ඔබගේ දේශපාලන ආගමනය සිදු වන්නේ කෙසේද?
මගේ උපන් ගම අගලවත්ත. පාසල් කාලයේ සිටම මම දේශපාලනය පිළිබඳ කිසියම් උනන්දුවක් දැක්වුවා. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන සමයේදී සමාජවාදී ශිෂ්‍ය සංවිධානයේ ක්‍රියාකාරකම්වලට එක්වීමෙන් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දේශපාලන ව්‍යාපාරය මම තෝරාගත්තා. 2009 වර්ෂය වන විට මම වෛද්‍යවරෙයක් ලෙස සේවය කරමින් සිටියත් එයින් ඉවත් වී පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වුණා. ඒ අපේ පක්ෂයෙන් කළ ඉල්ලීමකට අනුවයි. අනතුරුව 2014 පළාත් සභා මැතිවරණයටත්, 2015 මහමැතිවරණයටත් මම ඉදිරිපත් වුණා.
වෛද්‍ය වෘත්තිය සාපේක්ෂව උසස් රැකියාවක් ලෙස සමාජ පිළිගැනීමක් තිබෙනවා. එවැනි රැකියාවක් අතහැර පූර්ණකාලීන දේශපාලනයට පිවිසීමට තීන්දු කිරීම ඔබට අසීරු වුණාද?
ඔව්. ඇත්තටම එය අසීරු තීන්දුවක් වුණා. කෙසේ වුණත් පවුලේ අයගෙන් අම්මා තාත්තා නංගි විශේෂයෙන් බිරියගෙන් මෙම තීන්දුව ගැනීමට අනුමැතිය, සහයෝගය ලැබුණා. සමාජයක් ඉදිරියට යෑමට නම් පුද්ගලයන් ලෙස කැපකිරීම් කළ යුතුයි. නැතහොත් සමාජය ඉදිරියට යන්නෙ නෑ.
ඊළඟ මහමැතිවරණයට තව දින කිහිපයක් පමණයි ඉතිරිව තිබෙන්නේ. විශේෂයෙන්ම ඔබගේ පක්ෂය ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනතා සහයෝගය අපේක්ෂා කරනවා. රටට ශක්තිමත් ආණ්ඩුවක් අවශ්‍ය ඇයි?
අපි භාර ගත්තේ ආර්ථික, දේශපාලනික, සමාජයීය වශයෙන් පරිහානියට පත් වූ බංකොලොත් රටක්. ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් ජාත්‍යන්තර පිළිගැනීම ඉතා පහළට ඇදවැටුණු රටක්. දූෂණය, වංචාව ඉහවහා ගිය රටක්. රෝගියාට තමාට රෝහලින් ලබාදෙන ඖෂධ පිළිබඳව කිසිම විශ්වාසයක් තිබුණේ නැති රටක්. මෙවැනි රටක් ගොඩනැඟීමට සෘජු ශක්තිමත් තීන්දු ගැනීමට අවශ්‍යයි. ආර්ථික සංවර්ධනයට, ජනතාව ආරක්ෂා කිරීමට, ජනතා සුබසාධනයට, දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට, රාජ්‍යතාන්ත්‍රිකව අලුත් ගමනක් යාමට ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍යයි.
එමෙන්ම ශක්තිමත් තීන්දු ගැනීමට අවශ්‍යයි. මෙවැනි ශක්තිමත් තීන්දු ගැනීමට නම් පාර්ලිමේන්තුවේ ප්‍රමාණාත්මක සහ ගුණාත්මක වර්ධනයක් තිබිය යුතුයි. එබැවින් අප රට දේශපාලන, ආර්ථික හා සාමාජයීය අගාධයෙන් ගොඩ ගැනීමට ශක්තිමත් ආණ්ඩුවක් නිර්මාණය කළ යුතුයි. ඒ නිසයි අපි ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍යයි කියලා කියන්නේ.
අප රටේ බිඳවැටුණු දේශපාලන, ආර්ථික හා සමාජයීය අංශ නැවත ගොඩනැඟීමට ජාතික ජන බලවේගයට පැවරී තිබෙනවා. රටේ ආර්ථික සංවර්ධනය ඇති කිරීම සඳහා ඉදිරිපත් කරන වැඩපිළිවෙළ කුමක්ද?
