Home » ඉන්දීය මහ කොමසාරිස් ‘පාත්ෆයින්ඩර්‘ සමඟ සාකච්ඡාවක

ඉන්දීය මහ කොමසාරිස් ‘පාත්ෆයින්ඩර්‘ සමඟ සාකච්ඡාවක

by Mahesh Lakehouse
November 2, 2024 12:30 am 0 comment

ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ඇතුළු මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිත පිරිසක් පාත්ෆයින්ඩර් පදනම මූලස්ථානයට පැමිණ දෙරට අතර සහයෝගීතාවය සඳහා ස්ථාපිත කර ඇති ඉන්දු ශ්‍රී ලංකා සහයෝගීතා මධ්‍යස්ථානයේ ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කරන පියවර ගැන සාකච්ඡා කර ඇත.

මෙම මධ්‍යස්ථානය 2015 වසරේ දී පිහිටුවනු ලැබූ අතර විවේකානන්ද ජාත්‍යන්තර පදනම, ආරක්ෂක අධ්‍යයන සහ විශ්ලේෂණ ඉන්දියානු පදනම (නැට්ස්ටාර්ට්) ඉන්දිය එක්සත් සේවා ආයතනය, ජාතික මැරීන් සේවා පදනම, දිල්ලි ප්‍රතිපත්ති සංසදය, අනන්තා මධ්‍යස්ථානය, කාලිංග ජාත්‍යන්තර පදනම හා ආරක්ෂක අධ්‍යයන මධ්‍යස්ථානය වැනි ඉන්දියාවේ ප්‍රධාන සංවිධාන සමඟ සමගාමීව කටයුතු කරන්නට සමත්ව සිටී.

පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පදනම සහ සහයෝගීතා මධ්‍යස්ථානය විසින් මෙතෙක් පවත්වාගෙන ගිය කාර්යයන් පිළිබඳව මෙහි දී සමාලෝචනයක නිරත වූ අතර දෙරට අතර සමීප සම්බන්ධතාව සහ ආර්ථීක හවුල්කාරිත්වය ඇතුළු ක්ෂේත්‍රවල බුද්ධි මණ්ඩල අතර සහයෝගිතාව තවදුරටත් වර්ධනය කිරීම පිළිබඳව ද මෙහි දී අදහස් හුවමාරු කරගෙන ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division