Home » කුජ අපලය වළකන බලගතු කතරගම දේව පූජාව

කුජ අපලය වළකන බලගතු කතරගම දේව පූජාව

by Mahesh Lakehouse
November 2, 2024 12:30 am 0 comment

– කතරගම දෙවොලේදී කළ යුතු පුද පූජාවලට දින 3 කට පෙරවත් නිර්මාංශ වන්න
– කතරගම දෙවියන් වෙනුවෙන් පූජාව පවත්වන්නේ මෙහෙමයි

ඕනෑම අයෙකුගේ සුවිශේෂ දක්ෂතා මෙන්ම නායකත්ව ගතිගුණ, දක්ෂතා විදහා දක්වන ග්‍රහ මණ්ඩලයේ ප්‍රබලම ග්‍රහයා කුජයි. ජ්‍යෙතිෂයේදී “භූමි පුත්‍ර” නමින්ද හැඳින්වේ.

කුජ ග්‍රහයා ජන්මියා ක්‍රියාශූර, තේජවන්ත තීක්ෂණ අවබෝධය, උසස් නිර්භීත පුද්ගලයකු ලෙස සමාජයේ වැජඹෙන්නට සලස්වයි. නමුත් කේන්දරය තුළ කුජ බලවත්ව සිටීම අනිවාර්ය වේ. ආරක්ෂක අංශයේ ඉහළ දක්ෂකම් දක්වනුයේ පළවෙනි රාශියේ හෝ දහවෙනි රාශියේ සුබ දෘෂ්ටි සහිත අයයි.

එමෙන්ම ජන්මියාගේ විවාහ දෝෂ අතර ජන්ම කේන්දරයක 1, 2, 4, 7, 8, 12 යන රාශිවල කුජ ග්‍රහයා තැන්පත් නම් ඒ ‘භෞම දෝෂය’ වේ. මෙය විවාහය දෙදරා යන පිහිටීමකි. එම කේන්දර හිමියා නිතරම ජ්‍යෙතිෂ උපදෙස් මත කටයුතු කළහොත් පමණක් ජීවිතය ජයගත හැක. ග්‍රහ ලොවේ සෙන්පතියා වන කුජ සුබය. මේෂ ලග්නයට සහ වෘශ්චික ලග්නයට කුජ ග්‍රහයා ලග්නාධිපති වේ.

කුජ, රවි සමඟ යෝගව 4 වැන්න නියෝජනය කරයි නම් එම දශා ලැබූ විට හෘද රෝග හෘද සැත්කම් යෙදේ. ලේ ධාතුව කෝප කරන තත්ව කුජ නීච වීමෙන් සිදු වේ.

මම මෙසේ සඳහන් කළ සියලු දෝෂ භංග වීමට කළ යුතු මහා පුණ්‍ය කර්මයක් ඇත. ඔබ විශාල ලෙස ආර්ථික ප්‍රශ්ණවලට මැදිවෙලාද, රැකියා විරහිතව අර්බුධකාරී තත්ත්වයකට මුහුණ දෙනවාද, පොදුවේ කරදර විපත්වලින් බේරෙන විශේෂයෙන් කුජ ග්‍රහයා වෙනුවෙන් කරන අති ප්‍රබල වන්දනාව නියම හාස්කම් පෙන්වන උතුම් කතරගම දේව වන්දනාව, නිවැරැදිව පිළිවෙතයි. කතරගම වන්දනාවට දින 03 ක් වත් පෙර සිට නිර්මාංශ වන්න. පෙර දින විහාරස්ථානයට ගොස් බුදුන් වඳින්න. අසරණ පවුලකට පිහිට වන්න. පින් රැස් කරගන්න.

ඉතාම සුවඳ පලතුරු, මල් වර්ග විශේෂයෙන් රත් නෙළුම්, කිරි ආහාර සඳහා බඩු භාණ්ඩ, පඬුරු, බුලත්, රතු මල් මාලා, සුවඳ කුඩු, හඳුන්කූරු සියල්ල සූදානම් කර ගන්න. හිමිදිරියක යොදා ගන්නේ නම් කිරි ආහාර පූජා කිරීම කළ හැකිවේ. පාන්දර පිරිසිදු වී සුදුවතින් සැරසෙන්න.

මහ දෙවොලේ පිටුපස ඇති මහා අෂ්ට පල බෝධිය සුවඳ පැනින් නහවා, ඉතා ප්‍රනීත ලෙස සකසා ගත් කිරි ආහාර (කජු, මුද්රප්පලම් මිශ්‍ර කර ගන්න) පැන්, පූජා කරන්න. මල් පහන් පූජා කරන්න. උතුම් කිරිවෙහෙර වහන්සේට ද කිරි ආහාර පූජා කරන්න. මල් පහන් පූජා කරන්න. මේ පූජා තබන උතුම් අෂ්ට පල බෝධීන් වහන්සේ ළඟත් කිරි වෙහෙර වහන්සේ ළඟත් හැකි පමණ වැඳ පුදා පිරිත් කියන්න.

කහ දියර උරගා ගත් වතුරින් සියලු පලතුරු සෝදා ගන්න. මේවා ගෙඩි පූජා ලෙස සකස් කරගන්න. විශේෂයෙන් පලතුරු වට්ටි දෙකක් පමණ සකස් කර ගන්න.

දේව පූජා තබන විට ප්‍රථම පූජාව උතුම් ගණ දෙවිඳුට තැබිය යුතුය. මල්, පහන් පූජා කර සුවඳ දුම් අල්ලා පොල් ගෙඩියක් කැප කර ගසන්න. අනතුරුවයි. ගණ දෙවිඳුට ප්‍රථම පූජාව තැබිය යුත්තේ. “ඕං ගනේෂාය නමඃ යන්න තෙවරක් කියා ගණ දෙවිඳුට පූජාව කැප කර උතුම් කතරගම දෙවිඳු වන්දනා කරන බව ගණ දෙවියන්ට පවසන්න. ඔබට උන්වහන්සේගෙන් සුවිශේශී ආශීර්වාද ලැබේවි.

දින ගණනක් රැස් කළ සියලු පින් දෙවිඳුට අනුමෝදන් කරන්න.

වන්දේ ස්කන්ධ කුමාරං තං කාචර ග්‍රාම ගෝචරං
පරිරක්ශත්‍ර මාං නිත්‍යං වර්ධයන්
සුඛ සම්පදං

මෙන්න කතරගම දෙවියන්ට පින් දෙන ගාථාව එය තෙරවක් කිය උතුම් කතරගමට අධිපති කතරගම දෙවිඳුට ආරාධනා කරන්න.

ඉතා භක්තියෙන් ඔබේ කාරණය සිතා පඬුරු දමා කැප කරන්න. මහා පලතුරු පූජාව උතුම් කතරගම දෙවිඳුට පූජා කර සත්‍ය ක්‍රියා කරන්න. අනිවාර්යෙන්ම ඔබේ ප්‍රාර්ථනාව ඉටු වෙනවාමයි. අනතුරුව කතරගම දෙවිඳුට පින් දී පිහිට ඉල්ලන්න.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනි දේශමාන්‍ය, දේශකීර්ති ගීතාංගනී ගුණසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division