ශ්‍රී ජයර්වධනපුර විශ්වවිද්‍යාලයේ වනාන්තර සහ පරිසර විද්‍යා අංශය හා කොමර්ෂල් බැංකුව එක්ව, කළුතර දිස්ත්‍රික්කයේ යගිරල වැසි වනාන්තරය ප්‍රතිසංස්කරණය කර සංරක්ෂණය කිරීම ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.
කොමර්ෂල් බැංකුව මෙම පහතරට නිර්වර්තන තෙත් කලාපයේ සදාහරිත වනාන්තරයේ අක්කර 15ක කොටසක පැළ 10,500ක් සිටුවීම සඳහා අරමුදල් සම්පාදනය කරයි. එම පරිසර පද්ධතියේ ආරක්ෂාවට සහ නඩත්තු කිරීමේ කටයුතු සඳහා ප්‍රදේශයේ ජනතාව සම්බන්ධ කර ගැනීමට ද බලාපොරොත්තු වේ.
වලල්ලාවිට යගිරල වැසි වනාන්තරය වෘක්ෂලතා විශේෂ 152කින් සමන්විත වන අතර එයින් 45%ක් ම ශ්‍රී ලංකාවට ආවේණික විශේෂ වේ. එය පක්ෂි විශේෂ 103ක්, ක්ෂිරපායී විශේෂ 36ක්, මිරිදිය මත්ස්‍ය විශේෂ 22ක්, උරග විශේෂ 19ක්, සහ උභයජීවී විශේෂ 10ක් වෙනුවෙන් ස්වාභාවික වාසස්ථාන සපයයි.