1948න් පසු රට පාලනය කළ පාලකයා ලෝක වෙෙළඳපොළට ගැළපෙන නිෂ්පාදන ආර්ථිකයක් ඇති කරන්න අසමත් වුණා. ඒ වගේම ඒ වන විට රටේ පැවති ප්‍රාථමික නිෂ්පාදන නවීකරණය කරන්න පාලකයා අසමත් වුණා. 1948ට පෙර රටේ පැවති යම් නිෂ්පාදන අසීරුවෙන් හෝ 1977 දක්වා පවත්වගෙන ආවා. 1977 දී දේශීය නිෂ්පාදන ගැන නොසිතා රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම විවෘත කිරීම මඟින් දේශීය නිෂ්පාදන කඩාවැටුණා. මෙහි ප්‍රතිඵලයක් ලෙස අද වන විට සංචාරක කලාපවල අලෙවි වන ලංකා කොඩිය, බුදුපිළිමය, ලංකා සිතියම වෙනත් විසිතුරු සමරු ආදී සියල්ල චීනය, ඉන්දියාව ඇතුළු වෙනත් රටවලින් ආනයනය කරනවා. ගමේ අපි දන්න පළාත්වල නිෂ්පාදනය කරපු කොහු ඉදල් තිබ්බා. ඒ කර්මාන්තය බිඳවැටුණා. අද ඒ තැන්වල අලෙවි කරන්නේ චීනයේ නිෂ්පාදනය කරපු කොහු ඉදල්.
එයයි තත්ත්වය. අද ඒ දේශීය නිෂ්පාදන ඉහළ දැමීමේ අරමුණින් නිෂ්පාදන කේන්ද්‍රීය ආර්ථිකයක් ඇති කළ යුතුයි. අද වන විට සිදු කරන සියලු ආනයන නවතා ඒ සියල්ල රට තුළ නිෂ්පාදනය කිරීමට හැකියාවක් නැහැ. නමුත් රට තුළ නිෂ්පාදන කළ හැකි භාණ්ඩ හඳුනාගෙන සැලසුම් සහගතව එම භාණ්ඩ රට තුළ නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළක් හඳුන්වා දෙනවා. රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට නම් එවැනි නිෂ්පාදන ආර්ථිකයක් ඇති කළ යුතුමයි.
ඊට අමතරව තවත් කළ යුතු දේ තිබේද?
කොවිඩ් වසංගතයත් සමඟ සැපයුම් දාම අවහිර වීමෙන් ලෝකයේ බොහෝ රටවල නිෂ්පාදන ආර්ථිකයට දැඩි බලපෑමක් සිදුවුණා. මේ නිසා බොහෝ රටවල් දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා සැලසුම් සකස් කළා. භූමිය සහ ජලය ඉතා සීමිත වුවත් සිංගප්පූරුව පවා 2030දී රටේ ආහාර අවශ්‍යතාවෙන් 30%ක් රට තුළ නිෂ්පාදනය කරන්න ඉලක්ක කොට තිබෙනවා. අපිත් ඒ වගේ නැවතිය ඇති ලෝක සැපයුම්දාමයට යළි එක් විය යුතුයි.
අප රටේ බිඳ වැටුණු දේශපාලන, ආර්ථික හා සමාජයීය අංශ නැවත ගොඩනැඟීමට ජාතික ජන බලවේගයට පැවරී තිබෙනවා. රටේ ආර්ථික සංවර්ධනය ඇති කිරීම සඳහා ඉදිරිපත් කරන වැඩපිළිවෙළ කුමක්ද?
1948න් පසු රට පාලනය කළ පාලකයා ලෝක වෙළඳපොළට ගැළපෙන නිෂ්පාදන ආර්ථිකයක් ඇති කරන්න අසමත් වුණා. ඒ වගේම ඒ වන විට රටේ පැවති ප්‍රාථමික නිෂ්පාදන නවීකරණය කරන්න පාලකයා අසමත් වුණා. 1948ට පෙර රටේ පැවති යම් නිෂ්පාදන අසීරුවෙන් හෝ 1977 දක්වා පවත්වා ගෙන ආවා. 1977 දී දේශීය නිෂ්පාදන ගැන නොසිතා රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම විවෘත කිරීම මඟින් දේශීය නිෂ්පාදන කඩා වැටුණා. මෙහි ප්‍රතිඵලයක් ලෙස අද වන විට සංචාරක කලාපවල අලෙවි වන ලංකා කොඩිය, බුදු පිළිමය, ලංකා සිතියම වෙනත් විසිතුරු සමරු ආදී සියල්ල චීනය, ඉන්දියාව ඇතුළු වෙනත් රටවලින් ආනයනය කරනවා. ගමේ අපි දන්න පළාත්වල නිෂ්පාදනය කරපු කොහු ඉදල් තිබ්බා. ඒ කර්මාන්තය බිඳ වැටුණා. අද ඒ තැන්වල අලෙවි කරන්නේ චීනයේ නිෂ්පාදනය කරපු කොහු ඉදල්.
