ඇඳිරිනීති පැනවීම අවශ්‍ය නොවන වර්ජන සිදු නොකරන රටක් බිහි කිරීම ජාතික ජන බලවේගයේ අරමුණ බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා පවසයි.
ගැටලුවක් ප්‍රශ්නයක් ඇත්නම් එය සාකච්ඡාවෙන් විසඳාගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බවත් එවන් රටක් තුළින් සංවර්ධනය මෙන්ම අධ්‍යාපනය ප්‍රවාහනය වැනි පද්ධති ගොඩ නැංවීම අසීරු නොවන බවත් ඔහු පෙන්වා දුන්නේය. වර්ජන අත්දැකීම් නොවැම්බර් 14න් පසු අවසන් විය යුතු බව පෙන්වා දුන් නිපුණආරච්චි මහතා පැවසුවේ දේශපාලකයන් විසින් අගාධයට ඇද දමා ඇති රටක්, එකම ක්ෂේත්රයේ දිනෙන් දින වර්ජන බිහි වන රටක්, සංවර්ධනය කරා ගෙන යාමේ භාරදූර වගකීමක් ජාතික ජනබලවේගයට ඇති බවයි.