පොල් මද ආනයනය සඳහා කර්මාන්තකරුවන්ට අවසර ලබා දීමත් සමඟ ඉදිරියේදී පොල් මිල අනිවාර්යෙන්ම පහළ බසිනු ඇතැයි පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ශාන්ත රණතුංග සිළුමිණට පැවැසීය.
පොල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යෑමට පොල් නිෂ්පාදනය අඩු වීම සහ අපනයනය සඳහා ලැබුණු විශාල ඉල්ලුම බලපෑ බව ද කී හෙතෙම, ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට කර්මාන්තකරුවන් කළ ඉල්ලීම අනුව පොල් මද ආනයනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට සංදේශයක් ඉදිරිපත් කරන බව ද සඳහන් කළේය.
ඒ හේතුවෙන් ඉදිරියේදී අනිවාර්යෙන්ම පොල් මිල පහළ බසින බැවින් පොල් තොග රැස් කරගෙන සිටීමෙන් වළකින ලෙස ඉල්ලා සිටින බවත් සභාපතිවරයා වැඩිදුරටත් පැවැසීය.
ඔක්තෝබර් 18 වැනිදා පැවැති වෙන්දේසියේදී රුපියල් 121. 60ක් වූ පොල් ගෙඩියක මිල 24 වැනිදා වෙන්දේසියේදී රුපියල් 105 දක්වා පහළ ගිය බවත් හෙතෙම සඳහන් කළේය.
සුරේකා නිල්මිණි ඉලංකෝන්