Home » කොමර්ෂල් බැංකුව යගිරල වැසි වනාන්තරය සංරක්ෂණය කරයි

කොමර්ෂල් බැංකුව යගිරල වැසි වනාන්තරය සංරක්ෂණය කරයි

by Mahesh Lakehouse
November 2, 2024 12:30 am 0 comment

ශ්‍රී ජයර්වධනපුර විශ්වවිද්‍යාලයේ වනාන්තර සහ පරිසර විද්‍යා අංශය හා කොමර්ෂල් බැංකුව එක්ව, කළුතර දිස්ත්‍රික්කයේ යගිරල වැසි වනාන්තරය ප්‍රතිසංස්කරණය කර සංරක්ෂණය කිරීම ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

කොමර්ෂල් බැංකුව මෙම පහතරට නිර්වර්තන තෙත් කලාපයේ සදාහරිත වනාන්තරයේ අක්කර 15ක කොටසක පැළ 10,500ක් සිටුවීම සඳහා අරමුදල් සම්පාදනය කරයි. එම පරිසර පද්ධතියේ ආරක්ෂාවට සහ නඩත්තු කිරීමේ කටයුතු සඳහා ප්‍රදේශයේ ජනතාව සම්බන්ධ කර ගැනීමට ද බලාපොරොත්තු වේ.

වලල්ලාවිට යගිරල වැසි වනාන්තරය වෘක්ෂලතා විශේෂ 152කින් සමන්විත වන අතර එයින් 45%ක් ම ශ්‍රී ලංකාවට ආවේණික විශේෂ වේ. එය පක්ෂි විශේෂ 103ක්, ක්ෂිරපායී විශේෂ 36ක්, මිරිදිය මත්ස්‍ය විශේෂ 22ක්, උරග විශේෂ 19ක්, සහ උභයජීවී විශේෂ 10ක් වෙනුවෙන් ස්වාභාවික වාසස්ථාන සපයයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division