Home » සතියේ කලදවස

සතියේ කලදවස

සතියේ පලාපල - නොවැම්බර් 4 - 10 දක්වා

by Mahesh Lakehouse
November 2, 2024 12:30 am 0 comment

මේෂ – දරුවන්ගේ බලාපොරොත්තු ඉටුවේ

සඳු ගමන් ගන්නේ 8, 9, 10, 11 යන භාවයන් හරහාය. ආරම්භයේ කණගාටුදාක පුවතක් කන වැකෙන්නට පුළුවන. රැකියා ව්‍යාපාර දියුණුව මෙන්ම පුණ්‍ය කටයුතුවලට දායකත්වය ලබාදීමේ අවස්ථා මතු කරයි. ප්‍රසිද්ධිය, කීර්තිය, ගෙදරදොර වැඩ කටයුතු දරුවන්ගේ යහපත් බලාපොරොත්තු නිසි අයුරින් සුබපල ලබාදෙයි. අපල අවම වීමට අභිසම්බිදාන පිරිත කියන්න.

සුබ අංක – 7, 9 / සුබ වර්ණ – රතු, නිල් / සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා.

වෘෂභ – අරමුණු ඉටුවේ

සඳු ගමන් ගන්නේ 7, 8, 9, 10 යන භාවයන් හරහාය. ව්‍යාපාර ලාභ, ස්වයංරැකියා දියුණුව පෙන්නුම් කරයි. ඇවිදිලි වැඩි සතියකි. වස් පින්කම් වැනි පුණ්‍ය කටයුතුවලට දායකත්වය ලබාදෙයි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මෙන්ම සියලු යහපත් අරමුණු ඉටු වීමට මග සැලසෙයි. අපල අවම වීමට මෛත්‍රී භාවනාව වඩන්න.

සුබ අංක – 3, 6 / සුබ වර්ණ – ලා රෝස / සුබ දවස් – බදාදා, සිකුරාදා.

මිථුන – ආර්ථිකය ශක්තිමත් වේ

සඳු ගමන් කරන්නේ 6, 7, 8, 9, යන භාවයන් හරහාය. සතුරු කරදර අවම වන ව්‍යාපාර හා අනෙකුත් හවුල් කටයුතුවලට සුබඵල උදා කරයි. ප්‍රසිද්ධියට ලක්වන සමාජසේවා හා පුණ්‍යස්ථානවල කටයුතුවලට ආරාධනා ලැබෙයි. සතිය අවසාන වන විට දරුවන්ගේ අධ්‍යාපනික තත්ත්වය උසස් වීමට හැකි කරුණු කාරනා සවිමත් වනු ඇත. ආර්ථිකය ද ශක්තිමත් වේ. අපල හා අසනීප ගති සුළු වශයෙන් පවතී. අපල අවම වීමට සවස චන්ද පිරිත කියන්න.

සුබ අංක – 3, 5 / සුබ වර්ණ – කොළ / සුබ දවස් – සිකුරාදා

කටක – සුබපල උදා කරන සතියක්

සඳු ගමන් ගන්නේ 5, 6, 7, 8 භාවයන් හරහාය. දරුවන්ගේ අධ්‍යාපනික තත්ත්ව මෙන්ම ඔවුන්ගේ සියලු යහපත් ප්‍රාර්ථනාවලට සුබපල උදා කරන සතියක් වන අතර ව්‍යාපාර ලාභ ගෙන දෙයි. සතුරන් මිතුරු වේ. යසස කීර්තිය පැතිරේ. සතියේ අග සුළු අපල හා අසනීප ගති ඇතිවේ. එම අපල මග හරවා ගැනීමට සතිය ආරම්භයේ සිටම ආගමික නැඹුරුව පවත්වා ගන්න.

සුබ අංක – 2, 7 / සුබ වර්ණ – සුදු / සුබ දවස් – සඳුදා, අඟහරුවාදා.

සිංහ – ව්‍යාපාර ලාභ

සඳු ගමන් ගන්නේ 4, 5, 6, 7 යන භාවයන් මතිනි. උදාසීන බවකින් තොරව ගෘහ ජීවිතය තුළ සියලු කරුණු කාරණා නිසි ලෙස ඉටු කරයි. දරුවන් නිසා සතුටුදායක පුවත් අසන්නට දකින්නට ලැබෙයි. ව්‍යාපාර කටයුතුවලින් ලාභ ප්‍රයෝජන අත්වෙන සතුටුදායක සතියකි. අපල අවම වීමට නැති බැරි අයට උපකාර කරන්න.

සුබ අංක – 1, 4 / සුබ වර්ණ – රතු / සුබ දවස් – අඟහරුවාදා, ඉරිදා.

කන්‍යා – සහජ හැකියාවන් ඔප් නැංවේ

සඳු ගමන් ගන්නේ 3, 4, 5, 6 යන භාවයන් මතිනි. සහජ හැකියාවන් ඔප් නැංවෙන උද්‍යෝගිමත් සතියකි. මව් දෙමව්පියන්ගේ සහ ඥාති හිතවතුන්ගේ උදව් උපකාර ලැබේ. සතුරන් පවා මිතුරු වේ. එහෙත් ඒ අතර ඔබට එරෙහි වන්නන්ද සිටිය හැකි බැවින් ඇස්වහ වතුර මතුරා ගන්න. ජයග්‍රාහී සතියකි. දහමට නැඹුරුවන්න.

සුබ අංක – 5, 7 / සුබ වර්ණ – කොළ / සුබ දවස් – සිකුරාදා, බදාදා.

