1.6K
ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කරන්නට ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායමට නොහැකි වී ඇතැයි සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී කවින්ද ජයවර්ධන සිළුමිණට කීය.
රට තුළ දැඩි අර්බුදයක් ඇති නමුත් ආණ්ඩුව එය තේරුම් ගෙන නොමැති බව පෙන්වා දුන් කවින්ද ජයවර්ධන මහතා මේ මැතිවරණය ඉතා තීරණාත්මක මැතිවරණයක් බව පෙන්වා දුන්නේය. ජනතාව දැඩි බලාපොරොත්තු තබා සිටියත් දැන් සිදුව ඇත්තේ එම බලාපොරොත්තු සුන්වීම පමණක් යැයි කී ඔහු මැතිවරණයේදී ජනතාව සමගි ජන බලවේගය කෙරෙහි විශ්වාසය පළ කරනු ඇති බවද කීවේය.