Home » ට්‍රයිඩන්ට් කෝපරේෂන් ශ්‍රී ලංකාවේ vivo බෙදාහරින්නා වේ

ට්‍රයිඩන්ට් කෝපරේෂන් ශ්‍රී ලංකාවේ vivo බෙදාහරින්නා වේ

by Mahesh Lakehouse
November 2, 2024 12:30 am 0 comment

ට්‍රයිඩන්ට් කෝපරේෂන් සමාගම, vivo ස්මාර්ට් ෆෝන් සඳහා නිල ජාතික බෙදා හරින්නා ලෙස නම් කර තිබේ. Vivoහි නව්‍ය තාක්ෂණය ට්‍රයිඩන්ට්හි පුළුල් දේශීය වෙළෙඳපොළ සමඟ ඒකාබද්ධ කරමින් ජංගම දුරකතන ක්ෂේත්‍රය නැවත අර්ථ දැක්වීමට මෙම උපායමාර්ගික හවුල්කාරීත්වයට එළැඹ තිබේ. ට්‍රයිඩන්ට් කෝපරේෂන්හි දේශීය කළමනාකාර හිල්මි නියාස් පැවසූයේ, ශ්‍රී ලාංකිකයන් වෙත ඉහළ පෙළේ නිෂ්පාදන ලබා දීම සම්බන්ධයෙන් තබා ඇති වාර්තාව, අති නවීන ජංගම තාක්ෂණ පිරිනැමීමේ vivoහි මෙහෙවර සමඟ බාධාවකින් තොරව සමපාත වන බවයි.

vivo Sri Lanka ප්‍රධාන විධායක නිලධාරී කෙවින් ජිඇන්, හවුල්කාරිත්වය පිළිබඳ පැවසූයේ, “අපි මිල මත තරග නොකරමු. අප වැඩි අවධානයක් දෙන්නේ අපගේ හවුල්කරුවන් සහ අවසාන පරිශීලකයින් යන දෙදෙනාම සමඟ අර්ථවත් සබඳතා ඇතිකර ගනිමින් නව්‍ය නිෂ්පාදන ලබා දීමටයි… ” යනුවෙනි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division