තුලා – අතමිට මිල මුදල් ගැවසේ

සඳු ගමන් ගන්නේ 2, 3, 4, 5 යන භාවයන් හරහාය. අතමිට මුදලක් ගැවසෙන මේ සතිය ඔබට යහපත් වේ. ස්වයං රැකියා දියුණු වේ. ඒවාට ඉල්ලුම වැඩිවේ. ගෙදර දොර කටයුතු පිළිවෙළට කර ගැනීමට හැකි ශක්තිය ධෛර්ය උපදී. මා පිය දූ දරු සොහොයුරු සබඳතා වර්ධනය වන ඔවුන් එකතුව පුණ්‍ය කටයුතු වලට සහය දක්වන සුබ සතියකි. අපල අවම වීමට බෝධිපූජාවලට සහභාගී වන්න.

සුබ අංක – 6, 9 / සුබ වර්ණ – සුදු, ක්‍රීම් / සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා.

වෘශ්චික – ස්වයං රැකියා දියුණුව

සඳු ගමන් ගන්නේ ලග්නය 2, 3, 4 හරහාය. ආරම්භය ගැටලුකාරී විය හැකි නමුදු දෙවැනි තුන්වැන දිනවලදී ඒ ගතිය මග හැරී ගොස් ඔබගේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට හැකිවනු ඇත. උත්සාහයෙන් යුතුව ඔබ කරන කියන රැකියා කටයුතු කරගෙන යන්නේ නම් ලාභ ප්‍රයෝජන අත්කරගත හැකි බවක් පෙන්වයි. ස්වයංරැකියාවලට ඉල්ලුමක් පවතී. අන්‍යයන් ඉදිරියේ ඔබගේ කතාව පාලනය කර ගැනීම අපල අඩු කරයි.

සුබ අංක – 5, 7 / සුබ වර්ණ – රතු/ සුබ දවස් – අඟහරුවාදා.

ධනු – අරමුණු සපල කර ගනී

සඳු ගමන් ගන්නේ 12 ලග්නය 2, 3 යන භාවයන් හරහාය. ආරම්භය පාඩුවක් හෝ සිත් රිදීමක් ඇති විය හැකි නමුදු ඉන් පසු ඔබ උද්‍යෝගිමත් වේ. පොදු වැඩවලට අතහිත දෙමින් ගෘහ ජීවිතයේ මෙන්ම රැකියාවේ වැඩ කටයුතු මධ්‍යස්ථව කරගෙන යයි. අතමිට මුදලක් ඉතිරි කරගත හැකි තම අරමුණුවලට ළඟා විය හැකි වාතාවරණයක් පවතී. අපල අවම කර ගැනීමට බෝමළුව පිරිසිදු කරන්න.

සුබ අංක 6, 8 / සුබ වර්ණ – කහ, සුදු / සුබ දවස් – ඉරිදා, බදාදා.

මකර – ලැබීම් සහිතයි

සඳු ගමන් ගන්නේ 11, 12, 1, 2 යන භාවයන් හරහාය. ඔබගේ ආර්ථිකය ශක්තිමත් වන ඥාති හිත මිත්‍රාදීන්ගේ සහයෝගය ලැබෙන සතියක් බව පෙන්වයි. ගෙදර දොර කටයුතු පිළිවෙළටකට කරගෙන යාමටත් ව්‍යාපාර අංශවල දියුණුවක් ඇති කර ගැනීමටත් හැකිවනු ඇත. අසනීප ගති මග හැරී යයි. අපල අවම වීමට වස් පින්කම්වලට සහභාගී වන්න.

සුබ අංක – 8, 9 / සුබ වර්ණ – නිල් / සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා

කුම්භ – යහපත් මානසික තත්ත්වයක්

සඳු ගමන් ගන්නේ 10, 11, 12 ලග්නය යන භාවයන් මතිනි. රැකියාව දේව කාරිය මෙන් පරිත්‍යාගශීලිත්වයෙන් කරගෙන යන ඇවිදිලි වැඩි සතියක් බව පෙන්වයි. අවිවේකය දිගින් දිගටම බල පවත්වයි. එහෙත් යහපත් මානසික තත්ත්වයක් ඔබ සතුවීම අරමුණු අපේක්ෂා සපල කර ගැනීමට පිටුවහලක් වනු ඇත. අපල අවම වීමට රෝගීන්ට උපකාර කරන්න.

සුබ අංක – 3, 8 / සුබ වර්ණ – නිල් / සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා.

මීන – පුණ්‍ය කටයුතුවලට දායකත්වය

සඳු ගමන් ගන්නේ 9, 10, 11, 12 යන භාවයන් හරහාය. පුණ්‍ය සිතුවිලි සහිතව ආරම්භ වන සතිය ඔබට අපල අවම කරගෙන තම වැඩ කටයුතු කරගෙන යාමට උදව් වේ. ලැබීම් මෙන්ම සති අග වියදම් ද යෙදෙන බැවින් අත්‍යවශ්‍යම දේට පමණක් මුදල් වියදම් කරන්න. ගමන් බිමන් අධිකය. රැකියා ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජන ගෙන දෙයි. දරුවන්ගේ අධ්‍යාපනික තත්ත්වය සුබ අතට හැරෙයි. අපල අවම වීමට කහපාට මල් පූජා කරන්න.

සුබ අංක – 3, 9 / සුබ වර්ණ – කහ / සුබ දවස- බ්‍රහස්පතින්දා.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division