තාරකා විද්‍යාව කියන්නේ සත්‍යවශයෙන්ම ලොකු කුඩා සැමගේ ම සිත් ඇදබැඳ තබා ගැනීම ට සමත්වන අපූරු විෂය ක්ෂේත්රයක් කිව්වොත් නිවැරදියි. පුරාණ බැබිලෝනියානු, මෙසපොතේමියානු ආදි ශිෂ්ටාචාරයන්ගෙන් පන්නරය ලැබූ මෙම විෂය පථය අද වන විට පැමිණ තිබෙන ගමන ඇත්තවශයෙන්ම ඉතාමත් විස්මයජනකයි. මිනිසාගේ කුතුහලයේ සහ කුසලතාවයේ ප්‍රතිඵලයක් වශයෙන් ලොවටදායාද වුණු තාරකා විද්‍යාව විෂය ක්ෂේත්රයේ එක්තරා පැතිකඩක් වන අභ්‍යවකාශ තරණය සහ රොකට් තාක්ෂණය මේ වන විට අත්කරගෙන තිබෙන වේගවත් දියුණුව ඒ අතරින් කැපී පෙනෙන කාරණයකි. අතීතයේදී තාරකා විද්‍යා ගවේෂණ කටයුතු සඳහා රාජ්‍ය ආයතන පමණක් සහභාගී වුවද, වර්තමානය වන විට තාරකා විද්‍යාවට ලෝකවාසීන් දක්වන දැඩි උනන්දුව නිසාම ඇතැම් පුද්ගලික ආයතන පවා තාරකා විද්‍යා ගවේෂණ කටයුතුවලට සහ යෝගය දක්වන වා ඔබට අසන්නට ලැබී ඇත.
අද මෙම ලිපියෙන් අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ ලොව පුරා විහිදී පවතින මෙවන් ආයතන අතරින් ප්‍රධානතම ආයතනයක් වන, ලෝක ධනවතෙක් වන Elon Musk හට අයත් “SpaceX” අභ්‍යවකාශ ආයතනය මෑතකදී අභ්යවකාශතරණ ක්ෂේත්රයේ සිදුකළ අදහාගත නොහැකි පෙරළිය පිළිබඳවයි.
වර්ෂ1971දී උපත ලද Elon Musk රොකට් තාක්ෂණයට ඇති කැමැත්ත නිසාම 2002වසරේදී SpaceX නමින් තම අභ්‍යවකාශ ගවේෂණ ආයතනය ආරම්භ කළේය. අභ්‍යවකාශ ගවේෂණයට වැයවන වියදම අවම කිරීම සහ පෘථිවියට අසල්වාසී ග්රහලොවක් වන අඟහරු ග්‍රහයා ජනාවාස කිරීම යන අරමුණු මීට ප්‍රධාන වශයෙන් හේතු වූ බවයි ඔහු පවසා තිබෙන්නේ.
නමුත් Elon Musk පැමිණිගමන සුළුපටු එකක් නොවීය. තම ආයතනය වන SpaceX මඟින් නිපදවූ ප්‍රථම රොකට්ටුව වන Falcon 1රොකට්ටුව 2006 වසරේදී දියත් කළ නමුත්, දියත් කිරීමෙන් තත්පර කිහිපයකට පසු එය පුපුරා ගියේ ඉන්ධන කාන්දුවීමක් නිසාවෙනි. තවද ඔවුන්ගේ Falcon 1රොකට්ටුව පිටපිටම තෙවරක් අසාර්ථක වූයේ Elon Muskගේ බලාපොරොත්තු පිළිබඳව දෙවතාවක් ඔහුට සිතීමට ඉඩ සලසමිනි. නමුත් කිසිසේත්ම පරාජය භාර ගැනීමට අකමැතිවූ Elon Muskට එම රොකට්ටු වේ සිව්වන දියත් කිරීමේදී එය සාර්ථකව කක්ෂගත කර ගැනීමට හැකිවුණු අතර එතැන් පටන් අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම්පළ (ISS) වෙත භාණ්ඩ ප්‍රවාහනය කිරීමට අවශ්‍ය රොකට් සැපයීමද සිදු කෙරිණි.
