‍රිකාව ද BRICS එකතු විය. වත්මනයේ මෙහි සාමාජිකත්වය සෙසු රාජ්‍යයන්ට ද විවෘත වන අතර, නව සාමාජිකයන් ලෙස ඊජිප්තුව, ඉතියෝපියාව, ඉරානය, දකුණු අප්‍රිකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද (UAE) මීට එක් විය. මෙම නව සාමාජිකයන් දෙස බැලූ විට පෙනී යන යථාර්ථය නම් (BRICS) තුළ නව ගෝලීය ශක්තිමත් ආර්ථික ප්‍රවණතාවන් බිහිකිරීමට විශාල හැකියාවන් ඇති රාජ්‍යයන් බවයි.
BRICS තුළ ආරම්භයේ පටන්ම පැවති ප්‍රමුඛ අභිලාෂයන් වූයේ, එහි සාමාජිකයන්ගේ ආර්ථික හා රාජ්‍යතාන්ත්‍රීය ප්‍රතිපත්ති විමර්ශනය කිරීම, නව මූල්‍ය ආයතන බිහිකර ගැනීම, එක්සත් ජනපද ඩොලරය මත යැපීම අවම කර ගැනීම ආදියයි. BRICS තුළ අභ්‍යන්තරික වශයෙන් බෙදීම් ද යම් සිද්ධීන් අරභයා මතුව තිබේ. ඒ, අෙමරිකා එක්සත් ජනපදය සමඟ සබඳතාව හා රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධවයි. BRICS හි 2024 සමුළුව ආරම්භ වන්නේ භූ දේශපාලනික සංකීර්ණතා රාශියක්ට මැදිවය. BRICS රාජ්‍යයන් මේ වන විට ලෝක ආර්ථිකයෙන් ¼කට වැඩි ප්‍රමාණයක් හිමිකාරිත්වය දරන අතර, ලෝක ජනගහනයෙන් ½කට වඩා වැඩි ප්‍රමාණයක් මෙම රාජ්‍යයන් තුළ ජීවත් වේ.
BRICS හි ප්‍රධාන අභිප්‍රාය වන්නේ, බහුපාර්ශ්වීය ආයතනයක් තුළ නැඟී එන ආර්ථිකයන්ගේ එක්සත් පෙරමුණක් පිහිටු වීමය.. මෙම ක්‍රියාවලිය තුළ පවතින ආයතනයන් ප්‍රතිසංස්කරණයට සහාය දීම තමන් අරමුණු කොට ගෙන ඇති බව BRICS ප්‍රකාශ කොට ඇත. BRICS හි ප්‍රධානියා ලෙස එක් රාජ්‍යයක් වසරකට සභාපතීත්වය දරන අතර, එම රාජ්‍යය සත්කාරක රාජ්‍යය ලෙස කටයුතු කරනු ලැබේ. මෙවර රුසියාව සත්කාරක රාජ්‍යයේ හිමිකාරීත්වය දිනාගෙන ඇත.
(BRICS) හි නැගීම පිළිබඳ බටහිර ප්‍රතිචාරය බටහිර විශ්ලේෂකයන්ට අනුව BRICS හි නැඟීම තුළින් එක්තරා ආකාරයකින් බටහිරට තරගකාරී බලපෑමක් එල්ල වන අතර, (competitive bloc) නැඟෙනහිර හා බටහිර භූ දේශපාලනය BRICS තුළින් බටහිර ආධිපත්‍යයෙන් නීති සම්පාදනය වූ ගෝලීය ලෝක පරියායට යම් ආකාර බලපෑමක් BRICS හි මධ්‍යම බලවතුන්ගේ නැඟීමෙන් එල්ල විය හැකි බව රාජ්‍යතාන්ත්‍රික විශේෂඥයන්ගේ අදහසය. එමෙන්ම BRICS පිළිබඳ නවතම තොරතුරු අතර වැදගත් කරුණක් නම් 2024 සමුළුවෙන් පසු BRICS සාමාජිකයන් 20 දෙනෙකුගෙන් පමණ සමන්විත වීමට බොහෝ ඉඩකඩ ඇති බවය. BRICS සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ප්‍රකාශ කොට ඇත්තේ මෙම සාමාජිකයන් සියලු දෙනාටම BRICS හි දායකත්වය හිමි වුව ද තීරණ ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ වීමට හැකියාව ලැබෙන්නේ මුල් සාමාජිකයන් 5 දෙනාට පමණක් බවය.
BRICS ගෝලීය ක්‍රමය තුළ නව ප්‍රවණතා
රුසියන් ජනපතිට අනුව BRICS සමුළුව රුසියාවට හිමිවීම රුසියාව හුදෙකලා කිරීම අරභයා බටහිර දරන උත්සාහය තුළ එයට ප්‍රතිවිරුද්ධව කැපී පෙනෙන සුවිශේෂි අවස්ථාවකි. ගෝලීය රාජ්‍යතාන්ත්‍රික විද්වතුන්ට අනුව G20 හා සෙසු වේදිකාවන්හිදී මධ්‍යම බලවතුන්ට රාජ්‍යතන්ත්‍රීය වශයෙන් නම්‍යශීලිව ක්‍රියාකාරී වීමට ඉඩක් ලබාගැනීමට මෙම නව නැඟීම හේතු විය හැකි බවයි.
