1.2K
සිංගර් සමාගම, මෙරට ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සපයන්නා වන SLT- MOBITEL සමඟ හවුල්කාරිත්වයකට එළැඹිණි. මෙම සහයෝගිතාව තුළින් දිවයින පුරා පිහිටි ඕනෑම සිංගර් ශාඛාවක් මඟින් ජංගම දුරකතන සම්බන්ධතා වෙත පිවිසීමේ අවස්ථාව පාරිභෝගිකයා වෙත ලබා දේ.
එමෙන්ම, දිවයින පුරා පිහිටි සිංගර් ප්රදර්ශනාගාර 410ක් මඟින් SLT- MOBITEL SIM කාඩ්පත් අලෙවි කිරීමට කටයුතු කෙරේ. මෙම වැඩසටහන හේතුවෙන් සිංගර් අලෙවිසල් තුළින් ජංගම දුරකතන මිලදී ගන්නා පාරිභෝගිකයින්ට එම ස්ථානයේදීම ජංගම දුරකතනයට SLT- MOBITEL SIM පතක් තෝරා ගැනීමට හැකි වේ.