විදෙස් ප්‍රේෂණ රටට එවා රටේ ආර්ථික ක්‍රියාවලිය තුළ තීරණාත්මක භූමිකාවක් ඉටුකරන විදේශගත ශ්‍රමිකයන් පිළිබඳ රජයේ ඉහළ අවධානයක් යොමුවිය යුතු බව සංක්රමණිකයින්ගේ හඬ ජාලය පවසයි.
‘සංක්රමණිකයින්ගේ හඬ ජාලයේ’ සාමාජික සංවිධානයක් වන ‘ස්ටෑන්ඩ් අප් මූව්මන්ට් ශ්‍රී ලංකා’ ආයතනයේ විධායක අධ්යක්ෂ අශීලා දන්දෙණිය කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පවසා සිටියේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා ඩොලර් මිලියන 4843ක මුදලක් විදෙස්ගත ශ්‍රමිකයින් ලංකාවට එවා ඇති බවයි.
පසුගිය වසර හා සසඳා බලද්දී එය සියයට 11.57ක වර්ධනයක් බවත්, මෙවැනි සැලකිය යුතු විදේශ විනිමයක් රටට ගෙන එන සංක්‍රමණික ශ්‍රමික ප්‍රජාව පිළිබඳ පසුගිය ආණ්ඩු කිසිදු සැලකිල්ලක් නොදැක්වූ බවත් ඇය සඳහන් කළාය.
ලෙබනනයේ තත්ත්වයන්, ඊශ්‍රායලේ යුද ගැටුම්, මියෙන්මාරයේ වද කඳවුරු ආදිය ගැන වත්මන් රජයේ අවධානය වහාම යොමුවිය යුතු බව දන්දෙණිය මහත්මිය අවධාරණය කළාය.
වෙනත් රටවල අය තමන්ගේ පුරවැසියන් නැවත තමාගේ රටවලට කැඳවා ගැනීමට කටයුතු කළත්, අපගේ රටේ සිදුවූයේ එකී අර්බුදකාරී තත්ත්වයන් පවා ප්‍රයෝජනයට අරන් තවදුරටත් රට පැටවීම පමණක් බව ඇය පෙන්වා දුන්නාය.