1.5K
මේ දිනවල පවත්නා අධික වර්ෂාව නිසා ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම වැඩි වී තිබේ. ඩෙංගු පැතිර යාමට හේතු වී ඇත්තේ මහජනතාවගේම නොසැලකිල්ලය. ඉවක් බවක් නොමැතිව ජලය එක්රැස් වන්නට ඉඩ හැරීම නිසා මේ උවදුර මැඬ
පැවැත්වීම අසීරු වී ඇත. කැලණිය වරාගොඩ ප්‍රදේශයේ ඩෙංගු රෝගයේ ව්‍යාප්තිය වැඩිවීම නිසා මහජන සෞඛ්‍ය
පරීක්ෂකවරුන් පසුගියදා එම ප්‍රදේශයේ නිවාස හා වැඩබිම් රැසක් පරීක්ෂා කළ අතර එහිදී නොසැලකිල්ලෙන් ජලය එක්රැස් වන්නට ඉඩහැර තිබූ කාන්තාවකට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අවවාද කළේ කුඩා දරුවන්ගේ අනාගතය පවා මෙවන් නොසැලකිලිමත්කම් නිසා අහිමි වන බව පවසමිනි. •සේයාරුව – විමල් කරුණාතිලක