කොළඹ විශ්වවිද්‍යාලයේ 2024 වාර්ෂික පර්යේෂණ සම්භාෂණය “ඵලදායි පර්යේෂණ ඔස්සේ ධරණීය අනාගතයක් ගොඩනැඟීම “යන මැයෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) මෙරට නිත්‍ය නියෝජිත අසූසා කුබෝටා මහත්මියගේ ප්‍රධානත්වයෙන් නොවැම්බර් 4 දින විශ්වවිද්‍යාලීය පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ ලක්ෂ්මන් දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්.ඩි. කරුණාරත්නගේ මූලිකත්වයෙන් හා විශ්වවිද්‍යාල ආචාර්ය ප්‍රජාව සහ ජගත් කීර්තිධර ගෝලීය විද්වතුන් රාශියකගේ සහභාගිත්වයෙන් පැවැත්වේ පැවත්වෙන මෙම සම්භාෂණයේදී මහාචාර්ය මෝහන් මුණසිංහ විසින් තිරසාරභාවය සහ සමකාලීන හරිත අන්තර්ග්‍රාහී සංවර්ධනය (BIGG) සහ දේශගුණික යුක්තිය උදෙසා අන්තර් ශික්ෂණමය පර්යේෂණ යන මැයෙන් දේශනයක්ද,ජපනයේ වසේඩා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය යසුයුකී ටෝඩෝ විසින් ගෝලීය සැපයූම් දාමයන්හි ධරණීය සංවර්ධනය යන මැයෙන් දේශනයක් සහ සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ සභාපති වෛද්‍ය වින්‍යා ආරියරත්න මහත්මිය විසින් ධරණීය අනාගතයක් ගොඩනැඟීමේදී ප්‍රජාවන්ගේ සහ සිවිල් සමාජය කාර්යභාරය මැයෙන් දේශනයක් පැවැත්වීමට නියමිතය.
ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අනුව 2%ක් වන ලෝකයේ ඉහළම ගණයේ විශ්වවිද්‍යාල හා පර්යේෂකයින් අතරට කොළඹ විශ්වවිද්‍යාලය ඔසවා තැබීමට දායක වූ විශ්වවිද්‍යාල අධ්‍යයනය කාර්ය මණ්ඩලය ඇගයීමද මෙම උත්සවයට සමගාමීව සිදු කිරීමට කිරීමට නියමිතය.