Home » ඔබේ ව්‍යාපා­රය දියුණු කර­වන ප්‍රබල මන්ත්‍රය

ඔබේ ව්‍යාපා­රය දියුණු කර­වන ප්‍රබල මන්ත්‍රය

by Mahesh Lakehouse
November 2, 2024 12:30 am 0 comment

ගුප්ත ශාස්ත්‍රය යනු මේ මහා පෘථිවි තලය පම­ණක් නොව විශ්ව­යම ආක­ර්ෂනය කර­ගතහැකි අමු­තුම බල­යක් සහිත ශාස්ත්‍ර­යකි. ගුප්ත යනු තේරු­ම්ගත නොහැකි යන අර්ථ­යයි. ගුප්ත ශාස්ත්‍රය ශාස්ත්‍ර­යක් මෙන්ම භාෂා­වක් ලෙස ද හඳු­නා­ගත හැකියි. ශාස්ත්‍රය යනු ඉගෙ­නී­මයි. භාෂාව යනු හැදෑ­රී­මයි. එය එසේ නම් මෙම ශාස්ත්‍රය තුළ ඉගෙ­නීම සහ හැදෑ­රීම යන අංශ ගැබ්ව ඇති බව තේරු­ම්ගත හැකිය.

ඉගෙ­නීම හෝ හැදෑ­රීම යනු කුමක්ද යන්න කාට හෝ නිර්ව­ච­නය කිරීම හෝ විග්‍රහ කිරී­මට හැකි වන්නේ නම් ඒ අයට නිවැ­ර­දිව ගුප්ත විද්‍යාව හෝ ශාස්ත්‍රය යනු කුමක්ද යන්න කරුණු අධ්‍ය­ය­නය කිරීම හෝ තේරුම් ගැනී­මට හැකිය.
මා එසේ සඳ­හන් කළේ ගුප්ත විද්‍යා­වෙන් සිදු­වන දේ කිසි­ව­කුට ‘ස්පර්ශය’ කළ නොහැකි නිසාය. එහි බලය පිළි­බ­ඳව ද විග්‍රහ කිරීම හෝ පුරෝ­ක­ථන කිරී­මට නොහැකි තරම්ය.

අපි උදා­හ­රණ ලෙස ගත­හොත් සුළඟ පිළි­බ­ඳව යමෙ­කු­ගෙන් විග්‍රහ කිරී­මක් අපේක්ෂා කළ­හොත් එහි වර්ණය හෝ හැඩ­ත­ලය කිසි­ව­කුට කිසිදා විග්‍රහ කළ නොහැ­කිය.

නමුත් සුළඟ ඇහ ගැටුණු විට එය සුළඟ යන හැඟීම තමන්ට දැනෙනු ඇත. ගුප්ත විද්‍යා­වත් එසේ­මයි. යම් කාර්යක ප්‍රති­ඵල ලැබුණු විට යටි­හි­තට දැනෙනු ඇත.

නමුත් එය කෙසේ සිදු­වූවා දැයි කිසි­වකු නොදනී. කරුණු එසේ නම් මෙය අති ප්‍රබල ශාස්ත්‍ර­යක් හෝ විද්‍යා­වක් බව කිව­ හැ­කිය. අද සිට ඉදි­රි­යට පළ­වන ලිපි පෙළෙහි සඳ­හන් කරුණු අත්හදා බැලී­මේදී එය ඔබ­ටම තේරු­ම්ගත හැකි­වනු ඇත. මා සතු ඉතාම අද්වි­තීය සේම ‘පාර­ම්ප­රික උරු­ම­යන්’ ඔබ හමුවේ තබන්නේ ඔබේ මතු යහ­පත සඳ­හාය.

අපේ ලෞකික ජීවිත තුළ එදි­නෙදා පැන­න­ඟින දහ­සක් ප්‍රශ්න අත­රින් ප්‍රධාන වන්නේ ආර්ථික ප්‍රශ්නයි. ඔබේ ව්‍යාපා­රය, රැකි­යාව, වෙළෙ­ඳාම, ගොවි­තැන මොන­යම් හෝ බල­ය­කින් දියුණු වන්නේ නම් එය ඔබට යහ­ප­තකි. මෙම කට­යුතු දියු­ණු­කර ගැනීම සඳහා පහත ක්‍රම­වේද අත්හදා බලන්න.

ක්‍රම­වේ­දය

පිරි­සිදු සාම්බ්‍රානි අවශ්‍ය පමණ කට පළල් බඳු­න­කට දමා පහත මන්ත්‍ර­යෙන් 108 වර දින­පතා ජීවම් කර­මින් ඔබේ නිව­සට, ව්‍යාපා­ර­යට, ගොවි­බි­මට, වෙළෙඳ ආය­ත­න­යට උදේ හවස දුම් අල්ලන්න.

දුම් අල්ල­න­විට තම වස්ත්‍ර සහ මූණට ද දුම් ඇල්ලී­මට පුරුදු වන්න.

ඔබ බලා සිටි­යදී දියු­ණුවේ. එය මවි­සින් අත්හදා බලා වසර ගණ­නා­වක ප්‍රති­ඵල මත ඔබගේ යහ­පත වෙනු­වෙන් ඉදි­රි­පත් කරන බව වග කීමෙන් යුතුව ප්‍රකාශ කරමි.

මන්ත්‍රය

නානා මෙත්වා ශිවා­ලුම්
මෙති වාවා ශිව ගුරු වාවා ආදි­ගුරු වාවා
යස ඉසුරු වාවා ළප්පත්ති පත්ති
දිව ගුරු පාර්වතී උපු­ල්වන් කන්ද
කුමාර ශ්‍රියා දේවී මා රක්ෂා කරත්වා
ඕං නස්තු

හොරොව්පතාන, මොරකෑව
පුරාණ ගණදෙවි දෙවොලේ භාරකාර
ජ්‍යොතිෂ විද්‍යා විශාරද කේ. එස්. එස්. යෝදින්ගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division