Home » සේරන්කඩ නවෝද්‍යා පාසලට ක්‍රීඩා පිටියක් ලබා දෙන්න

සේරන්කඩ නවෝද්‍යා පාසලට ක්‍රීඩා පිටියක් ලබා දෙන්න

by Mahesh Lakehouse
November 2, 2024 12:28 am 0 comment

නැඟෙනහිර පළාතේ, අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය අධ්‍යාපන කලාපයට අයත් සේරන්කඩ නවෝද්‍යා පාසල ක්‍රීඩා පිටියක් නොමැතිකමින් සිසු දරු දැරියන් දැඩි අපහසුතාවන්ට පත්ව ඇත.

ක්‍රීඩා පිටියක් ලෙස වෙන් කළ බිම් කඩක් ඇතත් එය වැවකට මායිම්ව පැවතීම නිසා වැසි කාලයට මඩ ගොහොරුවක් හ වියලි කාලවලට තදින් වියළුන අනතුරු බහුල බිමක් වීම නිසා මෙහි ක්‍රීඩා කිරීම නවතා දමා ඇත.

ක්‍රීඩාපිටියක් නොමැතිකමින් සිසු දරු දැරියන් සැතපුම් හතක් දුර ගෙවා , යම් මුදලක්ද වැය කර පුහුණුවීම් සඳහා පදියතලාව පැදීදොර පොදු ක්‍රීඩාංගණය වෙත පැමිණීමට සිදුව තිබේ.

ක්‍රීඩා පිටියක් නොමැතිව වුවද සේරන්කඩ නවෝද්‍යාවේ සිසු දරු දැරියන් අඛණ්ඩවම වසර පහක් මහඔය කලාප ශූරතාවය හිමි කරගෙන ඇත. ඊට අමතරව පසුගිය දිනවල ජාතික මට්ටමේ විජයග්‍රහණ කිහිපයකටද හිමිකමි කීමට සමත් ව ඇත.

ක්‍රීඩා පිටියක් නොමැතිව වුවද එලෙස දක්ෂතා දක්වන මෙම දරු දැරියන්ට ක්‍රීඩා පිටියක් ලබා දීමට බලධාරින් වහා තීරණ ගත යුතුය. මක්නිසාදයත් අනාගත ක්‍රීඩා කෙත අස්වද්දන මල් කැකුළු කැලේම පිපී කැලේම පරවී යෑමට ඉඩ නොදිය යුතු හෙයිනි.

මෙම විද්‍යාලයට ඉදිරිපිට ඇති පැරණි ප්‍රාදේශීය සභා ගොඩනැඟිල්ල හා එම ඉඩම දැනට වල් බිහිව ඇති අතර එය පිළිසකර කර ක්‍රීඩා පිටියක් ඉදිකර දෙන්නේ නම් ඔවුන්ට ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ අත් කරදීමට මග හසර විවර වන බව නිසැකය.

– වසන්ත කුමාර – පදියතලාව

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division