අනෙක් අතින් BRICS බටහිරට භූ දේශපාලනික හා භූ ආර්ථිකමය වශයෙන් වැඩි බලපෑමක් එල්ල කළ හැකි බවයි. දශක ගණනාවක් පටන්ම බටහිර විසින් ලෝක ආර්ථිකය ස්වකීය අභිමතාර්ථ හා ක්‍රමවේදයන් ඔස්සේ මෙහෙය වීම සුළු පාර්ශ්වයකට පමණක් සීමා වූ අතර, මේ ඔස්සේ ජාත්‍යන්තර මූල්‍ය යටිතල පහසුකම් පාලනය ද දිගින් දිගටම බටහිරට හිමි විය.
BRICS සමුළුව (Kazan – Russia)
මෙම සමුළුවට ඉන්දියාව නියෝජනය කරමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී පැමිණි අතර, රුසියාව BRICSහි රාජ්‍ය නායකයන් ඉතා උණුසුම් ආකාරයෙන් පිළිගැනීමට බලාපොරොත්තුවෙන් බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. මෙම සමුළුවේ න්‍යාය පත්‍රයේ ප්‍රධාන අංග අතර BRICS නායකත්වයෙන් යුතු ගෙවීම් පද්ධතියක්, ජාත්‍යන්තර මූල්‍ය ජාලයක් එසේම බටහිර ආසියාවේ උද්ගත වී ඇති උණුසුම් වාතාවරණය පිළිබඳ සාකච්ඡා ද ඇතුළත් බව වාර්තා වේ.
රුසියානු නිලධාරීන් මෙම BRICS සමුළුව රුසියාවේ පැවැත්වීම තමන්ට ලැබුණු මහඟු අවස්ථාවක් ලෙසත් විශාල සාර්ථකත්වයක් ලෙසත් දකින බව වාර්තා වේ. ජනපති පුටීන්ගේ විදේශ ප්‍රතිපත්ති සම්පාදක Yuri Ushakov ප්‍රකාශ කොට ඇත්තේ, මෙම මෙම සමුළුව රුසියානු භූමියේ පැවැත්වෙන විශාලතම විදේශ ප්‍රතිපත්තිමය අංගය වන බවය. 2024 ඔක්තෝබර් 22-24 රුසියාවේ Kazan හි පැවති (BRICS) සමුළුව ලොව රාජ්‍ය නායකයන් 36ක පමණ සහභාගීත්වයෙන් පැවති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. රුසියාව මෙම සමුළුවේ මෙවර සත්කාරක රාජ්‍යය (host country) ලෙස කටයුතු කළ අතර, රුසියන් ජනපති පුටීන් මෙම සමුළුවට සහභාගී වූ රාජ්‍ය නායකයන් ඉතා උණුසුම්ව පිළිගන්නා ආකාරය මාධ්‍ය දසුන් ඔස්සේ ප්‍රදර්ශනය විය.
මෙහිදී ඉතා සුවිශේෂි ආකාරයෙන් ජනපති පුටීන් ප්‍රකාශ කොට ඇත්තේ නව ලෝක ක්‍රමයක අත්තිවාරම මෙම සමුළුව හරහා ස්ථාපිත වන බවත් ඇමරිකා එක්සත් ජනපද නායකත්වය දරන්නා වූ ලෝක ක්‍රමයක වලංගු භාවය ඉදිරියට වෙනස් කිරීමට කටයුතු කරන බවත්ය.
ජනපති පුටීන් ලෝක නායකයන් සමඟ ගෝලීය සිද්ධීන් පිළිබඳ සාකච්ඡා කර ඇති අතර, රුසියාව හුදෙකලා කිරීමට බටහිර ගන්නා වෑයම නිශ්ඵල බව අවධාරණය කර ඇත.
BRICS මෙවර සමුළුවට, 13 වන සාමාජික රාජ්‍යය ලෙස උගන්ඩාව එක්ව ඇත. මේ ඔස්සේ ලෝකයේ විශාලතම නැගී එන වෙළඳපලවල් හිමි රාජ්‍යයන් සමග පුළුල් ආර්ථික සබඳතාවක් ගොඩ නැගීමට උගන්ඩා රාජ්‍යය බලාපොරොත්තු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මීට අමතරව ඇල්ජීරියාව, ඉන්දුනීසියාව, තුර්කිය, නයිජීරියාව හා වියට්නාමය ආදී රාජ්‍යයන් ද වඩා වැඩි ධාරිතාවකින් හෙබි බහුපාර්ශ්වීය වාණිජ ක්‍රමයක් ප්‍රවර්ධනය කර ගැනීමේ අරමුණින් (BRICS) ට සම්බන්ධ වී ඇත. ගෝලීය වශයෙන් මධ්‍යම බලවතුන්ගේ නව නැගීමක් (BRICS) හරහා ස්ථාපිත වීමට අවශ්‍ය සුවිශේෂි වපසරියක් මින් සකසන බව ද එය බටහිර බලවතුන්ට සෘජුවම බලපෑමක් එල්ල වීමට බොහෝ ඉඩකඩක් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. BRICS සමුළුවේ අවසන් දිනයේදී ලෝක නායකයන් අවධාරණය කරනු ලැබූ කරුණු අතර, රුසියන් ජනපති ඉතා දැඩිව අවධාරණය කරනු ලැබුවේ බටහිර ආසියාවේ ඇති වී ඇති ආනතිමය තත්ත්වය මහා පරිමාණ යුද්ධයකට යෑම අනිවාර්යයෙන්ම වැළැක්විය යුතු බවය. චීන ජනපතිගේ ප්‍රකාශ කළේ ගාසා තීරය අරභයා මුළුමනින්ම සටන් විරාමයකට (total seasfire) යා යුතු බවත් සාමකාමී සංවර්ධන මාවතකට ලෝකය අවතීර්ණ විය යුතු බවත්ය.
ඡායාරූප- රොයිටර් අනුග්‍රහයෙනි.
පී. ආර්. දුෂාන්ති සිල්වා