එයයි තත්ත්වය. අද ඒ දේශීය නිෂ්පාදන ඉහළ දැමීමේ අරමුණින් නිෂ්පාදන කේන්ද්‍රීය ආර්ථිකයක් ඇති කළ යුතුයි. අද වන විට සිදුකරන සියලු ආනයන නවතා ඒ සියල්ල රට තුළ නිෂ්පාදනය කිරීමට හැකියාවක් නැහැ. නමුත් රට තුළ නිෂ්පාදන කළ හැකි භාණ්ඩ හඳුනාගෙන සැලසුම් සහගතව එම භාණ්ඩ රට තුළ නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළක් හඳුන්වා දෙනවා. රටේ ආර්ථිකයේ ශක්තිමත් කිරීමට නම් එවැනි නිෂ්පාදන ආර්ථිකයක් ඇති කළ යුතුමයි.
අපේ රට ස්වාභාවික සම්පත් රාශියක් තිබෙන ලස්සන රටක්. එය ආර්ථික දියුණුවට යොදාගත යුතුයි නේද? රට ලස්සන කළ යුතු නේද?
ඔව්. අපි අපේ රට ලස්සන කළ යුතුයි. පිරිසිදු ශ්‍රී ලංකාව (Clean Sri Lanka) වැඩසටහන යටතේ කුණු ඉවත් කිරීම පමණක් නොව ලංකාව ලස්සන කිරීම, විනයගරුක මෙන්ම නීතිගරුක රටක් නිර්මාණය කිරීමට සැලසුම් කර තිබෙනවා.
මෙය සතියක දෙකක මෙහෙයුමක් නොවේ. අධ්‍යාපනය හා සම්බන්ධ වූ ජාතික වැඩපිළිවෙළක්. පුරවැසියන්ට රට පිරිසුදුව තබා ගැනීමට, විනයගරුකව, නීතිගරුකව ජීවත්වීමට නිරායාසයෙන්ම පොලඹවන පරිසරයක් නිර්මාණය කරනවා.
රටේ ජනතාව ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරයකු පත්කරගැනීම වෙනුවෙන් තැබූ විශ්වාසය ආරක්ෂා කළ හැකි වේද?
අපට බලය ලැබුණේ දූෂණයෙන් තොර රටක් සෑදීම වෙනුවෙන්. අද ලෝක ප්‍රජාව අපගේ ජනාධිපති හඳුන්වන්නේ දූෂණයට එරෙහි ජනපති ලෙසයි. මේ නිසා ලෝක නායකයන් බහුතරයක් අප සමඟ සුහදව වැඩ කිරීමට ඉදිරිපත් වී තිබෙනවා. එමෙන්ම වසර ගණනාවක් ඇනහිට තිබූ ව්‍යාපෘති නැවත ආරම්භ කරන්නට සාකච්ඡා ආරම්භ වී තිබෙනවා. පසුගිය ආණ්ඩු සමයේ අත්හිටුවූ ජපාන ව්‍යාපෘති එකොළහක් යළි ක්‍රියාත්මක කරන්න අවශ්‍ය සාකච්ඡාවලට එළැඹී තිබෙනවා. එමෙන්ම මෙම ව්‍යාපෘතිවලින් යම් යම් ව්‍යාපෘති ආරම්භ කරන්න ගිවිසුම් අත්සන් කළා. ඒ යටතේ ඩිජිටල්කරණ ව්‍යාපෘතිය සහ කටුනායක ගුවන් තොටුපළ නවීකරණ ව්‍යාපෘතිය නැවත ආරම්භ කරනවා. මෙයින් පෙනී යන්නේ දූෂණ විරෝධී ආණ්ඩුවකට ලෝක ප්‍රජාව උදව් කරන බව.
රටට ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍යද?
මේ තාක් රට පාලනය කළ පක්ෂ ව්‍යවස්ථාව තමන්ගේ බලය වැඩි කර ගැනීමේ මෙවලමක් ලෙස භාවිත කර තිබෙනවා. මේ නිසා රටට හිතැති, ජනතාවට හිතැති පොදු ව්‍යවස්ථාවක අවශ්‍යතාව පෙනී යනවා. ජනතාවගේ සමාජ, දේශපාලනික අයිතිය ආරක්ෂා කිරීමට, වර්ධනය කිරීමට අපට අවස්ථා සංශෝධනයක් අවශ්‍යයි. එනමුත් එය කඩිනමින් කිරීමට අපි අපේක්ෂා කරන්නේ නැහැ. ජනතාව අතර ව්‍යවස්ථා කෙටුම්පත ප්‍රමාණවත් කාලයක් සාකච්ඡා කර පාර්ලිමේන්තුවට ගෙන ඒමට අපි කටයුතු කරනවා.
මීට පෙර අපේ රටේ තිබ්බේ ජනතාව සමඟ කතා කළ ව්‍යවස්ථාවක් නෙවෙයි. අපි ජන මතයට අවශ්‍ය ව්‍යවස්ථාවක් රටට හඳුන්වා දෙනවා.
ඡායාරූපය – විමල් කරුණාතිලක
ජයසිරි මුණසිංහ