400
මෙරට ටයර් නිෂ්පාදන සමාගමක් වන සියැට් කැලණි හෝඩිංග්ස් විසින් ට්‍රක් සහ බස් රථ ටයර් අලෙවිය සඳහා වන ඉලක්ක සපුරා ගනිමින් ඉහළ කාර්ය සාධනයක් පෙන් වූ වෙළෙඳ නියෝජිතයින්ට තායිලන්තයේ සංචාරයක් පිරිනමා ඇත.
මේ සඳහා වෙළෙඳ නියෝජිතයින් 31 දෙනකු සහභාගි විය. 2024 වසරේ පෙබරවාරි සිට අප්‍රේල් දක්වා වූ නියමිත කාල සීමාවේ දිනා ගත් විකුණුම් ජයග්‍රහණ සමරමින් වෙළෙඳ නියෝජිතයින්, විකුණුම් හා අලෙවි අංශයේ නියෝජිතයින් සහ සියැට් ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයේ සාමාජිකයින් මෙම සංචාරයේ දී පතායා සහ බැංකොක් හි දින හතරක් ගත කරන ලදි.