Home » ශීත ඍතුවට යුරෝපයේ සිට සංචාරකයන් රැගත් නව ගුවන් යානයක් කටුනායකට

ශීත ඍතුවට යුරෝපයේ සිට සංචාරකයන් රැගත් නව ගුවන් යානයක් කටුනායකට

by yasara
November 1, 2024 11:19 am 0 comment

ශීත ඍතුව එළඹීමත් සමගම ස්විට්සර්ලන්තයේ සුරීච් නුවර සිට නව ගුවන් සේවාවක , මංගල ගුවන් යානය ( Inogaral Flight ) අද (01) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .

මෙම ප්‍රථම මංගල ගුවන් ගමන සදහා ඊඩ්ල්වයිස් ගුවන් සේවය විසින් එයාර් බස් ඒ. 330 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබූ අතර ජල ආචාර (Water Salute) පවත්වා පිළිගැනීමට කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන් පියවර ගෙන තිබුණි .

අද උදෑසන 09.20 ට  ඊඩ්ල්වයිස් ( edelweiss )  ගුවන් සේවයේ ඩබ්ලිව්.කේ.- 68 මෙම ගුවන් යානය තුළ ව්‍යාපාරික පංතියේ ගුවන් මගීන් 17 දෙනෙකු සහ පිරිමැසුම්දායක පංතියේ ගුවන් මගීන් 221 දෙනෙකු සමග ගුවන් යානා කාර්යය මණ්ඩලය ලෙස තවත් 13 වශයෙන් 251 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

සුරීච් නුවර සිට ඍජු ගුවන් ගමනක යෙදෙමින් සතියේ සෑම සිකුරාදා දිනකම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන මෙම යානය එදිනම උදෑසන 10.05 ට මාළදිවයින මාළේ නුවර ඔස්සේ ආපසු සූරීන් නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිතය .

මෙම ගුවන් සේවා යානා එළඹෙන 2025 වසරේ ජනවාරි මස සිට සතියකට දින දෙකක් වශයෙන් , සිකුරාදා සහ ඉරිදා දින වල සුරීච් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතය .

එසේම මෙම ශීත ඍතු ගුවන් සේවයේ ගුවන් යානා එළඹෙන 2025 වසරේ මැයි මාසය තෙක් ක්‍රියාත්මක කිරීමට නියමිතය .

 

 

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division