Home » ඔහුට අවශ්‍ය දැන් ඔබේ ආදරයයි

ඔහුට අවශ්‍ය දැන් ඔබේ ආදරයයි

by Mahesh Lakehouse
November 2, 2024 12:30 am 0 comment

නැසීගිය චිත්‍රපට නළු ගායන ශිල්පී විජය කුමාරතුංගයන් හා ගායන ශිල්පී චන්ද්‍රිකා පෙරේරා ගයන “සැරයටියෙන් අපි යනෙන තුරා“ සෝමපාල ලීලානන්ද නම් වූ ගී පද රචකයා මේ ගීතය ලියන්නේ තරුණු වියේදීය . දැන් ඔහු මේ ගෙවමින් සිටින්නේ අසූවැනි වියයි. ඔහුගේ ප්‍රිය බිරිh ඔහුව ආදරයෙන් රැක බලා ගනී. නමුදු ඒ හුදකලාව තනිකම පාළුව මකාදැමිය හැක්කේ එදවස පමණක් නොව තවමත් ඔහුගේ ගී පද නිර්මාණවලට පෙම්බඳින රසික ඔබටම පමණි.

දෙදහස් ගණන්වල මැදභාගය දක්වාම පත්තර මහගෙදරට කලාකරුවෝ නිතර ආ ගියහ. එසේ පැමිණි කලාකරුවන් අතරින් අමතක නොවන කෙනෙක් වන්නේ ප්‍රවීණ ගේය පද රචක සෝමපාල ලීලානන්දයන්ය. ඔහු බොහෝ සොඳුරු මිනිසෙකි. බොහෝ ජනප්‍රිය ගී රැසක පද රචකයා වන ඔහුට ගායක ගායිකාවන් පිළිබඳ හොඳ මතක සටහන්ද තිබිණි. අදටත් ඉඳහිට ගුවන්විදුලියෙන් ඇසෙන මේ ගීවල පද රචකයා වන්නේ ද ඔහුය.

“අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ටා, බඹරා වගේ මට තවම විසේ,

තනියේ ආවාරේ ඇසුණා ගී රාවේ, පාට පොදක් තිලකලා නළල් තලාවේ”

මල් වයසේ මධු සිහිනේ, පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ, වාසනාව දොර ඇරලා බලනවා, කැන්දන් යන්නම් රන්මල් මාලා දාලා, පෙම්වතියන්නේ පෙම්වතියන්නෙ, බිලිඳුනේ දරුවනේ පැලෙත් රජ මැදුරේ, මේ අහල්ලා අහල්ලා මගේ තාලේ, නිල්ල නඟන ස්වර්ණ කිකිනි රාවේ, සිටු මැදුරේ හෝ පුංචි පැලේ, යෞවන උයනේ ආදි හැත්තෑව, අසූව, අනූව දශකයන්හි බිහි වූ මේ ගී රැසේම රචකයා ඔහුය. ගීත ලිවීමෙන් පමණක් නොනැවතුණ ඔහු එදවස සිනමා ශාලාවලට සෙනඟ අද්දා ගන්නට චිත්‍රපට ප්‍රචාරණය සඳහා අපූරු වදන් ලියූවෙකි.

මේ ඔහුගේ පෑන්තුඩින් ලියැවුණ එවන් වදන් කිහිපයකි.

“සප්ත කන්‍යා කඳුයායේ රාව ප්‍රතිරාව නඟන හීන කුලයේ පෙම්වතියකගේ කඳුළු කතාව” (මධු සිහින)

“ලොව කිසිම ගැහැනියකට මෙවන් විපතක් නොවේවා” (මිහිදුම් සළු)

“සටන අයුක්තියට එරෙහිව නම්, ජය එතැන වනු ඇත” (සුර දූතියෝ)

“සටන් බිම මලින් සැරසූ මල් කුමරියකගේ කතාව” (සසර චේතනා )

“ඔබේ නුවන් යුග නිවී ගියා යැයි නොහඬන් අයියණ්ඩි, දිවි ඇති තුරා මා ඔබේ දෙනෙත වෙන්නම්”(චංචල රේඛා).

ඔහු ගී ලියූ පළමු චිත්‍රපටය වන්නේ සඳහටම ඔබ මගේ චිත්‍රපටයයි. පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ සහ වාසනාව දොර ඇරලා බලනවා යන ගී ලියැවෙන්නේ එම චිත්‍රපටය වෙනුවෙනි.

ඉන් අනතුරුව “කස්තුරි සුවඳ, නිල්ල සොයා, චණ්ඩි පුතා, මල් කැකුළු, චංචල රේකා, මිහිදුම් සිහින, ඈතින් ඈතට, මධු සිහින, සත්‍යා, ත්‍රි ශුලේ, යළි හමුවෙන්නයි, අහිංසා, පාරාදීසේ, ආත්මා, රජ දරුවෝ, සුසීමා ආදි චිත්‍රපට ඒ අතර වේ.

එක්දහස් නවසිය හතළිස් හතරේ ජූලි 14 වන දා උපන් සෝමපාල ලීලානන්දයන් මේ වන විට අසූවැනි වියෙහි පසුවේ. යොවුන් වියේදි සිංහල සිනමාව වෙනුවෙන් සිය පැ‍ෙනන් පෙළහර පෑ රසික සිත් පිනවූ ඔහු දැන් හිදින්නේ බොහෝ වියපත්වය. පෙර මෙන් පැහැදිලිව කතා කරන්නට දැන් ඔහුට අපහසුය. දැන් ඔහුට ජීවය අරන් අප ඔහු නිවෙසට යා යූතුය. තනිව හුදකලාවේ ගත කරන ඔහුට අවශ්‍ය ඔබේ ආදරයයි. හැකිනම් කෙනෙකුට එහි යන්නට ලිපිනය මේ සමඟ අමුණමි.

සෝමපාල ලීලානන්ද 
අංක 74 ජී, 
ශ්‍රී සාරලංකාර මාවත, 
පාලගම, පොල්ගස්ඕවිට

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division