743
ජාතික රූපවාහිනිය ප්‍රේක්ෂකයන් වෙත ගුණාත්මක බවින් පිරි නවමු වැඩසටහන් රාශියක් පිරිනැමීමට කටයුතු යොදා ඇති අතර 3 වැනිදා සිට ‘සංයුග‘ වැඩසටහන එහි නවතම අංගය වී ඇත.
තාරුණ්‍යයේ විශේෂ හැකියාවන් ලොවට පෙන්වන්නට රූප මාධ්‍ය තුළ ඉඩක් ලබාදීම එහි අරමුණ වේ. විශේෂ දක්ෂතාවලින් පිරිපුන් තාරුණ්‍යයේ කිහිප දෙනකු සභගාගී කර ගෙන ඔවුන්ගේ හැකියාව ගැන කතා කරන අතරේම එම හැකියාව සමාජගත කිරීමේදී මතුවන ගැටලු ගැන සාකච්ඡා වෙන මෙම වැඩසටහන තුරුණු සවියට දිරියක් වනු ඇත.
විශේෂ හැකියාවක් සහිත තාරුණ්‍යයේ පසුවන්නන්ට 03 වැනිදා සිට සෑම ඉරිදා දිනකම රාත්‍රී 7.00 – 7.30 දක්වා අඩ හෝරාව වෙන්වනු ඇත.