SpaceX ආයතනය සිදුකළ ඇදහිය නොහැකි වික්‍රමාන්විත අතරින් ප්‍රධානතම වික්‍රමාන්විතයක් වන්නේ නැවත භාවිතයට ගත හැකිවන පරිදි රොකට් නිර්මාණය කිරීමයි. රොකට්ටුවක් නිර්මාණය කිරීම සඳහා අෙමරිකානු ඩොලර් බිලියනයකට (ශ්‍රී ලංකා රු. 294, 003,418,000.00) අධික මුදලක් වැයවන අතර SpaceX ආයතනය නිර්මාණය කළ ලොව ප්‍රථමවරට නැවත භාවිත කළ හැකි රොකට්ටුව වන Falcon 9රොකට්ටුව මඟින් එම වියදම සාර්ථක ලෙස අවමයකට ගෙන ඒමට හැකියාව ලැබිණි. මෙම රොකට්ටුව නැවත භාවිතයට ගැනීමට හැකිවී ඇත්තේ එහි ඇති නැවත ගොඩබැසීමේ ක්‍රියාවලිය නිසාවෙනි. මෙය එම රොකට්ටුවට සවිකර තිබෙන විශේෂ උපකරණ ආධාරයෙන් ඉතා පහසුවෙන් සිදුකර ගැනීමට SpaceX ආයතනයට හැකිවිය.
මෙලෙස නැවත භාවිතයට ගතහැකි රොකට් සඳහා විශේෂ පෙරළියක් එක් කරමින් SpaceX ආයතනය අනාගතයට නවපිම්මක් පැනීමට සාර්ථක වූයේ ලොවම මවිතයට පත් කරවමිනි. 2024 ඔක්තෝම්බර් 13වන දින තම සමාගම සතු බලවත්ම රොකට්ටුව වන Starship රොකට්ටුව දියත් කිරීමෙන් පසු එහි දහන එන්ජින් සමන්විත ප්‍රධාන අංගය වන “Super Heavy” බූස්ටර් කොටස නැවත වතාවක් සාර්ථක අන්දමින් දියත් කිරීමේ කුලුන මත සවිකර තිබුණු “Mechazilla” නොහොත් “chopsticks” ලෙස හඳුන්වනු ලබන යාන්ත්‍රික අත් (mechanical arms) යොදා ගනිමින් නැවත අල්ලා ගැනීමට හැකියාව ලැබුණි. උසින් මීටර් 71ක් සහ මීටර් 9විශ්කම්භයක් සහිත මෙම බූස්ටර් කොටසට SpaceX ආයතනයේ නව තම නිපැයුම වන රැප්ටර් එන්ජින් (Raptor engines) 33සවිකර තිබුණි. SpaceX ආයතනය සතු බලවත්ම එන්ජින් වර්ගය වන රැප්ටර් එන්ජින් එකක් මඟින් නිව්ටන්2,253,000ක තෙරපුම් බලයක් ලබා දීමට හැකි වී තිබේ.
මෙම සාර්ථක පරීක්ෂණය SpaceX සහNASA ආයතන එක් වී සිදුකරන සඳ ගවේෂණය සඳහා වන ආර්ටෙමිස් (Artemis) මෙහෙයුමට සහය වීමට සහ අවසානයේ අඟහරු වෙත සිදු කිරීමට නියමිත මෙහෙයුම් ගණනාවකට සාර්ථක ලෙස මඟපෙන්වීමට හැකියාව ලබාදෙනු ඇතැයි සියලුදෙනා විශ්වාස කරති. සැබැවින්ම මෙම ජයග්‍රහණය අභ්යවකාශතරණයේ අනාගතය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට හැකියාව ලබාදෙන අතරSpaceX ආයතනය සතු බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීමට මඟපාදනවා ඇත.
රුසිරු හසිත්