Home » පොත් කියවීමේ වැදගත්කම

පොත් කියවීමේ වැදගත්කම

by Mahesh Lakehouse
November 2, 2024 12:28 am 0 comment

පොත් කියවීම යනු ඉස්කෝලේ, විශ්වවිද්‍යාලයේ පමණක් සීමාවූ දෙයක් නොව, ජීවිතයේම අරුතක් සහිත කටයුත්තකි. පොත් කියවීම තුළින් අපට නව දැනුමක්, අත්දැකීම් සහ ලෝකය පිළිබඳ විවිධ මතයන් ලබාගත හැකිය. පොත් කියවීම මඟින් අධ්‍යාපනය පමණක් නොව, හොඳ නායකත්වය, විශ්ලේෂණාත්මක සිතීම, භය නැතිවීම සහ ස්වයං විකසනය ද සිදුවේ.

පොත් කියවීම මගින් අපේ සිත සවිවත් වෙයි. විවිධ කතා, චරිත සහ තත්ත්වයන් නිරීක්ෂණය කරමින් අපිට නව කුතුහලයන් සහ ආසාවන් ඇතිවෙයි. මෙය විශේෂයෙන් පෙනී යන්නේ ළමා කාලයේදීය. කුඩා ළමයින් පොත් කියවීම ආරම්භ කරන විට, ඔවුන්ගේ සිතීමේ හැකියාව, නිර්මාණශීලිත්වය සහ චින්තන මනාපය වර්ධනය වෙයි. පොත් කියවී­‍ෙමන් සිත් සැනසීම වැඩිවීම සහ ආතතිය අඩු කිරීම ද සාර්ථකව සිදුවේ. අවසන් වශයෙන් පොත් කියවීම ජීවිතයට යහපතක් ලබාදෙන උත්තරීතර කාර්යයකි. අපගේ දැනුම සහ නෛතිකව සවිමත් කිරීම, විශේෂයෙන්ම පොත් මඟින් සිදුවේ. එබැවින් පොත් කියවීමට කලින් අරමුණක් තබා මසකට වඩා වැඩි කාලයක් වෙන්කිරීමෙන් ද පොත් කියවීමේ භාවිතය වැඩිදියුණු කරගත හැකිය.

සෙනේෂා නිර්මාණි අපරැක්ක 
8 ශ්‍රේණිය ‘එච්‘, ශ්‍රි රාහුල බාලිකා විද්‍යාලය, 
මාලබේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division