ගුප්ත ශාස්ත්‍රය යනු මේ මහා පෘථිවි තලය පමණක් නොව විශ්වයම ආකර්ෂනය කරගතහැකි අමුතුම බලයක් සහිත ශාස්ත්රයකි. ගුප්ත යනු තේරුම්ගත නොහැකි යන අර්ථයයි. ගුප්ත ශාස්ත්‍රය ශාස්ත්‍රයක් මෙන්ම භාෂාවක් ලෙස ද හඳුනාගත හැකියි. ශාස්ත්‍රය යනු ඉගෙනීමයි. භාෂාව යනු හැදෑරීමයි. එය එසේ නම් මෙම ශාස්ත්‍රය තුළ ඉගෙනීම සහ හැදෑරීම යන අංශ ගැබ්ව ඇති බව තේරුම්ගත හැකිය.
ඉගෙනීම හෝ හැදෑරීම යනු කුමක්ද යන්න කාට හෝ නිර්වචනය කිරීම හෝ විග්රහ කිරීමට හැකි වන්නේ නම් ඒ අයට නිවැරදිව ගුප්ත විද්‍යාව හෝ ශාස්ත්‍රය යනු කුමක්ද යන්න කරුණු අධ්‍යයනය කිරීම හෝ තේරුම් ගැනීමට හැකිය.
මා එසේ සඳහන් කළේ ගුප්ත විද්‍යාවෙන් සිදුවන දේ කිසිවකුට ‘ස්පර්ශය’ කළ නොහැකි නිසාය. එහි බලය පිළිබඳව ද විග්රහ කිරීම හෝ පුරෝකථන කිරීමට නොහැකි තරම්ය.
අපි උදාහරණ ලෙස ගතහොත් සුළඟ පිළිබඳව යමෙකුගෙන් විග්රහ කිරීමක් අපේක්ෂා කළහොත් එහි වර්ණය හෝ හැඩතලය කිසිවකුට කිසිදා විග්රහ කළ නොහැකිය.
නමුත් සුළඟ ඇහ ගැටුණු විට එය සුළඟ යන හැඟීම තමන්ට දැනෙනු ඇත. ගුප්ත විද්‍යාවත් එසේමයි. යම් කාර්යක ප්‍රතිඵල ලැබුණු විට යටිහිතට දැනෙනු ඇත.
නමුත් එය කෙසේ සිදුවූවා දැයි කිසිවකු නොදනී. කරුණු එසේ නම් මෙය අති ප්‍රබල ශාස්ත්‍රයක් හෝ විද්‍යාවක් බව කිව හැකිය. අද සිට ඉදිරියට පළවන ලිපි පෙළෙහි සඳහන් කරුණු අත්හදා බැලීමේදී එය ඔබටම තේරුම්ගත හැකිවනු ඇත. මා සතු ඉතාම අද්විතීය සේම ‘පාරම්පරික උරුමයන්’ ඔබ හමුවේ තබන්නේ ඔබේ මතු යහපත සඳහාය.
අපේ ලෞකික ජීවිත තුළ එදිනෙදා පැනනඟින දහසක් ප්‍රශ්න අතරින් ප්‍රධාන වන්නේ ආර්ථික ප්‍රශ්නයි. ඔබේ ව්‍යාපාරය, රැකියාව, වෙළෙඳාම, ගොවිතැන මොනයම් හෝ බලයකින් දියුණු වන්නේ නම් එය ඔබට යහපතකි. මෙම කටයුතු දියුණුකර ගැනීම සඳහා පහත ක්‍රමවේද අත්හදා බලන්න.
ක්‍රමවේදය
පිරිසිදු සාම්බ්‍රානි අවශ්‍ය පමණ කට පළල් බඳුනකට දමා පහත මන්ත්‍රයෙන් 108 වර දිනපතා ජීවම් කරමින් ඔබේ නිවසට, ව්‍යාපාරයට, ගොවිබිමට, වෙළෙඳ ආයතනයට උදේ හවස දුම් අල්ලන්න.
දුම් අල්ලනවිට තම වස්ත්‍ර සහ මූණට ද දුම් ඇල්ලීමට පුරුදු වන්න.
ඔබ බලා සිටියදී දියුණුවේ. එය මවිසින් අත්හදා බලා වසර ගණනාවක ප්‍රතිඵල මත ඔබගේ යහපත වෙනුවෙන් ඉදිරිපත් කරන බව වග කීමෙන් යුතුව ප්‍රකාශ කරමි.
මන්ත්‍රය
නානා මෙත්වා ශිවාලුම්
මෙති වාවා ශිව ගුරු වාවා ආදිගුරු වාවා
යස ඉසුරු වාවා ළප්පත්ති පත්ති
දිව ගුරු පාර්වතී උපුල්වන් කන්ද
කුමාර ශ්‍රියා දේවී මා රක්ෂා කරත්වා
ඕං නස්තු
හොරොව්පතාන, මොරකෑව
පුරාණ ගණදෙවි දෙවොලේ භාරකාර
ජ්‍යොතිෂ විද්‍යා විශාරද කේ. එස්. එස්. යෝදින්ගේ